(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
විදේශීය ආධාර මත උරගස්මංහන්දිය පවත්වාගෙන යනු ලබන පාසලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකුට එහි විදුහල්පතිනිය සහ පාලකවරිය බව කියන විදේශීය කාන්තාවක් වේවැලකින් පහර දුන් බව කියමින් එම සිසුවියන් තිදෙනා ගෝනදූව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව උරගස්මංහන්දිය පොලීසිය පවසයි.
මෙසේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ අවුරුදු 10 12 සහ 14 යන වයස්වල පසුවන සිසුවියෝ තිදෙනෙකි.
පාසලේ වතුර කරාමයක් කඩා දැමූ බවට චෝදනා කරමින් මෙම බාලවයස්කාර සිසුවියන් තිදෙනාට වේවැලකින්පහරදී ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම බාලවයස්කාර සිසුවියන්ගේ මවුපියන් මේ බව උරගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර ඇත.
ලැබී ඇති පැමිණිලි අනුව මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුහල්පතිනිය බාලවයස්කරුවනට තඩිබාලා
චින්තක Saturday, 14 January 2023 04:42 AM
හැදිනොගා උයපු හොද්දත් වරදට දඩුවම් නොදී හදපු ළමයාත් එකවගේ කියනවානේද? ඒක එහෙම වුනත් දරුවන්ට දඩුවම් දෙන්න එපා කියන නීති ක්‍රියාත්මක කරන්න කියන විදේශිකයන් ඒවා ක්‍රියාත්මක කරන්නෙ නැහැ. සාර්ථක කෙනෙක් ඇතිවීමට හොද නරක තේරුම් ගැනීමට හැකියාව තියෙන්න ඕන. ඒකට වරදක් කලානම් දඩුවම් දෙන්නත් ඕන. මගේ අදහසට අන්ලයික් පමණක් ලැබෙන්න පුළුවන්. ඒත් මම නම් කියන්නෙ ඔය ළමයින් තිදෙනාගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වීම කාටවත් වලක්වන්න බැහැ.
පිටිගල මිලානෝ Saturday, 14 January 2023 06:50 PM
මෙය මානව අයිතිනාසිකම් උල්ලංඝනය කිරීමක්. ගුරුවරු ඉන්නේ උගන්වන්න මිසක් ගහන්න නෙවෙයි.