IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


විදෙස් තානාපති සේවයේ 16ක් යළි ගෙන්වයි

ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන දේශපාලන පත්වීම් ලැබූ 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට රජය තීරණය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

බ්‍රිතාන්‍යය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ජපානය, ඉරානය, පාකිස්තානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, සීෂෙල්ස්, මැලේසියාව, කෙන්යාව, මාලදිවයින, ඉන්දුනීසියාව සහ කියුබාව යන රටවල සේවය කරන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් මෙන්ම නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට ආපසු කැඳවීමට තීරණය කර ඇතැයි පැවැසෙයි.

ඉහත රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්ට එළැඹෙන දෙසැම්බර් මාසය වන සිට සිය රාජකාරී කටයුතු අවසන් කරන ලෙස දැනුම්දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අවශ්‍යතා මත පුරප්පාඩු වන ධුර සඳහා විදේශ සේවයෙන් සහ අනෙකුත් වෘත්තීයන්ගෙන් බඳවා ගැනීම් සිදු කිරීමටද බලාපොරොත්තු වන බව ඔහු පැවැසුවේය.

ඉදිරියේදී තානාපතිවරුන්ට සහ මහා කොමසාරිස්වරුන්ට විශේෂ කාර්යයන් පැවරෙනු ඇති බවත් ඒ අතරට නව රැකියා අවස්ථා සොයා බැලීම, ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජනයන් ගෙන්වා ගැනීම සහ ශ්‍රී ලංකාව සඳහා නව වෙළඳපොළ හඳුනාගැනීම් සිදු කිරීම ඒ අතර වන බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ මහතාට දිගටම එම ධුරයේ කටයුතු කරන ලෙස දන්වා ඇති බවද ඔහු පැවැසුවේය.

තවද සේවයේ නියුතු කොන්සියුලර් ජෙනරාල්වරුන් ඇතුළුව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 16 දෙනකුගේ පත්වීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමටද ජනාධිපති ලේකම් කාර්යාලය තීරණය කර ඇත.

 



අදහස් (7)

විදෙස් තානාපති සේවයේ 16ක් යළි ගෙන්වයි

සෙනෙවිරත්න Sunday, 03 November 2024 10:43 PM

ඕක තමයි විය යුත්ත. ඒවා වෙනවා වෙන බව දැනෙනවා පේනවා. තානාපතිවරු සැප ගන්න ගිහින් තානාපති මුක්තිය ප්‍රයෝජනයට ගෙන අවර ගනයේ වැඩ තමයි කලේ. රටට නව ආයෝජන රැකියා ⁣වෙළඳ අවස්ථා සොයනවා වෙනුවට ලිංගික කාර්යන් කරන අය තමයි හිටියේ. හාල් සහ පොල් ගැන අඬා වැටෙන අය සහ පලපුරුද්ද ගැන බයිලා කියන කල්පනාව අඩු මහල්ලා විශ්වාස කරන අයටයි මේ මතක් කරන්නේ...

:       0       0

Saman Monday, 04 November 2024 02:24 AM

අනේ මන්දා රිවස් කරන්න හරිම දක්ෂයි. මුරකුටි කඩනවා. හදනවා වගේ තමයි. මාර ලොකු වැඩ කරන්නේ...

:       0       0

යෝගා Monday, 04 November 2024 08:39 AM

ඇමෙරිකාවේ සිටින තානාපතිව විතරක් ආපසු කැඳවන්නේ නැත්තේ ඇයි? ජූලි චංගේ නියෝගයක් නිසාද? එහෙම නැත්නම් ඔහු මේ දිනවල පාලයකුගේ ලොකු කොන්ත්‍රාත්තුවක් කරන නිසාද?

:       3       14

Asanga thiththagalla gamage Monday, 04 November 2024 10:00 AM

මුනුත් පලි ගැනීම් තමයි කරන්නෙ. මහ මැතිවරනය ඉවරවෙනකම් මේ අයට ඒ වගේ දෙයක් කරන්න බැරිය.

:       25       83

Sugath Monday, 04 November 2024 10:33 AM

මෙය පළිගැනීමක් නොවේ, මෙය හුදෙක් අදක්ෂ නිලධාරීන් ආපසු ඉල්ලා සිටීමකි. මෙම නිලධාරීන් RW / ගෝඨා විසින් පත්කරනු ලැබුවේ ඥාති සංග්‍රහය සහ දේශපාලන සම්බන්ධතා මත මිස දක්ෂතාවය සහ අධ්‍යාපනය මත නොවේ. කරුණාකර එය තේරුම් ගන්න. 2.50 බයියෝ දැන් කියනවා AKD පළිගන්නවා කියලා... හරිම මෝඩ බයියෝ සහ ටොයියෝ...

:       0       0

manjula Monday, 04 November 2024 11:34 AM

ඊට හොඳ තීරණයක්. වැඩකරන මිනිස්සු ටික යවන්න. දේශපාලන බලපෑමක් නැතිව.

:       2       0

අමල් Monday, 04 November 2024 04:26 PM

ඔය කියන 16 දෙනා අතරේ, අනුන්ගේ සින්දු කියන මාලිමාවේ ගොට්ටා - නදීක ගුරුගේගේ බිරිඳත් ඉන්නවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 100 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site