IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදේශ සේවයත් කණපිට පෙරළයි

නව රජය යටතේ වෙළඳ, සංචාරක හා අයෝජන ප‍්‍රවර්ධනය කේන්ද්‍ර කර ගත් රාජ්‍යතාන්ත‍්‍රික ආර්ථික ප‍්‍රතිපත්තියක් ශ්‍රී ලංකා විදේශ සේවයට හඳුන්වාදෙන බව නව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

අමාත්‍ය ධූරයේ අද (24) වැඩ බාර ගනිමින් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම අදහස් දැක්වීය.

අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප‍්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කරන බවයි.

ජාත්‍යන්තර ප‍්‍රජාව විසින් ඉකුත් ජනවාරි 8 වැනිදා සිදුකළ විප්ලවයෙන් ලංකාවට ලබාදුන් අති විශාල කීර්තිය තව තවත් ගොඩ නඟමින් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවර දේශපාලන පසුබිම මෙවර පැවති මහමැතිවරණයේ ජනතාව ලබාදුන් ජනවරමෙන් පැහැදිලි බවද අමාත්‍ය සමරවීර මහතා කියා සිටියේය.

මෙවර මහමැතිවරණයෙන් මාතර දිස්ත‍්‍රික්කයේ වැඩිම දෙවැනි මනාප ලබා ගනිමින් නව රජයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් සමරවීර මහතා එම අමාත්‍ය ධූරය දරණ තෙවැනි අවස්ථාව මෙයයි.



අදහස් (0)

විදේශ සේවයත් කණපිට පෙරළයි

සේපාල Monday, 24 August 2015 05:32 PM

ජනතා මනාප ගැන නම් කතාකරන්න එපා (නි)

:       0       0

ගෞරියෙල් Monday, 24 August 2015 05:53 PM

මේ කණපිට පෙරළෙන දවස ගැන සාත්තරයක් කියන්න කෙනෙක් නැද්ද? (නි)

:       0       0

අකලංක Tuesday, 25 August 2015 12:30 AM

බොහොම හොඳයි (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 25 August 2015 12:43 AM

කණපිට ගැහුවහම ඒත් අපිට හොඳයි.අනේද කියන්නේ? බලනකොට කාගේත් වැඩි වෙනසක් නැහැනේ. (නි)

:       0       0

කැප්පෙටිපොළ Tuesday, 25 August 2015 01:07 AM

එයාට මේ තනතුර දුන්නාට මම නම් කිසිසේත්ම කැමති නැහැ (නි)

:       0       0

සත්‍යයා Tuesday, 25 August 2015 01:27 AM

කතාව නම් දෝලාවෙන් යන්න වෙන්නේ කකුල් දෙකෙන්... මිනිසුන් රවටන්න උපන් ඇමතිලාගේ ඉන්නේ. (නි)

:       0       0

මහේෂ් Tuesday, 25 August 2015 01:39 AM

හොඳ දෙයක්. විදේශීය දුත මණ්ඩල වල ඉන්න හොරු ගෙදර යවන්න. ඒවා සුද්ද කරලා වැඩ පටන් ගන්න. රජයට වගකියන දුත මණ්ඩලයක් පත්කරගන්න (නි)

:       0       0

රකිත් Tuesday, 25 August 2015 02:06 AM

අර කණපිට පෙරළෙණ කතාවට නම් මමත් කැමතියි (නි)

:       0       0

දිලිප් Tuesday, 25 August 2015 04:27 AM

පසුගිය රජය යටතේ විදේශීය දුත මණ්ඩල සදහා පැවති බදවාගැනීමේ ක්‍රමවේද වලට පිටින් නුසුදුස්සන්ව දේශපාලන පත්වීම් රාශියක් වශයෙන් සිදු කර විදේශ සේවය තුල බරපතල කඩා වැටීමකට ලක් කර ඇත. (හේ)

:       0       0

විජය ගුණතිලක Tuesday, 25 August 2015 04:29 AM

දේශපාලන පත්කිරීම නිසා අසාධාරණයට ලක්වූ ඉහල නිලධාරීන් සහනයන් ලගා කරගනිම්න් සිටියත් පහල නිලධාරීන් ගැන අවධානය යොමු නොකරන්නේ මන්ද? (හේ)

:       0       0

දහම් Monday, 24 August 2015 01:10 PM

හරියට හරි. කණපිට පෙරලෙයි කියලා අපිටත් හිතෙනවා.(හේ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 25 August 2015 04:45 AM

මැකෝගේ නීති විදේශ අමාත්‍යාංශයට අදාල නැතිද? කියලා අහනවා, මැතිවරණ කාලයේ පත් කිරීම් මාරු කිරීම් පහකිරීම් බොරු කිරීම් ගැන සෙවිය යුතුද (බ)

:       0       0

සළුවඩන Monday, 24 August 2015 01:23 PM

ජයවේවා ! (බ)

:       0       0

ලලිත් Monday, 24 August 2015 01:40 PM

එතකොට පලවෙනිතනට මනාප ගත්ත බුද්ධික පතිරණට මොකද වෙන්නේ ?(හේ)

:       0       0

තිස්ස Tuesday, 25 August 2015 05:36 AM

ඉස්සෙල්ල තිබුන පිට කණපිට කරන්න ඕනේ තමා. ඉස්සෙල්ල තිබුනේ නෑ දැන් පිට නේ (බ)

:       0       0

විජයබාහු Monday, 24 August 2015 04:08 PM

ඔව් ඔව්. ඒ අවස්ථාව දෙන්න ඕනෑ මෙයාට (නි)

:       0       0

කමල් Monday, 24 August 2015 04:56 PM

දහම්, කුහක වෙන්න එපා. රට දියුණු කිරීමට හොඳ අවස්ථාවක්. (නි)

:       0       0

ඉන්දික Monday, 24 August 2015 05:15 PM

පළවෙනියට මනාප ගත් බුද්ධිකට මමත් කැමතියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site