IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදේශ සේවයට අලුතින් නිලධාරීහු හතළිහක්

(සුජිත් හේවාජුලිගේ)

විදේශ සේවයේ පුරප්පාඩු 40ක් ළගදීම පුරවන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී පැවති එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

විදේශ සේවය සඳහා 2018 වසරේ සිට නිලධාරීන් බඳවා ගැනීම් කර නැතැයි වාර්තා වේ.

එබැවින් විදේශ සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා ජුලි මාසය වනවිට 40 දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීවේය.

සිය සේවාවන් සිදු කරගැනීමට විදේශ තානාපති කාර්යාලවලට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට බොහෝ වෙලාවක් දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදුවන බවට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කරන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

 



අදහස් (2)

විදේශ සේවයට අලුතින් නිලධාරීහු හතළිහක්

de silva Sunday, 20 November 2022 01:08 PM

කරුණාකර වැඩිපුර ඉන්න රජයේ සේවකයෝ ටිකක් එම වැඩේට යවන්න.

:       0       7

Kumar (Gulf) Sunday, 20 November 2022 06:22 PM

Not 40, even they send additional 400, nothing will happen with, Sri Lanka carpeted embassy service, it will be only waste of country money. Sri Lanka Embassy officers are a Mafia bulling the people going to the embassies for help.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site