IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විදේශ සංචාරකයන්ට කොළඹ වරායේ පහසුකම් වැඩි කරයි

(යොහාන් භාසුර)

ලබන වසරේ එළඹෙන සංචාරක සමයත් සමඟ  සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය අධිකාරියේ නෞකා කොට්ඨාශය පවසයි.
ඉදිරි වසරවලදී සුඛෝපභෝගී නෞකා විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට පැමිණීම සඳහා ගිවිසුම් ගත වී ඇති බවත්  එම මගී නෞකාවල මෙහෙයුම් කටයුතු සඳහා දැනට තිබෙන පැරණි  මගී පර්යන්තයේ ඉඩකඩ සහ පහසුකම් නොමැති වීම හේතුවෙන් එම මෙහෙයුම් කටයුතු සඳහා බණ්ඩාරණායක ජැටිය යොදා ගන්නා බවත් එම ස්ථානයේ පිහිටි ගබඩා වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට සැළසුම් කර ඇති බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මීටර 350 ක් දිගින් යුතු විශාල නෞකා 3ක් සඳහා එකවර මෙහෙයුම් කටයුතු සහ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් දීමටත් බණ්ඩාරණායක තටාකයේ සංවර්ධන කටයුතු කරන තෙක්  පැරණි මගී පර්යන්තය තුළ සහ ඒ අසල සංචාරකයින්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් දීමටත්, අවන්හල් සහ වෙළෙඳ භාණ්ඩ අළෙවිසැල් පවත්වාගෙන යාමටත්,  අවශ්‍ය පහසුකම් සැපයීමට වරාය අධිකාරිය ක්ෂණික වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.  
 

 



අදහස් (1)

විදේශ සංචාරකයන්ට කොළඹ වරායේ පහසුකම් වැඩි කරයි

chandima Wednesday, 20 December 2023 06:57 AM

මාරයි නේ .ආයෙත් වෙන කවුරුවත් ඕන නැහැනේ ?සැලසුම් හදන්න ,ඇස්තමේන්තු කරන්න ,ටෙන්ඩර් දාන්න, වෙන එකක් තියා කොන්ත්‍රාත් එක කරන්නත් දන්නා ඇමතිලා ඉන්න රටක්නේ ?අනේ වාසනාවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site