IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විදේශගත ශ්‍රමිකයන් දෙසැම්බරයේදී ඩොලර් කෝටි 60 ක් එවලා

(යොහාන් භාසුර)
විදේශගත ශ්‍රමිකයන් පසුගිය දෙසැම්බර් මස පමණක් ඩොලර් මිලියන 569.7 ක් හෙවත් ඩොලර් කෝටි 60 ක ආසන්න මුදලක් ප්‍රේෂණ ප්‍රමාණයක් එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
පසුගිය වසරේ (2022) මැයි මාසයේදී තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් දිනයේ සිට ඩොලර් බිලියන 8.72 ක් හෙවත් ඩොලර් කෝටි 872 ක් විදෛ්ශ ප්‍රේෂණ ලැබී ඇති බවත් ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ වෙහෙස මහන්සි වී කැපවීම අගය කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (16)

විදේශගත ශ්‍රමිකයන් දෙසැම්බරයේදී ඩොලර් කෝටි 60 ක් එවලා

Prabha Sunday, 07 January 2024 03:33 PM

ඕවා එවන්නේ ඔබලා ගැන හිතලා නෙවෙයි. අපේ ගෙවල්වල මිනිස්සුන්ට කන්න නැති නිසයි.

:       6       41

රට පෙරට Sunday, 07 January 2024 04:11 PM

ඒක එහෙම වුණාට වාහන ආනයනය සඳහා ඒ මුදල් ආපසු යවන්න සූදානම් වෙනවා කියලා තමයි ආරංචියක් තියෙන්නේ... ඒක හරියට පළඟැටියා පායන කාලේ සිංදුවෙන් කාලය ගෙවනවා වගේම තමයි...!

:       1       19

LalSunday, 07 January 2024 04:44 PM

එහෙම එක නේද ජෙප්පෝ එවන්න එපා කිව්වේ? ...කාලකන්නි ත්‍රස්තවාදියෝ...

:       28       20

sulakshana Sunday, 07 January 2024 04:02 PM

ඔබතුමා නම් ශ්‍රේෂ්ඨයෙක්. මෙතරම් කෙටි කලකින් ලැබූ ජයග්‍රහණය ගැන කියන්නට වචන නැත...

:       31       16

රංබොඩ Sunday, 07 January 2024 04:19 PM

අඩුම තරමේ විදෙස් ගත ජනතාව රටට මෙපමණ මුදලක් එවමින් ආර්ථිකය ශක්තිමත් ව පවත්වා ගැනීමට යම් වක්‍ර සහායක් දැක්වීම ගැන දන්න එකවත් ඇති. වෙන නම් උපකාරයක් ඔවුන්ට නෑ...

:       0       23

Bishan Sunday, 07 January 2024 04:43 PM

ඔක්කොම පවුල් දාලා රට රස්සාවට යනවා. මොවුන් කැමරාව ඉස්සරහා මහා ලොකුවට කියවනවා.

:       5       29

Nihal Sunday, 07 January 2024 05:21 PM

පිටරට වැඩකරන්නන් වෙනුවෙන් ඉල්ලන්නේ ඉටුකළ හැකි සුලු දෙයක්, අපි එවන බඩු හොරකම් කරන එක නතර කරගන්න මෙම බඩු පෙට්ටි අප ගබඩාවලදි අරන් ඇතුලේ තියෙන බඩු එළියට ගන්නේ රේගු නිලධාරියෙක් ඉදිරිපිට පරීක්ෂාවෙන් පසු බැංකුවට ගිහින් ගෙවන්න තියෙන මුදල ගෙවලා එනකොට බඩු හොරකම් කරනවා... ගෙදරට ගියාමයි අපි දැනගන්නේ, ගන්නේම විස්කි බෝතල් දෙක, කට්ටියම එකතු වෙලා මේ හොරකම කරන්නේ, අපි ඉල්ලන්නේ ගබඩාවට දෙන්නෙකුට යන්න ඉඩදෙන්න කියලයි... සිසීටීවි එයාපෝට් හයි කරනවාට විරුද්ධ වුණා වගේ මේකටත් වර්ජන කරයි...

:       0       33

pakeer Sunday, 07 January 2024 05:58 PM

උඹලා කීයක් ගිල්ලද ?උඹලා බත් බැලයෝ .නිකන් ඉඳන් අපේ සල්ලි කකා හිටපල්ලා

:       1       4

rangana Sunday, 07 January 2024 06:05 PM

මේ බැංකුවට යන ගමන්. ඔබතුමාට කීයක් හරි එවන්න.

:       0       2

fairoos Sunday, 07 January 2024 06:37 PM

ලංකාවේ ඉන්න කාලකන්නි දේශපාලකයන්ට කොච්චර එවලත් වැඩක් නෑ

:       0       2

Amara Sunday, 07 January 2024 07:06 PM

මිනිස්සු විකුණලා පංපෝරි ගහනවා. මිනිස්සුන්ට තමංගේ පවුල එක්ක ඉන්න දෙන එක නේද වටින්නේ...?

:       3       18

Bamunuarachchi Sunday, 07 January 2024 07:10 PM

එහෙනම් ගෙන්නමු මචෝ මන්ත්‍රී කෂ්ටියට ලැම්බෝගිනි කාර් ටිකක්...!

:       6       13

ලක්සිරි පැරිස් Sunday, 07 January 2024 08:53 PM

අපි මෙහේ මැරීගෙන හීතලේ වැඩ කරනවා මහත්හොරු බයිලා කියනවා. අපි සල්ලි එවන්නේ ලංකාවේ ඉන්න අයට කන්න, අපි කන්නේ අපි හම්බකරලා. මහජනතාවගේ සල්ලිවලින් නොවේ...

:       0       3

ලක්සිරි පැරිස් Monday, 08 January 2024 02:35 AM

පැරිසියේ ඉන්න එවුන් මට නම්බර්ස් එක්ක පිලිතුරු දීපන්

:       0       1

චන්දන Monday, 08 January 2024 08:40 AM

විදෙස් ගතවූ ශ්‍රමික සංඛ්‍යාවට අනුව මේ ප්‍රමාණය මදි...මේක ආණ්ඩුවේ හැකියාව පෙන්වීමක් නෙවෙයි. රටේ ජනතාවට ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා එයාල විදෙස්ගත වුනා. මේ රටේ එයාලට ජීවනෝපායක් නැති නිසා එහෙම කලේ. එයාල දැන් මෙහාට සල්ලි එවනව පවුලේ අය ජීවත් කරවන්න. හැබැයි ගිය අවුරුද්දෙ විතරක් ලක්ෂ 3ක් රට ගියා. ඊට සාපේක්ෂව මේප්‍රමාණය මදි. පවුල් පිටින් රට ගිය අය මෙහාට සල්ලිඑවන්නෙ නැහැ.

:       0       7

de silva berlin Monday, 08 January 2024 01:16 PM

අපි දුක්විඳලා යවන සල්ලි වලින් පෙට්‍රල් ගහගෙන මේ ගොල්ලෝ V8, බෙන්ස්වල යනවා. මේ ක්‍රමයේ වෙනසක් වෙන්න ඕනේ. ජර්මනියේ ඇමැතිවරුන්ටවත් මෙවැනි සැප නැහැ. අනිවාර්යයෙන් රට හදන්න නම් මේ ගොල්ලන් බස්වල යවන්න ඕනේ... එවිට රටේ තිබෙන ප්‍රශ්න මේ ගොල්ලන්ටත් දැනෙනවා...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site