IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි හොරු 2300කට විදුලි සැර වදී

2014 වසරේදී ලංකා විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය  දීප ව්‍යාප්තව සිදුකළ වැටලීම්වලින්    විදුලි හොරුන් 3199 ක් නීතියේ රැහැනට හසුකරගෙන ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය කියයි.

  අහිමි වීමට ගිය රුපියල්  විසි එක්කෝටි විසි අට ලක්ෂයකට ආසන්න මුදලක්  නැවත අය කර ගැනීමට හැකි වූ බවත්, ඉන්  මිලියන 191   ලංවිම අලාභය වශයෙනුත්, මිලියන 21 ක්   උසාවි ගාස්තු වශයෙනුත් අයකරගෙන තිබෙන බවත් මණ්ඩලය පවසයි.

එම වැටලීම්වලින්    2077 ක් මීටර් වෙනස්කිරීම් වන අතර 1122 ක් කොකු යොදා විදුලිය ලබාගැනීම් ලෙස හඳුනාගෙන තිබෙන බවත්,  එවැනි යම් වංචා සම්බන්ධයෙන් දුරකතන අංක 2422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන ඒකකයට තොරතුරු ලබා දෙන ලෙසත් මණ්ඩලය ඉල්ලයි.



අදහස් (0)

විදුලි හොරු 2300කට විදුලි සැර වදී

අමා Friday, 27 February 2015 10:29 PM

නුවර පැත්තේ හෝටල් වල මම වැඩ කල කරපු දිනවල මම දැකපු දෙයක් තමයි මංඩලේ වැඩකරන සුපර්වයිසර් එක්ක එකතුවෙලා මේ වැඩ කරන්නේ. මම එක හොරෙක්ව අල්ලලා දුන්නා ඒ කාලේ. (නදී)

:       0       0

නන්දලාල් Friday, 27 February 2015 10:46 AM

ලෝකයේ බොහෝ රටවල විදුලිය හොරෙන් ගන්න බැරි උනත්, කොහොමද මෙය අපේ රටේ පහසුවෙන් කරන්න පුළුවන් විදියට විදුලිය බෙදා හරින්නේ? පොලොව යටින් රැහැන් ඇද, විදුලිය බෙදාහරිනවානම්,"කොකු" මගින් කරන හොරකම් බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site