IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විදුලි සැරවැදී තරුණයා මරුට

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම තුනේ කණුව ප්‍රදේශයේ සත්ව ගොවිපොළක සේවය කරමින් සිටි තරුණයකු විදුලි සැර වැදී අද (18)  මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කොට්ටුකච්චිය පළුගස්වැව පදිංචි 19 හැවිරිදි සත්සර මිහිරංග නැමති සහෝදර සහෝදරියන් තිදෙනකුගෙන් යුත් පවුලක දෙවැනියා  බව කියයි.

ගොවිපොළ වටා විදුලි අලි වැටක් ඉදිකරමින් සිටි කාර්මිකයකුගේ අත් උදව්කරුවකු ලෙස මෙම තරුණයා කටයුතු කරමින් සිටියදි ප්‍රධාන විදුලි පද්ධතියෙන් ලබා දී තිබු විදුලි වයරයක කිසියම් කටයුත්තක් කිරීමට යාමේදි මෙම විදුලි සැරට ලක්වි ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

ප්‍රධාන විදුලි කාර්මිකයා ඇතුළු පිරිසක්  ඔහු කඩිනමින් පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති නමුත් ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.

මරණයට පත් තරුණයාගේ පියා සුළු රැකියාවක නිරත වන අතර මව විදේශ ගතව රැකියාවක නිරත වන බවද කියයි.



අදහස් (0)

විදුලි සැරවැදී තරුණයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site