IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


විදුලි ‘මාෆියාව’ හොඳටම වැඩ

(යොහාන් භාසුර)

ජල විදුලිබලාගාර ආශ්‍රීත ජලාශවල ජලය වාන්දමන සහ රටතුළ ඕනෑ තරම් ගල්අගුරු තිබෙන මේ දිනවල ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන ඇති බවත් ආණ්ඩු මාරුවුවද විදුලිබල මණ්ඩලය තුළ විදුලි මාෆියාව ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩල තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා අද (10) පැවසීය.

විදුලිබල මණ්ඩලයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව කරුණු දැක්වීම සඳහා කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී ඒ මහතා එසේ පැවසීය.

පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ උපක්‍රමයක් ලෙස නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ එක විදුලි ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක නොමැති බවත් එම මණ්ඩලය තුළ දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක විදුලි මාෆියාව නැවතත් හිස ඔසවා ඇති බවත් ඒ මහතා කීය.

විදුලි ගාස්තු ඉහළ යෑමට ද මෙම විදුලි මාෆියාව ප්‍රධාන කරුණක් බවට පත්ව ඇති බව කී නන්දන උදයකුමාර මහතා ජල විදුලියෙන් සහ ගල්අඟුරු භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේ හැකියාව තිබීයදී පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගැනීමේ විශාල නාස්තියක් බව ද සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් එසේ කළහොත් ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු වන විට ඇතිවන වියළි කාලගුණ තත්වයේදී විදුලිය මිලදී ගැනීමට මණ්ඩලයට මුදල් නොමැති වන බවත් එසේ වුවහොත් නැවතත් පැය හතරක් පහක් විදුලිය කැපීමට සිදුවිය හැකි බවත් ඒ මහතා කීය. 



අදහස් (11)

විදුලි ‘මාෆියාව’ හොඳටම වැඩ

fairoos Tuesday, 10 December 2024 07:10 PM

මේ අය නම් කාලකණ්ණි. රටක් විදිහට දියුණු වෙන්න ඉඩ දෙන්නේම නෑ.

:       0       0

යෝගා Tuesday, 10 December 2024 07:51 PM

මාලිමාව ආව ගමන් ජේවීපී වෘත්තීය සමිතිවල බලපෑමට පැන්ෂන් යන්න ඔන්න මෙන්න හිටපු පතෝල මාක් කෙනෙක් සාමාන්‍යධිකාරී කරගත්තා. ප්‍රතිඵල ඉතා ඉක්මනින්ම ලැබෙමින් පවතිනවා..

:       0       0

Rasika Tuesday, 10 December 2024 10:54 PM

කංචන ඕක සෑහෙන දුරට පාලනය කළා. දැන් ආන්ඩුවේ ඉන්න බබාලාට ඕක තේරෙන්නේ නැහැ. තේරිලා යටින් කුට්ටියක් ගන්නවා ඇති, නාඩු හාල් වලින් වගේ...

:       0       0

Nishan Wednesday, 11 December 2024 04:07 AM

ඔවුන්ගෙන් කප්පම් අරන් ඔවුන්ට ඉඩ නොදී බැහැනේ...

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 11 December 2024 06:44 AM

විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාර සමග ගිවිසුම් ගතවෙලා තියෙන්නේ විදුලිය ගත්තත් නොගත්තත් ඒ බලාගාර පවත්වාගෙන යාම සඳහා නිශ්චිත ඒකක ගණනකට මුදල් ගෙවිමේ එකඟතාවය මත බව මීට කලින් අනාවරණය වුණා ඒ නිසා විදුලි බල මණ්ඩලයට ඒ ගෙවන ගාස්තුවට සමාන විදුලිය ප්‍රමාණයක් ලබා ගැනිමේ හැකියාව ඇති...!

:       0       0

Kazi Shajahan Wednesday, 11 December 2024 07:26 AM

NPP එකට මගෙන් ආපහු ඡන්දෙ නැහැ. අනුරගේ කයිවාරු වලට රැවටුණා මම වගේම ගොඩක් අය...

:       0       0

රුවන් Wednesday, 11 December 2024 08:54 AM

ලංවීම, සිපෙට්කෝ තනිකරම කරන්නේ මාෆියාකාරයෝ, අපේ නෑයෙකුත් ඉන්නවා... පසු බයිසිකලයේ නැති මනුස්සයා ලංවීමට දේශපාලන පදම් වීමකින් ඇවිල්ලා මාස 6යි, වාහන, ගෙවල් එහෙම අරන් දැන් කඩක් තියෙනවා. ඕක තනිකරම සුදු අලි ගුහාවක්...

:       0       0

දිමුත් Wednesday, 11 December 2024 09:49 AM

හාල් මාෆියාව, බිත්තර මාෆියාව කියන අයට මේ මාෆියාව පේන්නැහැ වගේ...

:       0       39

casmir Wednesday, 11 December 2024 11:59 AM

එන්පිපි ආණ්ඩුවක් යටතේ මේවා කරන‍්න නම් බෑ

:       8       14

පම්පෝරි ජනක Wednesday, 11 December 2024 02:18 PM

අපරාදේ ඒ දවස්වල විපක්ෂේ මන්ත්‍රී කෙනෙක් හිටියා ඔය වගේ නාස්ති දුෂණ වංචා ගැන ආණ්ඩුවේ අයට රිදෙන්න හරිම සංවේදී විදිහට කතාකරපු , කොහෙද මේ රටේ මිනිස්සු එකතු වෙලා එයාව ජනාධිපති කරානේ , දැන් පාර්ලිමේන්තුවේ වත් ඒ ගැන කතාකරන්න කෙනෙක් නැහැ

:       4       23

ගමේ එකාලා Wednesday, 11 December 2024 03:31 PM

කවුරු කොහොම කීවත් ව්දුලි බල මණ්ඩලය දූෂිතයන් ඉන්න ආයතනයක්? සෑහෙන කාලයක් තිස්සේ ඒවා කෙරෙන්නේ?

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 304 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 791 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site