IMG-LOGO

විදුලි මාෆියාව පුනර්ජනනීයට බාල්දි අදී

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විදුලිබල මණ්ඩලයේ ඇතැම් මාෆියාකාර නිලධාරීන් ජනතාව අඳුරේ  තබා රට බිත්තියට හේත්තු කර  පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට  විවිධ උත්සාහ දරන බවත් පුනර්ජනනීය බලශක්තිය සඳහා මේ අවස්ථාවේදී පැහැදිලි ස්ථිරසාර   තීරණයක් නොගතහොත් ජනතාව නැවත වතාවක් මැති ඇමැතිවරුන්ගේ  නිවාසවලට පහර  දෙන බවත්  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

විදුලි බිල සියයට 300 කින් වැඩි කිරීමට යෝජනාවක් විදුලිබල මණ්ඩලයෙන්  තමාට ලැබුණු  බව පැවසූ අමාත්‍යවරයා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අවහිර කරන නිලධාරීන් අද උත්සාහ දරන්නේ විදුලිබිල සංශෝධනය කර ජනතාව මත බදු පටවා තම අරමුණු ඉටුකර  ගැනීමට බවද ප්‍රකාශ කළේය.

ජනතාව මත  බර පැටවෙන එවැනි යෝජනා කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට   තමා සූදානම් නැතැයිද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  අපේ ජන බල පක්ෂය පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ස්ථාවර නියෝග  27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විදුලිබල මණ්ඩලයේ සෑම නිලධාරියකුගේ වැටුප වාර්ෂිකව සියයට 25 කින් පමණ වැඩිවන බවත් මෙම වැඩිවන වැටුප් ජනතාව මත බර පටවා ගෙවිය යුතු දැයි ප්‍රශ්න කරන බවත් විජේසේකර මහතා පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය තහවුරු කැරෙන බලශක්ති  පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට  අද ඉදිරිපත් කරන බව පැවසූ අමාත්‍යවරයා ඊට අකමැති අයෙකු සිටී නම් විරුද්ධ විය හැකි බවද සඳහන් කළේය.

බලශක්ති පනත් කෙටුම්පත ගෙන ඒමට  විරුද්ධ වී සිටින්නේ වෘත්තීය සමිති කිහිපයක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (10)

විදුලි මාෆියාව පුනර්ජනනීයට බාල්දි අදී

Kumar (Gulf) Wednesday, 08 June 2022 02:08 PM

විදුලිබල A සිට Z දක්වා බැලිය යුතු සංවිධානයක්..

:       1       188

පැරකුම් Wednesday, 08 June 2022 02:44 PM

ඔය කියන මාෆියාව ගැන කොච්චරනම් කතා කරල ඇද්ද. ඒත් කවුරුත් මොකවත් නොකරන්නෙ ඇයි? කොන්ද පන නැතිකමද නැත්නම් කතා කරන අයත් හවුල් කරුවෝද?

:       0       0

කිරි පුතා Wednesday, 08 June 2022 03:00 PM

මේ ඇමැතිතුමා විතරයි මේ ගැන කිව්වේ. විදුලිබල මණ්ඩලය කියන්නේ ඇමැති මණ්ඩලයට වඩා හොරකම් කන තැනක්. හොඳින් සොයාබලා කටයුතු කළ යුතුයි. මොවුන් මේ හොරකම්වලට ඇබ්බැහි වෙලා..!

:       1       269

Susith Wednesday, 08 June 2022 03:07 PM

සෑමවිටම අප දේශපාලකයින්ගේ දූෂණ ගැන පමණක් විවේචනය කිරීමට පෙළඹී සිටිමු. එහෙත් ඇතැම්විට ඊටත් වඩා රජයේ මුදල් ගසාකන නිලධාරින් පිරිසක් රාජ්‍ය ආයතන වල සිටිති. බොහෝ විට මොවුන් තම වංචා වසා ගැනීමට දේශපාලකයින් විවේචනය කිරීම සිදුකරන අතර විවිධ වෘත්තීය සමිති අටවාගෙන ආරක්ෂා වී සිටිති. එබැවින් දේශපාලකයා ගැන මෙන්ම මොවුන් විසින් ගනු ලබන දූෂණයන් ගැන සොයාබලන යාන්ත්‍රණයක් තිබිය යුතුයි...

:       1       270

MOHAMED Wednesday, 08 June 2022 03:15 PM

යහපත් පියවරක්...

:       2       139

දාස Wednesday, 08 June 2022 03:40 PM

විදුලි බල මංඩලය මේකටයුත්තට විරුද්ද ඇයි කියන කරුනු මේ පත්තරේම දැම්ම නම් මොකක්ද හරි කවුද වැරදි කියල ජනතාවට දැනගන්න පුලුවන්

:       0       0

Rata Perata Wednesday, 08 June 2022 04:02 PM

අමතක කරන්න එපා පාඨලී චම්පික විදුලිබල මණ්ඩලය ලාබලබන ආයතනයක් තත්ත්වයට පත් කළා. ඒකට හේතුව තමයි එයා ඉංජිනේරුවෙක් වීම. සුදුස්සා සුදුසු තනතුරුවලට පත් කරන තෙක් මේ ප්‍රශ්න විසඳන්න බෑ...

:       166       22

සමන්ත Wednesday, 08 June 2022 10:15 PM

පඨලී තමයි ඉන්ජිනේරුවන්ට ගසා කන්න පාර කැපුවේ.

:       0       0

පුරවැසියා.... Wednesday, 08 June 2022 08:35 PM

රාජ්‍ය ආයතනයන්හි ඉහළ තනතුරුවල දරන ඇතැම් මාෆියා කාරයින් දූෂිත දේශපාලකයින්ටත් එහාට ගොස් මුදල් සෙවීම හේතුවෙන් අද වනවිට රට වල පල්ලටම යවා ඇති අතර ඔවුන් තවමත් කරමින් සිටින්නේද එම ජඩ ක්‍රියාවන්මය. දවස් 365 පුරාම හිරු එළිය වැටෙන රටේ Sola Power සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බාධා කරන මෙම මාෆියා කාරයින් ගැන තවත් කතා කිරීමේ ඵලක් වේද .?

:       0       0

chanda Thursday, 09 June 2022 08:38 AM

රාජ්‍ය සේවයට කාලයක පටන් රිංගලා ඉන්න NGO පල්ලි බැලයන්ව ඒ තැන්වල තියාගෙන මේ රට හැදිල්ල බොරු… ජනාධිපතිල 100ක් මාරු කලත් වැඩක් නෑ ngo පර හැත්ත රාජ්‍ය සේව තුල ඉන්නකං මේක ගොඩ ගන්න බෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 353 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site