IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විදුලි බිලේ සැර රට රැකියාවටත් වදී

ශ්‍රී ලංකාවේ දැනට ‍යෝජිත විදුලි බිල වැඩි කිරීම විදේශ ගත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත විශාල බලපෑමක් එල්ල වී ඇති බව දැනගනන්ට ඇත.

විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග රටවල රැකියාව කරන කාන්තාවන්ටත් සාමාන්‍ය පෙලේ රැකියාවන් කරන සියලු දෙනාටත් විදුලි බිල ඉහළ දැමීම විශාල ලෙස දැනෙන්නට පටන් ගෙන ඇති බව සැළයි.

තම පවුලේ සාමාජිකයන්ගේ නඩත්තුව සඳහා මීට කළින් යවන ලද සොච්චම් මුදලින් එදිනෙදා ජීවිතය ගැට ගසා ගත්තද, නිවෙස් වල විදුලි බිල ඉහළ දැමීම තුළින් මීට ඉහතදී ගෙවන ලද මුදල මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවීම ලැබෙන වැටුපෙන් දරා ගැනීමට නොහැකි බව ද, බොහෝ ශ්‍රී ලාංකිකයෝ කනස්සල්ල පළ කරති.

විදුලි බිල අසාධාරණ ලෙස ඉහළ ගියද විදේශ ගත අපට ලැබෙනුයේ පරණ වැටුප නිසා තම දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනෙකුත් කරුණු කාරනාවන් ඉටු කිරීම පසෙකලා විදුලි බිල සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවීම දරා ගත නොහැකි බව ද විදේශ ගත ශ්‍රී ලාංකිකයෝ කියති.



අදහස් (0)

විදුලි බිලේ සැර රට රැකියාවටත් වදී

වරුණ Tuesday, 30 April 2013 01:06 PM

යතුරු පැදියේ ඉදන් ත්‍රීවිල් එකටත් බදු ගහල මරුටි ඇල්ටෝ වලටත් බදුගහල බිඑම්දබ්ලිව් ජගුවෙර් වලට සහන දුන්න සාමාන්‍ය මිනිහෙක්ට ගොඩ ඒමක් නැති කරලා..!(නු)

:       0       0

දිනුක් - දෝහා කටාර් Tuesday, 30 April 2013 01:16 PM

අවංකම සහතික ඇත්ත. මම දැන් රට රැකියාවට අවූරුදු 14 යි. තවම ගේ හදනවා. මේ රටට ආපු පඩිය තමයි තවම. ලංකාවේ බඩු මිල ඉහල ගියාට අපේ පඩි මෙහෙ වැඩිවෙන්නේ නැහැ.රට ආවත් ලංකාවේ මිල වීම නිසා ජිවත් අමාරුයි. විදුලි බිල පෙර මිලටම ඒකක 120 දෙනවා නම් දුප්පත් අයට කරන ලොකුම සහනයක්. රට අපු කෙනෙකුට ආයිත් ලකාවේ රැකියාවක් හොයාගන්න අමාරුයි.රට අපු අය ගැන මිට වඩා බලනවානම් ඉතාමත් හොදයි. (නු)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 30 April 2013 01:30 PM

කාට කාටත් විදුලි බිලේ සැර හරියටම දැනෙන්නේ විදුලිය පරිහරණය කර නිපදවන භාණ්ඩ වල , කෑම බීම වල, පොත් පත් වල සේවා ගාස්තු මිල වැඩි වුණදාටයි. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 01:47 PM

සෑමට සුභ අනාගතයක් වේවා! (නි)

:       0       0

පද්මිණී Tuesday, 30 April 2013 01:48 PM

අනේ. ඔව්. දැන් දැන් අපේ නෑදෑයෝ ස්කයිප් එකට එන්නෙත් බොහොම අඩුවෙන්. මොනවා කරන්නද ලංකාව ගැන අපි කණගාටුයි.(ස)

:       0       0

දමිත් Tuesday, 30 April 2013 01:58 PM

මේ කතාව සහතික ඇත්ත.අපිටත් දැන් ඒ බර දැනිල තියෙනවා.ප්‍රශ්නේ අපිට මෙහෙමනම් ලංකාවේ දුප්පත් රස්සාවල් කරන මිනිස්සුන්ට මොනතරම් මේක දැනෙනවා ඇත්ද?? (ස)

:       0       0

සංජය Tuesday, 30 April 2013 08:21 PM

අපේ රට දියුණු කරන්න විදුලි බිල වැඩි කරලා හරියන්නේ නැහැ. පුලුවන්නම් ඔය ආණ්ඩුවේ පුරවාගෙන ඉන්න ඇමතිලා අඩු කරලා යන බොරු වියදම් අඩු කරලා පෙන්නන්නකො බලන්න. රටට මොන තරම් යහපතක් වේවිද කියලා බලන්න.(නදී)

:       0       0

ඩී. උපුල් Tuesday, 30 April 2013 08:21 PM

දුමින්ද, විවාහ ගාස්තු වැඩි නිසා කසාද නොබැඳ පවුල් කන අයට කළුවර මසුරං!(නදී)

:       0       0

සෑම් Tuesday, 30 April 2013 02:37 PM

එයාලගේ බිල ගෙවන්නෙත් ඉතින් අපේ සල්ලි වලින්නේ. මේ රටේ ඉපදුනේ සාපයක් නිසා කියලයි මට දැන් හිතෙන්නේ. (ස)

:       0       0

දිරාම් Tuesday, 30 April 2013 02:46 PM

අයියෝ ගනන් ගන්න එපා.(ස)

:       0       0

දමිත් Tuesday, 30 April 2013 03:05 PM

මේකට තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ. (නි)

:       0       0

කෙවින් Tuesday, 30 April 2013 03:13 PM

ගණන් ගන්න එපා.අපි ආශ්චර්යේ ඉන්නේ. (ස)

:       0       0

දමයන්ති Tuesday, 30 April 2013 03:22 PM

දිරම් ඔබ කිව්වට ගනන් ගන්න එපා කියලා අපිට මේ රටෙන් පඩි වැඩි කරන්නේ නැහැ.. අපේ රටේ හරියට වැඩ සිදුවෙනවානම් අපි මේ විදියට පිට රටවල දුක් විදිය යුතු නැහැ.. ලෝකෙන් උතුම් රට ලංකාව දැං නම් ඉවරයි වගේ..!(නු)

:       0       0

යොහාන් Thursday, 02 May 2013 09:34 AM

මැද පෙරදිග ඉන්න අපේ පඩිය වැඩිකරන්න කියලා ඔය ලංකාවේ ඉන්න ඉටි පන්දම් අයයි, පන්දම් අයයි ඇවිත් වර්ජනයක් දාන්නකෝ (නි)

:       0       0

විජිත් Tuesday, 30 April 2013 04:20 PM

පොදු ජනතාවගේ දුක දැන්වත් තේරුම් ගන්නවනම් ලොකු දෙයක්.. (ස)

:       0       0

ඩයස් Tuesday, 30 April 2013 04:29 PM

මේවට අපිම වග කියා යුතුයි. අපි දැන් ජෙට් එකේ කොළඹින් නැගල මත්තලින් බහිනව.ප්‍රශ්න අමතකයි. (ස)

:       0       0

දිල්ශෘන් Tuesday, 30 April 2013 11:48 AM

මේ කතාව හරි එයාලට විතරක් නෙමෙයි සෑම සාමාන්‍ය පාන්තිකයකුටම මෙය විශාල ලෙස දැනෙන කරුණක්..!(නු)

:       0       0

ලක්මාල් Tuesday, 30 April 2013 12:00 PM

මධ්‍යමපාන්තිකයන්ට වැදුණු දරුණු පහරක් මේක..!(නු)

:       0       0

විහග Tuesday, 30 April 2013 05:04 PM

ඒක නම් ඇත්ත. (නි)

:       0       0

සිසිර Tuesday, 30 April 2013 12:10 PM

අප කොම කිව්ට් ඕව කවුරුවත් අහන්නේ නැහැ..!(නු)

:       0       0

ප්‍රියන්ත කුමුදු Tuesday, 30 April 2013 12:12 PM

මෙයාලට පිස්සු. මොකද එයාලගේ හැම බිල් එකක්ම ගෙවන්නේ අපිනේ. මේ තෑග්ග අපිට දුන්නාට ජයවේවා! (නි)

:       0       0

නිමන්ත Tuesday, 30 April 2013 12:20 PM

ලංකාවම අඩපන උනා වගේ (දී)

:       0       0

යොහාන් Tuesday, 30 April 2013 12:23 PM

කට්ටිය හිතාගෙන ඇති අපි මෙහෙ ගස් හොල්ලපුවම සල්ලි වැටෙනවා කියා. (නි)

:       0       0

පුබුදු Tuesday, 30 April 2013 12:23 PM

අහිංසක මිනිස්සු ගෙවල් වලට ගෙනත් දීපු විදුලි බඩු ටිකක් විකුණන්න තමයි වෙන්නේ (නි)

:       0       0

නාරද Tuesday, 30 April 2013 12:26 PM

ඇත්ත තමයි. මාත් පිටරටක පොඩි රස්සාවක් කරන්නේ. විකාර කරන්නෙ නැතුව එකතුවෙලා ජනතාව වෙනුවෙන් දැනෙන දෙයක් කලොත් ලොකු පිනක් (නි)

:       0       0

දුමින්ද Tuesday, 30 April 2013 12:44 PM

ඔව් ඒක නම් සහතික ඇත්ත. විවාහ ගාස්තුව ලොකු ගානකින් වැඩි කළ නිසා විවාහ නොවී එකට පවුල් කනවා අඩු ආදායම්ලාභී පවුල් වල අය. ඒ වගේ විදුලිය පාවිචි නොකර ඉන්න පුලුවන්ද? (නි)

:       0       0

චමත් Tuesday, 30 April 2013 05:46 PM

දුකෙන් උනත් කියන්න ඕන කොරෙං වල ඩිසල් පෙට්‍රල් විදුලි බිල ලංකාවට සමනයි කියල......

:       0       0

මේනකා සෞදි අරාබිය Tuesday, 30 April 2013 12:53 PM

අපේ රට තාම සංවර්ධනය වෙමින් පවතින රටක්. දිළිඳු ජනතාව වැඩියි. ඉතින් මේ වගේ ජනතාවක් ඉන්න රටකට මේ තරම් සුඛෝපභෝගී බිල් ගෙවන්න අමාරුයි. තුන්වේල කන්නෙත් බොහොම අමාරුවෙන්. ළමයි පාසල් යවල කන්න, අඳින්න, ලෙඩට බෙහෙත් ටික දෙන කොට අපි ගන්න වැටුප ඉවරයි. අඩුම තරමින් විදේශ විනිමය කෝටි ගණන් රටට ගෙන්වන අපි වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? වගකිවයුතු නිලධාරිනි මේ ඔබගේ අවධානය පිණිස පසක් කරනුයේ කණගාටුවෙන් හා අප්‍රසාදයෙනි.(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site