IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘විදුලි බිල වැඩි නොකරනු‘

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය විසින් මාතර ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම වෙත ඉදිරිපත් කැරුණු යෝජනාවක් වැඩි ඡන්ද හතකින් ජයග්‍රහණය කළේය.

යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හත් දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය ලබා දුන්හ.

ආණ්ඩුපක්ෂයේ චන්ද්‍රසිරි දේවසුරේන්දු මන්ත්‍රීවරයා පමණක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් අතර  ලසන්ත සංජීව, සමන් මහේෂ්, විමල් ප්‍රිය ජනක, කුමුදු දේවරාජ් සහ නිහාල් සමරසිංහ මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.

මාතර ප්‍රාදේශීය සභාවේ මුළු සබික ධුර 18කි. ආණ්ඩු පක්ෂයේ 10ක් සහ විපක්ෂයේ අටක් වශයෙනි.

සභාපති ලැනී බී හේවගේ සහ මන්ත්‍රී ඒ නෙත්තිකුමාර මහත්වරු සභාවට පැමිණ ඡන්දය විමසීට පෙර පිටව ගියහ.

ආණ්ඩු පක්ෂයේ තවත් මන්ත්‍රීවරු දෙදෙනකු පැමිණ සිටියේ නැත.



අදහස් (0)

‘විදුලි බිල වැඩි නොකරනු‘

ඩී. උපුල් Monday, 29 April 2013 06:13 PM

මොන පක්ෂයේ හිටියත් වරදට එරෙහි විය යුතුයි. සිරිල් මැතිව් වගේ මහත්වරුන්ව ගෞරවයෙන් සිහිපත් කරනවා. (ත)

:       0       0

හෙට්ටිආරච්චි Tuesday, 30 April 2013 08:16 AM

ඒක්සත් ජාතික පක්ෂෙය් මන්ත්‍රී තුමන්ලාටත්, චන්දය නොදුන් හා සභවෙන් පිටව ගිය මන්ත්‍රී තුමන්ලාටත්, සභාපති තුමාටත් අපේ ප්‍රනාමය. ඔබලාට අප දුන් චන්දයට ඔබ ණය නැත.(නදී)

:       0       0

අසාද් Monday, 29 April 2013 06:54 PM

චන්ද්‍රසිරි දේවසුරේන්දු මන්ත්‍රීවරයා අවස්ථාවාදියෙක්.(නදී)

:       0       0

අමිල Tuesday, 30 April 2013 08:56 AM

අඩු කළත් ඕන ගාන වැඩිකරන් ඉවරයි. අපි දන්නවනේ මෙයාලා ජනතාව අන්දන හැටි. දැන් ඉතින් ප්‍රසස්ති ගායනා කර ගනීවි.(නදී)

:       0       0

ලක්සිරි Monday, 29 April 2013 08:05 PM

ඔය වගේ යෝජනා ඔතැන සම්මත කරලා වැඩක් නැ රට කරවන දියවන්නාවේ ඔය යෝජනාව සම්මත කරගන්ට බලන්න (අ)

:       0       0

රත්න Monday, 29 April 2013 03:24 PM

මාතර ප්‍රාදේශීය සභාවේ විදුලි බිලත් මෙතුමාටම ගෙවන්න කියා යෝජනා කරමි! (නි)

:       0       0

වීරසේකර Monday, 29 April 2013 09:43 PM

කතාව ඇත්ත

:       0       0

ජීවා Monday, 29 April 2013 03:26 PM

අම්මෝ දේවසුරේන්දු මන්ත්‍රීතුමෝ, ඔහොම කරන්න එපා දෙයියෝ! (නි)

:       0       0

රාජ් Monday, 29 April 2013 03:33 PM

"ආණ්ඩුපක්ෂයේ චන්ද්‍රසිරි දේවසුරේන්දු මන්ත්‍රීවරයා පමණක් යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් අතර" සමාගමෙන් ලොකු තෑග්ගක් ලැබෙයි. (නි)

:       0       0

නෙතුමි Monday, 29 April 2013 10:16 PM

ලිඛිතව ඔය දේවල් සම්මත වුණත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙයිද කියලා සැකයි. වැඩිකළොත් වැඩිකලාමනේ හැමදේම. (නි)

:       0       0

අසංග Monday, 29 April 2013 03:47 PM

ආණ්ඩුවේ නරක කාලයෙ (අ)

:       0       0

වසන්ත Monday, 29 April 2013 03:52 PM

අන්න නියම හොද කොල්ලෝ.... (නි)

:       0       0

දම්මි Monday, 29 April 2013 04:13 PM

ආන්ඩු පක්ෂෙ ඉන්න අයට කමක් නැතුව ඇති. ඒකයි ඡන්දෙ දුන්නෙ නැත්තෙ (නි)

:       0       0

සාන්ත Monday, 29 April 2013 04:30 PM

වහා අඩුකරනු. (ස)

:       0       0

සුමී Monday, 29 April 2013 04:41 PM

යෝජනාව මොකක්ද ?ජනතාවගේ ජයක්. එහෙනම් ජය වේවා! (නි)

:       0       0

හිරු Monday, 29 April 2013 04:54 PM

අපේ ප්‍රණාමය මාතර ප්‍රාදේශීය සභාවේ බුද්ධිමත් මන්ත්‍රීවරුන්ට. අනෙකුත් ප්‍රාදේශීය සබාත් මෙවැනිම යෝජනා සම්මත කළ යුතු වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 47 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 608 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site