IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විදුලි බිල වැඩි කළාට ජවිපෙන් මහජන පෙත්සමක්

අසාධාරණ ලෙස  වැඩිකරන ලද  විදුලි බිල වහාම අඩුකරන ලෙස ඉල්ලා  අණ්ඩුවට බල කරමින්  කොළඹ ලංකා විදුලි බල මණ්ඩල මුලස්ථාන ඉදිරිපිටදී ජනතා විමුක්ති පෙරමුණ  මහජන පෙත්සමට අත්සන් ගැනීම ඇරැඹීය.

අම්බලංගොඩ බස් නැවතුම්පොල ඉදිරිපිටද ජනතා විමුකිති පෙරමුනේ සාමාජිකයෝ අද මහජන මෙත්සමකට අත්සන් ගත්හ.

කොටුව (ජයමාල් චන්ද්‍රසිරි)

අම්බලංගොඩ (දීපාල් සිල්වා)

හිඟුරාන (නවරත්න සමරතුංග)

රත්මලාන (සිරි මහබෙල්ලන)

පිටකොටුව (සුමින්ද සුදර්ශන පතිරණ)



අදහස් (0)

විදුලි බිල වැඩි කළාට ජවිපෙන් මහජන පෙත්සමක්

කුෂාන් Wednesday, 24 April 2013 08:19 PM

අන්තිම පින්තුරේ දැක්කම මට නම් බඩ පපුව හෝස් ගාලා දාලා යනවා (නි)

:       0       0

සමන් Thursday, 25 April 2013 02:44 PM

අපේ ජනාධිපතිතුමා මේ ප්‍රශ්නෙට අපිට මොනවාහරි සහනයක් දෙයි (නි)

:       0       0

අනුර Wednesday, 24 April 2013 08:32 PM

දවසේ හොඳම විහිලුව, සෝබන වැඩ.(නදී)

:       0       0

ලලිත් Wednesday, 24 April 2013 08:34 PM

ජනතාවගේ සාක්කු ඔක්කොම සුද්ද කරලාද ආයුබෝවඩ පස්ස බලන්නේ? ඇයි මෙහෙම අසාදාරණ විදියට මිළ ඉහල දාන්නේ? (නි)

:       0       0

රජිත් ඉතාලි Wednesday, 24 April 2013 09:21 PM

ඔය වැඩේ කරනවට වඩා පහසුයි ඉරවල් දෙකක් තියන ග්‍රහලෝකයක් හොයාගෙන පදිංචියට ගියා නම් (නි)

:       0       0

ගාමිණී Wednesday, 24 April 2013 09:55 PM

අනේ විලි ලැජ්ජාවත් කියා දෙයක් නොමැති තරම්. 1971,1989 ට්‍රාන්ස්ෆෝමර් වලට බෝම්බ ගසා විනාශ කල කාලයේ ඔය අත්සන් කරන පෙත්සම තිබුනේ ජවිපේ කා ලඟද හැබෑට? (නදී)

:       0       0

කුරුවිට Wednesday, 24 April 2013 09:58 PM

ඉස්සර බස් ගිනි තිබ්බා. ට්‍රාන්ස්පෝමර් විනාශ කළා. දැන් පුදුම හිතේ අමාරුවක් රට ගැන තියෙන්නේ. 88 ය කලින් හිටිය අයනම් ඕකට අත්සන් තරන්නේ නැහැ. (නදී)

:       0       0

රන්ගශනී Wednesday, 24 April 2013 10:02 PM

එයාලට කරන්න දෙයකුත් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

නිල් Wednesday, 24 April 2013 10:29 PM

ජේ.වී පී ගැන නම් කතා කරලා වැඩක් නැහැ (නි)

:       0       0

ජීව Wednesday, 24 April 2013 11:02 PM

ජනතා විමුක්ති පෙරමුන එල්ලෙන්න වැල් හොයනව. විදුලි බිලත් ඒ අය එල්ලෙන්න වැලක් කරගෙන. ඒකක 30ක් පාවිච්චි කරපු අයට රුපියල් 100ක් වැඩිවෙලා නැහැ. ඒකක 60ක් පාවිච්චි කරපු අයටත් රුපියල් 200ක් වැඩිවෙලා නැහැ. අනිත් ඒකක ගානෙ ඉන්න අයටත් මහ වැඩිවීමක් නැහැ. මේ කියන දුප්පත් සහ මධ්‍යම පන්තියේ අයගෙන් ආදායම් බදු වශයෙන් රටට ශත පහක් ලැබෙන්නේ නැහැ. එවැනි අය 75%ක් රටේ ඉන්නව ඉතින් කොහොමද රටක් කරන්නෙ. මේ ගාන ගෙවාගන්න බැරි විදුලි පාරිභෝගිකයන්ට නෙවෙයි ජනතා විමුක්ති පෙරමුනටයි. විපක්ෂයටයි විතරයි. හරි නම් කරන්න තිබුනෙ ඒකකයට යන සම්පූර්ණ වියදම වන රුපියල් 23 ගානෙම ඒකකයකට ගානම් හැදුවනම් මෙහෙම කෑ ගහන එකක් නැහැ. (නදී)

:       0       0

ගාමිණී Wednesday, 24 April 2013 11:09 PM

සෝමවංස - ටිල්වින් .රනිල්-තිස්ස , ඕනෙම කැස්සකට ජනතාව ගෙන් පෙත්සම් අත්සන් ගන්නා බව ජනතාව දන්නවා!!!විදුලි බිල නිසා කමක් නැහැ එක් අතකට. (නදී)

:       0       0

මහේෂ්-ඉරාකය Thursday, 25 April 2013 12:23 AM

රටේ අනවශ්‍ය ලෙස සංවර්ධන ප්‍රෝඩාවන් මවා පාමින් කරන දේවල් වල ප්‍රයෝජනයක් තියේද? පාඩු ලබනවා නම් එය ලාභ බවට පත් කර ගන්න බැරි මෙවන් අය මොකටද ? අර ඇත්තු මරපු සුද්දගේ වලට තාමත් හෙන ගහනවා. අහිංසක ජනතාව රවටන අයටත් එහෙම වෙයි. මේවා ලියන්න වීම ගැනත් පුද්ගලිකව කණගාටු වෙමි. එත් හිතේ ආවේගය ඊට වැඩිය ප්‍රබලයි (නි)

:       0       0

නීලා Thursday, 25 April 2013 02:11 AM

මහත්තයෝ ඕක දැනෙන වැඩක් නෙවේනේ. කරන්න ලොකු වැඩ වර්ජනයක්. හැම ආයතනයක්ම සහභාගි කරගෙන මිනිස්සු නම් පාරට බහි. පුන්නක්කු වැඩි කරොත්. නමුත් මේ විදුලියනේ.(නදී)

:       0       0

සමන්ත Wednesday, 24 April 2013 05:14 PM

ගොඩක් හොදයි. දිගින් දිගටම මෙහෙම මිල වැඩිවෙනකොට කොහොමද මේ රටේ ජිවත් වෙන්නේ? ඡන්දෙ දුන්නු අපිට ගහන්න ඕනෑ. මම නම් කියන්නේ ඔක්කොම එකතුවෙලා ඡන්දෙ නොදී හිටියා නම් හරි. මොකද මේ කවුරුවත් අපි ගැන බලන්නේ නැති නිසා. (නි)

:       0       0

සමීර සාලින්ද Wednesday, 24 April 2013 05:18 PM

ඕක පලක් නැටි දෙයක් ඔයාල නිකන් සවුත්තු වෙන වැඩක් 3න් 2ක් දීපු කට්ටිය සද්දයක් නෑ හොද වැඩේ.(නදී)

:       0       0

අශෝක Wednesday, 24 April 2013 05:31 PM

ශ්‍රී ලාංකිකයන්ට ඊළග අවුරුදු තෑග්ග ඩිසල්... (නි)

:       0       0

අනුර Thursday, 25 April 2013 05:34 AM

මේගොල්ල කියනදේ ඇත්ත . රටේ අවාසනාවට කාටවත් තේරෙන්නේ නැහැ. (නදී)

:       0       0

අමිල Wednesday, 24 April 2013 05:47 PM

අනේ නිකන් යන්න අයියලා ඉස්සර ට්‍රාන්ස්පෝමර් විනාශ කරලා.(නදී)

:       0       0

සමන්තා පෙරමුණ Wednesday, 24 April 2013 06:03 PM

පක්ෂ බේදයකින් තොරව මෙයට සියලු දෙනාම සහය දක්වන්න. (නි)

:       0       0

චින්තක Wednesday, 24 April 2013 06:12 PM

හැමදේටම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න අයට ඇයි බැරි විදුලි බලය වැඩි කළාට විරුද්ධව ස්ට්‍රයික් එකක් කරන්න? එහෙම කළොත් බිල අඩු කරන්න වෙනවා.හැමදේම නිකම් දේශපාලන ප්‍රෝඩාවන් විතරයි. (නි)

:       0       0

අචිනි Wednesday, 24 April 2013 07:27 PM

මුළු රටම දැන් නම් පාරට බහින්න ඕනෑ කාලේ ඇවිත්. නැත්නම් රටම විනාශ වෙන එක ස්ථිරයි. (නි)

:       0       0

රාජිත-දෝහා Wednesday, 24 April 2013 07:45 PM

ඇත්තෙන්ම මේ මිනිස්සුගේ න්‍යාය වර්තමානෙට ගැලපෙන්නේ නැති වුණත් රට ගැන ඇත්තටම ආදරයක්, බුද්ධියක් තියන පක්ෂයකට තියන්නේ මේක විතරයි මට නම්. (නි)

:       0       0

අසලන් Wednesday, 24 April 2013 07:57 PM

ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ හොඳ දෙයක්. අපිත් මෙම විදුලි බිල වැඩි කළාට විරුද්ධයි. (නි)

:       0       0

අරුණ Wednesday, 24 April 2013 07:58 PM

විදුලි බිල වැඩිකරලා අපිව නන්නත්තාර කලා මදිවට ඊයේ අර 2500 න් මාසෙම කන්න උගන්වපු විහිළුකරපු මහත්තයව ගෙනල්ලා මාසෙට ලාම්පු තෙල් වලට ලයිටි බිලට වඩා යනවා කියල තවත් මිල සුත්ර්යකුත් ගෙනත් පෙන්නලා. මේ රටේ ඉන්නේ හරක් කියල හිතනවද දන්නේ නැහැ මේ අන්දයෝ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 812 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site