(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
විදුලි බල සංශෝධන පනතින් මහජන උපයෝගීතා කොමිසමේ බලය සීමා කෙරෙන්නේ නැතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අධ්‍යාපනය සෞඛ්‍ය ප්‍රවාහනය ආදී සුභසාධන සේවාවන් මෙන්ම බලශක්ති ආදී ක්ෂේත්‍රයන්ද රාජ්‍ය මැදිහත්වීමෙන් පැවතිය යුතු බව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තියයි.ඒ ක්ෂේත්‍ර වල පෞද්ගලික අංශය වලට අවකාශයක් නැතැයි එයින් අදහස් වන්නේ නැහැ.අප රාජ්‍ය මැදිහත් වීම ශක්තිමත් කරන්නේ පෞද්ගලික අංශයට බාධා නොවන ආකාරයටයි.
විදුලි මිලදී ගැනීම් සඳහා නියාමන අනුමැතිය ලබා ගැනීමටද මේ පනතින් අවස්ථාව ලැබෙනවා.එමෙන්ම හදිසි මිලදී ගැනීම් අනවශ්‍ය ලෙස සිදු නොකිරීමටද මේ පනතින් ප්‍රතිපාදන සැලසෙනවා.ඒ වගේම මේ පනතින් මහජන උපයෝගීතා කොමිසමේ බලය සීමා කෙරෙන්නේ නැහැ.ගාස්තු තීරණය කිරීමේදී එය මුදල් අමාත්‍යංශයෙන් විමසා සිදු කළ යුතු බව පමණක් දක්වා තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විදුලි බල පනතින් උපයෝගීතා කොමිසමේ තටු කැපෙන්නේ නෑ