IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


විදුලි බිල දැනෙන්න අඩු කරයි

(නිමල කොඩිතුවක්කු)

මාසික විදුලි බිල සමස්ථයක් ලෙස සියයට 22.5කි පහත දැමීමට තීරණය කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවැසීය. 

විදුලි බිල අඩුකිරීම සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය.

ඒ අනුව මුල් ඒකක 30 දක්වා ඒකකයට මිල රුපියල් 8 සිට 6 දක්වාද, ස්ථාව ගාස්තුව රුපියල් 150 සිට 100 දක්වාද, ඒකක 31 - 60 දක්වා ඒකකයට රුපියල් 20 සිට 9ය දක්වාද, 61 - 90 වූ එකකයට රුපියල්  30 සිට  18 දක්වා ද ඒකක 91 - සිට 120 දක්වා වූ ඒකකයට අය කළ රුපියල් 50 සිට 30 දක්වා ද අඩු කෙරේ.

ඒ අනුව ගෘහස්ත විදුලි බිල සියයට 27කින්ද, හෝටල්වල විදුලි බිල සියයට 25කින්ද, ආගමික ස්ථාන සඳහා සියයට 30කින්ද අඩු කෙරේ.



අදහස් (27)

විදුලි බිල දැනෙන්න අඩු කරයි

ජයනාත් Monday, 15 July 2024 03:24 PM

තිබුණාට වැඩිය ලොකු සහනයක්... මේක ජනවාරි වල ආයේ වැඩි කරන්නේ නැහැ කියලා ෂුවර්ද..?

:       7       83

මාලිමාMonday, 15 July 2024 03:38 PM

ඒක ඉතිං අහන්න ඕන ඔයගොල්ලො ගේන්න හදන මාලිමා ආණ්ඩුවෙන් තමයි.

:       1       1

Upul Gunaratne Monday, 15 July 2024 03:29 PM

වතුර බිල මෙයට අනුරුපව අඩු කළ යුතුයි

:       0       0

ලසන්ත Monday, 15 July 2024 03:33 PM

ඡන්දය ඉවර වෙනකල් අපායේ ඉන්ටවල්...!

:       0       0

Janindu Perera Monday, 15 July 2024 03:33 PM

ඡන්ද ගුණ්ඩු..!

:       0       0

Senarath Monday, 15 July 2024 03:42 PM

විදුලි බිල අසාධාරණ ලෙස වැඩි කරනකොට උඩ බලාගෙන ඉඳලා,දැන් කියනවා 22.5% කින් අඩු කරනවා කියලා.එදා අසාධාරණ ලෙස වැඩි කිරීමේ හේතුවෙන් නිවාස ලක්ෂ 5 ක පමණ ජනතාව දුක් වින්දා .දැන් අඩු කරාම ඒවා ආපසු ලැබෙනවාද ?තමුන් ඉන්න කොමිසමේ තේරුම මොකක්ද කියලා මේ මහාචාර්යවරයා දන්නවාද දන්නේ නැහැ

:       0       2

PATTA hora Monday, 15 July 2024 03:42 PM

බම්බුව...

:       35       43

අරවින්ද මොනරවිල Monday, 15 July 2024 03:45 PM

ජනතාව මත බදු පිට බදු ගහලා බිලියන ගණන් එකතු කරලා, ඒවා අරගෙන සහචරයන් එක්ක ලෝකය වටේ රවුම් ගහලා ආතල් ගත්තා. දැන් බොරුවට ගාස්තු අඩු කරන්නේ ජනතාව රවටන්නයි, ඒවාට ජනතාව ඡන්දයේදී උත්තර දෙයි පින් හාමුට...!

:       40       78

ravin Monday, 15 July 2024 03:47 PM

අඩු වෙන්නේ කවද්ද? කළු කපුටා සුදුවන තුරු... මෝල්ගහේ දළු ලන තුරු...

:       21       45

Dhanushka Monday, 15 July 2024 03:56 PM

එතකොට මීට අවුරුදු 2කට කලින් රු.850ක් ගෙවගෙවා හිටිය මගේ බිල රු. 3000කටවත් අඩුවෙයිද? ඕවාට දැන් මිනිස්සු රැවටෙන්නේ නෑ.

:       30       50

ඇන්ඩ්රු සෙබඩවිල Monday, 15 July 2024 03:57 PM

සීයට සීයකින් අඩු වුණත්, වසන්ත සමරේ මීඩියා වලට කළත්, හඳුන් පුරාණ කාලේ ආර්ථික විද්‍යා කතාන්තර කිව්වත්, බිමල් සහෝ සිංහල බොදුනුවන්ට කොච්චර දෙස් දෙවොල් තිබ්බත්, අකුදී ලෝක සහෝදරයා පච බේගල් කොපමණ ඇද බෑවත්, ලාල් සහෝ මොන සමාජවාදී කතා කිව්වත්, අපි මාලිමාවට!

:       37       46

kamal Monday, 15 July 2024 03:59 PM

තවත් ඡන්ද ගුන්ඩුවක්...

:       26       56

Syrl Monday, 15 July 2024 04:04 PM

හරි තීරණයක් නොගත්තොත් ඡන්දය දවසේ රාත්‍රියේම මේවායේ ප්‍රතිඵල ලැබෙයි...

:       15       54

chaminda Monday, 15 July 2024 04:05 PM

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මිල පහළ දැමීමට සටනක් ගෙන ගියා. ඒ අවස්ථාවේ මිල පහළ නොදැමීම දේශපාලන තීරණයක්... දැන් බිල පහළ දැමීමත් දේශපාලන තීරණයක්. එදා මිල අඩු නොකළේ ඡන්ද කාලයට මිල අඩුකොට වාසි ලබා ගැනීමට. සභාපති තුමාට රස්සාව නැති වුණා. ජනතාව පීඩා වින්දා... ජනාධිපතිවරයා මෙයට වගකිය යුතුයි. නැතිනම් එදා මිල පහළ නොදැමීමටත් අද පහළ දැමීමටත් වෙනත් හේතු ඇත්නම් පැහැදිලි කළ යුතුයි.

:       20       60

විජිත් Monday, 15 July 2024 04:37 PM

ඡන්ද අල්ලස් !!! මෙතෙක් කල් තිබුනේ නැති හදිස්සියක් ඇයි දැන්? මිනිස්සු අහුවෙන්නේ නැහැ ඕවාට... අමතක කරන්න එපා තාවකාලිකව නවත්වපු පළාත්පාලන මැතිවරණයට පනවපු මැතිවරණ නීතිරීති තවමත් වලංගුයි. ඒ බව මැතිවරණ කොමිසම කිහිප වාරයක්ම දැනුම්දුන්නා. සමහරවිට "මුට්ටි අල්ලන" කට්ටියටම කුඩුවේ ලගින්න වෙන්න පුළුවන්...

:       0       0

Warnasinghe Monday, 15 July 2024 04:49 PM

දැන් පැහැදිලියි රාජපක්‍ෂලා එලවපු එකටත් රනිල් ඇතුලු එජාපය ඡන්දෙන් අතුගාල දාපු එකටත් ඇමති සහ ජනපති එකතුව ජනතාවට ඇන්න ටොක්කක් බව හොඳට පැහැදිලියි.

:       15       17

Gankabara Monday, 15 July 2024 05:11 PM

රු 700ට තිබ්බ බිල රු 3500ක් වෙලා. දැන් ආයෙ රු 700ක් අඩු කරලා. ඒ කියන්නෙ රු 700 බිල දැන් 2800යි...

:       20       41

Ruwan De Silva Monday, 15 July 2024 06:32 PM

මගේ අත්දැකිමෙන් කියන්නේ 1980 දශකයේ ඉදන්ම රජයේ නාට්‍ය මේකයි. චන්ද්‍රිකා පාන් ගෙඩිය 3.50 කරා 1994/95 වගේ මාස ගානක් යද්දි 10ට වඩා වැඩි වුනා. ලංකාව කියන්නේ පුනර්ජනනීය බලශක්ති තියෙන රටක් වෙලත් අශ්ප ගනන් වලට විදුලිබලය නිපදවන රටක්. ප්‍රංශයේ විදුලිබල පද්ධතිය දිහා බැලුවා නම් ඉගෙනගන්න ගොඩක් දෙවල් තියෙනවා

:       0       0

Nandana Monday, 15 July 2024 07:08 PM

විදුලි බිල දරාගන්න බැරි තරමට වැඩිකරනකොටම අපි දැනගත්තා රනිල් රට ගොඩදැම්මා කියාගෙන ඡන්දේ කිට්ටුව අඩුකරන්න තමයි ඔය වැඩිකරන්නේ කියලා.

:       0       1

Asintha Monday, 15 July 2024 07:29 PM

මේ බොරු චන්ද ගුණ්ඩු වලට නම් අහු වෙන්න එපා.බැරි වෙලාවත් රනිල් මහත්තයා චන්දෙ දින්නොත් අපිට ගහන බදු මොනවද කියලා අපිවත් දන්නේ නැති වෙයි

:       0       1

Rata Perata Monday, 15 July 2024 08:02 PM

දැන් නම් විශ්වාසයි ජනාධිපතිවරණය තියෙනවා කියලා. තවමත් කරන්නේ මිනිස්සු අන්දන එක.

:       0       3

Hemantha Peiris Monday, 15 July 2024 09:15 PM

ඉන්න ජනාධිපතිම නැවත පත් කර ගනිමු. රටට හොඳ කලක් උදා වෙනවා

:       2       1

chandima Monday, 15 July 2024 11:10 PM

විදුලිබල මණ්ඩලේ නිෂ්පාදන වියදමටත් පහලින් යන්න අඩු කලාද ?ඒ කියන්නේ ව්‍යංගයෙන් ඉදිරි මැතිවරණය වෙනුවෙන් රජයේ මුදල් අනිසි ලෙස යොදාගෙන ?

:       0       1

පැරකුම් Tuesday, 16 July 2024 12:24 AM

ඒකනෙ රවීන්, කවද ඉදලද අඩුවෙන්නේ කියල කියන්නෙ නැත්තේ මොකද ?

:       0       0

Harak Booruwa Tuesday, 16 July 2024 01:08 AM

ෂාාා. නියමයි නේ .. අපි රනිල්ට තමයි මෙදා පාර ඡන්දේ දෙන්නේ

:       0       0

චතුරි Tuesday, 16 July 2024 04:59 AM

දැනෙන්න හරි නොදැනෙන්න හරි චන්දේ ළඟ නිසානේ මේ දේවල් කරන්නෙ. මුන් හිතන් ඉන්නෙ අලුත් පරම්පරාවත් ගොනාට අන්දන්න පුලුවන් කියලා. දැන් හෝ ගාලා ඔප්පු බෙදනවා. ඉතින් උඹලා රටේ දේපලක් චීනයට , අනිත් රටවලට විකුනද්දි ජනතාවට හොරෙන්නෙ කෙරුවේ පගා අරන් . ඒවාත් පේන්න කෙරුවානම්, කන්ජිපානීට කියලා එලොව අරින්න තිබුනා. අයියේ අපි එනකම් බලා ගන්න කියන්න

:       1       1

Chinthaka Tuesday, 16 July 2024 10:16 AM

ජනක රත්නායක බිල අඩුකරන්න හැදුවේ මීට වසරකටත් පෙර , පින් ජනාට දැනුයි විදුලි බිල අඩු කරන්න හිතිලා තියෙන්නේ , ඔක්තෝබර් වෙනකම් ඔහොම යමුකෝ , මේවට රැවටුනොත් ඉතින් ජනවාරි වෙනකොට ආයෙත් 22% - 75% කින් උඩ යවයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 698 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17866 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site