IMG-LOGO

විදුලි බිල දෙගුණයකින් වැඩිවී තේ කම්හල් වැහෙන අවදානමක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

තේ කම්හල්වල  විදුලිය බිල දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන්  එම කම්හල් පවත්වාගෙන යෑමේ  දැඩි ගැටලුකාරී තත්වයක් පැන නැගී  ඇතැයි  තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසීය.

සාමාන්‍යයෙන්  තේ කිලෝ 50,000 ක පමණ නිෂ්පාදනයක් සහිත  තේ කම්හලක දළ වශයෙන්  රුපියල් ලක්ෂ පහක් වශයෙන්   පැවති විදුලිය බිල විදුලි බිලේ නව  සංශෝධනය සමග  රුපියල් ලක්ෂ දහයක් දක්වා ඉහළ  ගොස්  ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

සාමාන්‍යයෙන් තේ දළු කිලෝ එකක් නිෂ්පාදනය සඳහා මෙතෙක් විදුලිය වෙනුවෙන් වැයවූයේ රුපියල් 12ත් 15 ත්  අතර  මුදලකි. විදුලි මිල සංශෝධනයත් සමග  එම මුදල රුපියල්  30-35   දක්වා ඉහළ නැග ඇතැයි  තේ නිෂ්පාදකයෝ පවසති.

තේ මිල තවදුරටත්  පහළට ගිය හොත් තේ කම්හල් පවත්වාගෙන යෑමේ  බරපතල අවදානම් තත්වයක් මතුවිය හැකි බව පෙන්වා දෙන  සභාපතිවරයා  විදුලිය කප්පාදු කරන අවස්ථාවලදී  විදුලිය උත්පාදක යන්ත්‍ර
ක්‍රියාත්මක කිරීම සඳහා ඩීසල් විශාල වශයෙන් වැය කිරීමට සිදුවීම නිසා ඒ සඳහාද තේ කම්හල් හිමියන්ට අද  අමතර වියදමක් දැරීමට සිදුව ඇති
බව ප්‍රකාශ කළේය.

එසේම බැංකු පොලී වැඩිවීමද තේ කර්මාන්තයට ඉතාමත් නරක ආකාරයට බලපා ඇතැයි ලයනල් හේරත් මහතා වැඩිදුරටත්  සඳහන් කළේය. ආර්ථිකයට දායක වන තේ  කම්හල්  550 ක් රට පුරා දැනට ක්‍රියාත්මක වේ.



අදහස් (3)

විදුලි බිල දෙගුණයකින් වැඩිවී තේ කම්හල් වැහෙන අවදානමක්

කිරිපුතා Thursday, 27 October 2022 07:45 PM

තේ කම්හල්වල විශාල පරිමාවක් සහිත වහලයක් තියෙනවා. සූර්ය පැනල සවිකර මේ විදුලි අර්බුදයෙන් මිදීමට ඔවුන් කල්පනා කළ යුතුයි . තම තමන් ස්වාධීන වන අලුත් විදිහට හිතනවා විනා රජයෙන් සහන බලාපොරොත්තු වන එක බොරු වැඩක්.

:       0       0

චින්තක Thursday, 27 October 2022 10:05 PM

මට හිතෙනවා සමගි පෙරමුණු රජය කාලයේ වතු රජය (ජනසතු කිරීම ) සතු කිරීමට පෙර වතු ආශ්‍රිතව කුඩා විදුලි බලාගාර ඇතිකර එයින්ම විදුලිය ගත්තා කියලා නමුත් පසුව එය වෙනස්වුනා මණ්ඩලයේ විදුලියට හුරුවුනා දැනුත් එහෙම ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නම් හොදයි මේ සදහා සූර්ය බලශක්තිය ප්‍රමාණවත් නම් ඒවා සවිකර ගත්තොත් ප්‍රශ්නය විසදේවි

:       0       0

sampath Friday, 28 October 2022 10:59 AM

එතකොට තේ අපනයනය කරන්නේ ඩොලර් වලට නෙමෙයිද?ආදායම තුන් ගුණයකින් වැඩි ව්ලෙආ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site