(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
වැරදි ආකාරයට විදුලි බිල වැඩි කිරීමට කටයුතු නොකරන්නැයි මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවට නියෝගයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
විදුලිබල මණ්ඩලය ලාභ ලබන හෙයින් විදුලි බිල මේ මොහොතේ වැඩි කිරීමේ අවශ්‍යතාවක් නැතැයිද ඔහු සඳහන් කළේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය
විදුලි බිල වැඩි කරන්න තීන්දුව අරගෙන ඉවරයි.අවුරුද්දකට විදුලි බිල වැඩි කරන්න පුළුවන් දෙපාරයි.හතර වතාවක් වැඩි කරන්න පුළුවන් කියලා දැන් විශේෂ පරිච්ඡේදයක් ඇතුළත් කරලා. මහජන උපයෝගීතා කොමිෂන් සභාව පනත උල්ලංඝනය කරමින් වැරදි වැඩක් කරනවා. අද විදුලි බිල ගැන උත්තර දෙන්න ඇමති නැහැ. මේ ආකාරයට වැරදි විදිහට කටයුතු කරන්න එපා කියලා මහජන උපයෝගීතා කොමිසමට නියෝගයක් දෙන්න කියලා කතානායකතුමාගේ ඉල්ලනවා.
විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව දැඩි පීඩනයකට පත් වෙලා සිටිනවා. ආණ්ඩුව ඇයි ඒ පීඩනය නොසලකන්නේ.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිලට එරෙහිව සජිත් සටනට
අරවින්ද මොනරවිල Friday, 20 October 2023 06:02 PM
මෙයාගේ විසිල් විතරයි බල්ටි නැහැ... අපි බල්ටි ගහනතුරු බලා ඉන්නවා අත්පුඩි ගහන්න...!