IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුලි ගාස්තු සියයට 20 කින් අඩු කරන බව රජය කියයි

(යොහාන් භාසුර)

මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ කළ සියයට 20 ක විදුලි ගාස්තු අඩුවීම ක්‍රියාත්මක කරන බව බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (18) පස්වරුවේ නිල වශයෙන් පැවසීය.

විදුලි ගාස්තු නියාමනය කිරීම සඳහා රජය පත්කර ඇති මහජන උපයෝගීතා කොමිසම ඊයේ (17) නිර්දේශ කළ පරිදි සාමාන්‍ය පාරිභෝගිකයන්ට, හෝටල් අංශයට සහ කර්මාන්ත ඇතුළු සියලුම අංශවලට සහනයක් ලැබෙන පරිදි ක්‍රියාත්මක කරන බවත් එම විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී රජයක් ලෙස අපහසුතාවන්වලට පත්වුවද එම සියයට 20 ක විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (6)

විදුලි ගාස්තු සියයට 20 කින් අඩු කරන බව රජය කියයි

Kazi Shajahan Saturday, 18 January 2025 02:45 PM

ලැජ්ජයි කුමාර, ඔයා හඑැදුවේ CEB එකේ ප්‍රොෆිට් එකෙන් තනියෙන් විනෝද වෙන්නනේ. NPP එකේ කෙනෙක්ද කියලා කියන්නත් බැහැ. මම නම් කියන්නේ ඔයා සහ සභාපති අස්වෙලා තවත් පව් දෙන්නේ නැතිව ගෙදර යනවා. අපි අමාරුවෙන් හදපු NPP ආණ්ඩුව වට්ටන්නේ නැතිව...

:       6       48

Janahitha Saturday, 18 January 2025 02:58 PM

බැසිල් මහත්තයාගේ, රනිල් මහත්තයාගේ ලයිට් මොලෙන්ද අඩුවට විදුලිය ගන්නේ ගේම් අවශ්‍ය නැහැ. ආර්ථිකය ගොඩගැනීම ජනතා අපේක්ෂාවයි.

:       27       18

karolis Saturday, 18 January 2025 10:27 PM

ඔය ටයි, කෝට් ගහගෙන ඉන්න පුළුවන්ද ඉංජිනේරු මහත්තයා වෙච්චි නස්පැත්තියට...?

:       0       1

karolis Saturday, 18 January 2025 10:52 PM

දවසින් දෙකෙන් විදුලි බිල අඩු කරන්න බෑ කියලා අපි කිව්වේ නෑ හොඳේ...!

:       0       1

ranjith Sunday, 19 January 2025 04:24 AM

ඕක මුලින් කිව්වා නම් හරිනේ. මණ්ඩලයේ හොර වෘත්තිය.. සමිති සහ නිලධාරීන්ට යටවෙලා ලකුණු කපාගත්තේ නැතිනම් නේද හොඳ..?

:       0       1

LGP. JATHUNARACHCHI. Sunday, 19 January 2025 07:00 AM

කවදාද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site