IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලිබල මණ්ඩලය කෝටි 7,000 ක ණයක් ගන්න යයි

(යොහාන් භාසුර)

විදුලි ජනනය සඳහා ගල්අඟුරු සපයා ගැනීමට විදුලිබල මණ්ඩලය මාස දෙකකට රුපියල් බිලියන 70 ක් හෙවත් කෝටි 7,000 ක් බැංකුවලින් ණය ලබාගත යුතු බවත් එම ණය ලබාගැනීමට නම් විදුලි ගාස්තු ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (12)  පැවසීය.

මෙම මාසයට සහ පෙබරවාරි මාසයට ගල්අඟුරු ආනයනය සඳහා රුපියල් බිලියන 35 ක් බැගින් බැංකුවලින් ණය ලබාගැනීමට සිදුවන බව කී සභාපතිවරයා එම ණය ඉල්ලුම් කිරීමේදී ණය ගෙවන ආකාරය පිළිබඳව බැංකු විමසීමෙන් ණය ගැනීම අභියෝගයක් බව ද සඳහන් කළේය.
නොරොච්චෝලේ බලාගාරයේ මෙම මාසය සහ ලබන මාස ගල්අඟුරු අවශ්‍යතා සඳහා මාසයකට නෞකා 6 බැගින් නෞකා 12 ක් ගෙන්වීමට සැළසුම් කර ඇති බව කී සභාපතිවරයා පැවසුවේ එම ගල්අඟුරු තොගය ගෙන්වීමට නොහැකි වුවහොත් විදුලි සැපයුම දැඩි අර්බුදයකට පත්වන බවත්ය.

විදුලි ජනනය සඳහා අවශ්‍ය සියලුම ඉන්ධන මිලදීගැනීමට මුදල් නොමැතිවීමෙන් මේ වන විටත් දැඩි අර්බුදයකට පත්ව සිටින බවත් විදුලි ගාස්තු ඉහළ නොදැමුවහොත් තත්වය බරපතල වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ගල්අඟුරු නෞකාව ශ්‍රී ලංකාවට ළගා වුවත් මුදල් ගෙවන තෙක් ගොඩබෑම නොකරන බව කී සභාපතිවරයා පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාව ද මුදල් ගෙවුවොත් පමණක් ඉන්ධන දෙන්නේ යැයි දැනුම්දී ඇති බවත්ය.

විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ දක්වා නිල වශයෙන් මණ්ඩලයට නොලැබීම නිසා විදුලි ගාස්තු මේ දක්වා ඉහළ දමා නොමැති බවත් ජනවාරි මස 1 වැනිදා සිට තාවකාලික විදුලි ගාස්තු ඉහළ දැමීමකට සහ පෙබරවාරි මස 15 වැනිදා සිට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබුණු පසු අන්තර්කාලීන විදුලි ගාස්තු ඉහළ දැමීමකට අනුමැතිය ලැබී ඇති බවත් සභාපතිවරයා කීය.

අන්තර්කාලීන සහ අතීතයට බලපාන පරිදි විදුලි ගාස්තු ඉහළ දැමීමට හැකියාවක් නොමැති යැයි මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කළ හොත් ඒ අනුව කටයුතු කරන බව කී සභාපතිවරයා සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳව ආණ්ඩුව ගන්නා ප්‍රතිපත්තිමය තීරණය මත කටයුතු කරන බවත්ය.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදු කරන්නේ යැයි කියන කාරණය වඩාත් සංවේදී කරුණක් බවත් විදුලිබල මණ්ඩලයට ඉදිරියේදී මුදල් ලැබෙන ආකාරය මත එම කාලය තුළ විදුලිය කැපීම පිළිබඳව තීරණය ගන්නා බව ද වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (6)

විදුලිබල මණ්ඩලය කෝටි 7,000 ක ණයක් ගන්න යයි

කිරිපුතා Thursday, 12 January 2023 07:35 PM

ණයට අරන් සේවකයින්ට බෝනස් දෙයිද දන්නේ නෑ. ඊට පස්සේ ඒ සේරම සාමාන්‍ය ජනතාවගෙන් අය කරගන්නනේ සැලැස්ම...!

:       1       11

අප්පුහාමි Friday, 13 January 2023 06:29 AM

ණයට ගන්නවා බෙදා ගන්නවා පාඩු ලබනවා බෝනස් දෙනවා බිල් වැඩිවෙනවා බඩුමිල යනවා රැකිය වැහෙනවා පාඩු කියනවා ඇමති අඩනවා බිල් නග්ගනවා අපි ඇඹරෙනවා වර්ජන එනවා සමිති හැදෙනවා පඩි වැඩිවෙනවා ඡන්දෙ තියනවා උන් රජවෙනවා චන්දය දුන් අපි තව බලුවෙනවා.

:       0       2

wikcy Thursday, 12 January 2023 09:24 PM

මොනවා කරනවද මන්දා...? ලාබයි කියනවා බෝනස් අනම් මනම් ඕනෑ වුණාම. දැන් පාඩුයි. කොහොම හරි බලන්නේ මිනිස්සුන්ගේ පිටින් දාලා කරන්ට් කපනවා කියලා තර්ජනයක් කරලා බිල වැඩි කරන්න. ඒත් කමක් නැහැ කපන්නේ නැතිව විදුලිය දීලා. කපලත් වැඩි කරන්නේ කපන්නේ නැතිව නම් ඕනෑ ගාන කියලනේ... මහ පිස්සුවක් නෙවෙයිද?

:       0       0

නිමල් nimal Friday, 13 January 2023 07:11 AM

හතර අතට පොලු තබා ඇති මණ්ඩලයට ණය දෙන්න බැංකු වල ලොක්කන්ට ඔල්මාදෙ ද?

:       0       1

Bamunuarachchi Friday, 13 January 2023 10:17 AM

ණය ගන්නේ බෝනස් ගෙවන්න වෙන්න ඇති...

:       0       2

Lalla Friday, 13 January 2023 10:51 AM

Privatize CEB after chasing all useless lazy gang of workers especially engineers and gang of laborers. No one will buy or even quote for it with those herd of workers.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site