IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දීය විදුලි ප්‍රබලයෙක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනට සහය වීමට ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දීය මධ්‍යම විදුලිබල අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය පන්කජ් බාත්‍රා මහතා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

කොළඹ විශ්වවිද්‍යාලයීය මානව සම්පත් කළමණාකාරන අංශයේ මහාචාර්ය අරෝශා අධිකාරම් මහත්මිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආයතනික ශක්තිමත් කිරීමේ උපදේශකයවරයෙක් වන ඩබාසිස් මහපත්‍රා මහතා ද මෙම වැඩසටහනට සහය දැක්වීමට පත්කර ඇති බව ද අමාත්‍යවරයා කීය.

නව විදුලිබල පනත ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට පෙර කැබිනට් මන්ඩලය අනුමත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ  සාමාජිකයන්, ආසියානු සංවර්ධන බැංකුව, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය, ලෝක බැංකුව සහ ඇමෙරිකානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය ඇතුළු සංවර්ධන නියෝජිත ආයතනවල නිරීක්ෂණ සහ ව්‍යවස්ථානුකුලව අවශ්‍ය රෙගුලාසි සකස් කිරීමට සහ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව, අයක්‍රමය සැකසීමේ නීති සහ පනතේ සිංහල පරිවර්තනය වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බව ද ඒ මහතා කීය.

විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කීරීම් සඳහා පසුගිය සදුදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ බවත් ඒ අනුව නව විදුලිබල පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් පැවසීය. 



අදහස් (1)

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දීය විදුලි ප්‍රබලයෙක්

wedage Friday, 24 November 2023 10:19 AM

කැබිනට් එක භංග වේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 20 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site