IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලිබිල නැවත වැඩි කරන්න ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ )

විදුලි මිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල පනාන්දු මහතා සඳහන් කළේ  එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවයි.

මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් දැරීමට සිදු වූ  බවත්  මෙම අතිරේක පිරිවැය  පියවාගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් මේ  ඉල්ලීම කළ බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර  සිල්වා මහතා පැවසීය.

මේ වසරේ ජල විදුලි ධාරිතාව ගිගාවොට් පැය  4500ක් අපේක්ෂා කළ නමුත් ගැනීමට හැකිවූයේ ගිගාවොට් පැය 3750 ක් පමණක් බවද  සාමාන්‍යාධිකාරීවරයා කීය.

මේ නිසා ගිගාවොට් පැය 750ක් අතිරේකව තාප බලාගාරවලින්  ගැනීමට සිදු වූ බවද  ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳ සවිස්තරාත්මක දත්ත මහජන උපයෝගිතා කොමිෂන්  සභාවට අනිද්දා  සඳුදා  ලබාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.

විදුලිය නිෂ්පාදනය කිරීමට වැයවන අධික පිරිවැය හේතුවෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීද  විදුලි බිල ඉහළ දැමිණි.



අදහස් (3)

විදුලිබිල නැවත වැඩි කරන්න ඉල්ලයි

upali Friday, 29 September 2023 01:26 PM

අපිව මරන් කන්නද යන්නේ? දැන් තියෙන බිලත් ගෙව්වේ ණයවෙලා.

:       0       0

Nimal Friday, 29 September 2023 04:02 PM

ඒකටත් අපිද පළි? නුඹලාගේ හොරකම අඩුකරලා, හරියට වැඩ කළා නම් ඔහොම සතියෙන් සතිය වැඩිකරන්න ඕන නෑනේ... මොන මගුලක්ද මේක? 

:       0       0

Akila Friday, 29 September 2023 04:17 PM

ඇයි කාංචන ඇමැති කලින් සැරේ 400% විදුලි බිල වැඩිකරේ ආපහු වැඩිකරන්නේ නැහැ කියලා නේද? මේ සැරේවත් පාරට බහින්න ලෑස්තිවෙලා ඉඳිමු..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site