IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘වෛද්‍ය විද්‍යාවේ නොකී කතාව‘ ඇරඹෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පිඨය සංවිධානය කරන ‘පේමෙක්ස් 2015 - වෛද්‍ය විද්‍යාවේ නොකී කතාව‘ 8 වැනි  වෛද්‍ය ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා පැවැත්විණි.

ප්‍රදර්ශනය අද (24)  සිට ලබන 31 දක්වා පෙරවරු 9 සිට පස්වරු 8 දක්වා මහජනයාට විවෘතව තැබෙන බව වෛද්‍ය පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සම්පත් තෙන්නකොන් මහතා පැවැසිය.

ප්‍රදර්ශනය මගින් පාසල් සිසු සිසුවියන්, වැඩිහිටියන් ඇතුළු සියලුම ජනතාව වෛද්‍ය විද්‍යාවේ නව තාක්ෂණයත් සමග දැනුම්වත් කිරිම තුළින් වඩාත් සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහිකිරීම අරමුණ බව ද ඒ මහතා කීවේය.

1965 දී ඇරඹි වෛද්‍ය ප්‍රදර්ශනය අවසන් වරට පැවැත්වුණේ 2003 වර්ෂයේදීය. මිනිසාගේ උපතේ සිට මරණය දක්වා විශේෂ කුටි වල සජීවි ක්‍රියාකාරකම් ඇතුළු විශේෂ නවීන වෛද්‍ය ක්‍රමයන් හා නව සොයා ගැනිම්ද ප්‍රදර්ශනයට ඇතුළත් බව වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මහතා පැවසීය.

pemex_2015824pic2 pemex_2015824pic3 pemex_2015824pic4 pemex_20158241



අදහස් (0)

‘වෛද්‍ය විද්‍යාවේ නොකී කතාව‘ ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site