IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විද්‍යා විද්‍යාල ක‍්‍රීඩකයෝ වෙරළ රග්බි ශූරතාව දිනති

ෆියුචර් මයින්ඞ්ස් ලේකම් කාර්යාලය දෙවැනි වරටත් සංවිධානය කළ ‘ෆියුචර් මයින්ඞ්ස්’  වෙරළ ටැග් රග්බි සැණකෙළියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමත් විය. කොළඹ මහානාම විදුහලට අනු ශූරතාව හිමිවිය. ගල්කිස්ස වෙරළ තීරයේ ජීවිතාරක්‍ෂක සංගමය අසළදී පැවැති මෙම තරගාවලියට කණ්ඩායම් 19 ක සහභාගි වූහ.

තරගාවලියේ පළඟ ශූරතාව මහනුවර විද්‍යාර්ථ විදුහලටද, බඳුන ශූරතාව මරදාන සහිරා විදුහලටද, හිමිවිය. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ රිචඞ් ධර්මපාල සම්මාන ලැබීය.

විද්‍යා විදුහල් ක‍්‍රීඩකයෝ කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී මහානාම විදුහලට එරෙහිව ලකුණු 5x0 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

පළඟ ශූරතා අවසන් මහ තරගයේදී විද්‍යාර්ථ විදුහල ලකුණු 20.10 ක් ලෙස කොළඹ නාලන්දා විදුහල පරාජය කළේය. සහිරා විදුහල් ක‍්‍රීඩකයෝ බඳුන ශූරතා අවසන් මහ තරගයේදී තර්ස්ටන් විදුහලට එරෙහිව ලකුණු 15.10 ක තියුණු ජයක් ලැබූහ.

(ඡයාරූප: සුමින්ද සුදර්ශන පතිරණ)

 



අදහස් (0)

විද්‍යා විද්‍යාල ක‍්‍රීඩකයෝ වෙරළ රග්බි ශූරතාව දිනති

ඩිලාන් Tuesday, 14 May 2013 06:12 PM

ඇත්ත... දක්ෂයන්ට කොහේ ගියත් හරි යනවා හොර බොරු වංචාව නැත්තම් හැමදාටම. ඒත් හැමතැනම තියෙන්නේ වංචාව. (නි)

:       0       0

අමිල Tuesday, 14 May 2013 10:47 AM

විද්‍යා විද්‍යාලයේ රග්බි කණ්ඩායමට සුබ අනාගතයක් ! (ස)

:       0       0

අනුෂ්ක Tuesday, 14 May 2013 03:30 PM

දක්ෂයට නියම තැන ලැබෙනවා හොරු බොරු වංචා කාරයෝ නැත්නම්..(ස)

:       0       0

අසේල ද සිල්වා Tuesday, 14 May 2013 12:16 PM

ආදී ශිෂ්‍යන්ගෙන් උණුසුම් සුබ පැතුම් . අපට හරි ආඩම්බරයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site