IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් හත්දෙනකුට මරණ දඬුවම

(තරිඳු ජයවර්ධන සහ රොමේෂ් මධුශංක)

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩු විභාගයේදී තම  තීන්දුව ප්‍රකාශයට පත් කරමින් යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංගචේලියන් මහතා ප්‍රකාශ කර සිටියේ පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවත් ඉතුරු විත්තිකරුවන් හත් දෙනාට මරණ දඬුවම දිය යුතු බවත් ය.

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම අද උදෑසන ආරම්භ වූ අතර එම නඩුව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් සහ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචේලියන් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගැනිණි.

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කළැයි චෝදනා එල්ල වූ විත්තිකරුවන් නව දෙනාගෙන් විත්තිකරුවන් හත් දෙනෙකු එම සිද්ධියට වැරදිකරුවන් බව තීරණය කළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔවුන් හත් දෙනාට මරණීය දණ්ඩනය නියම කළේය.

අධිචෝදනා ලබා සිටි විත්තිකරුවන් දෙදෙනකුට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපහොසත්වී යැයි තීරණය කළ අධිකරණය එම විත්තිකරුවන් දෙදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ද නියෝග කළේය.

යාපනය පුංකුඩුතිව්හි නව වැනි පටුමෙඟ් පදිංචිව සිටි ශිවයෝගනාදන් විද්‍යා දැරිය 2015 මැයි 13 වැනි දා පැහැරගෙන ගොස් අපයෝජනය කර මරා දමා තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් කයිට්ස් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වා සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගය පැවැත්විණි.

විත්තිකරුවන්

1 බුබාලසිංහම් ඉන්ද්‍රකුමාර්

2 බුබාලසිංහම් ජෙයකුමාර්

3 බුබාලසිංහම් තවකුමාර්

4 මහාලිංගම් ශසිදරන්

5 තිලේනාදන් චන්ද්‍රහාසන්

6 ශිවදේවන් දුෂාන්ත්

7 පලනි රූපසිංහම්

8 ජෙයදරන් කෝකිලන්

9 මහාලිංගම් ශෂීකුමාර් (ස්විස්කුමාර්)

ඔවුන් අතරින් 1වැනි හා 7වැනි විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කෙරුණු අතර ඉතිරි 7දෙනාට මෙසේ මරණ දඬුවම් නියම කෙරිණි.



අදහස් (31)

විද්‍යා ඝාතනයේ විත්තිකරුවන් හත්දෙනකුට මරණ දඬුවම

mahee Wednesday, 27 September 2017 06:50 AM

සියලු ලෝක පාලක දේවතාවුන්ගේ උදහස ලැබී මේ මිනීමරුවන් මහා පොළොවෙන් දුරු වේවා.

:       1       346

Ruwan Wednesday, 27 September 2017 07:04 AM

මහජනතාවගේ පැතුම නම් පොලිසියේ සිට උදවු කල ලොක්කා ඇතුළු සැමට උපරිම දඬුවම් ලැබෙනු ඇත යන්නයි. තව පැය කිහිපයකින් එම සුබ පණිවිඩය සැමට අවවාදයක් ලෙසින් ප්‍රකාශ වනු දැක්ම අපගේ පැතුමයි. එවිට තංගල්ල පැත්තේ තියෙන විදේශියන් සම්බන්ධ නඩුත් විසදෙනු ඇති.

:       445       935

RaveendraWednesday, 27 September 2017 10:19 AM

රුවන් මයා වෙත, ඔබගේ අදහසට අපද ගරු කරන අතර "උදව් කල ලොක්කා" පමණක් නොව මෙම අපරාධයට ගෑවුණු සෑම කෙනෙකුටම උපරිම දඬුවම් දිය යුතුමය. තවද මෙවැනි අපරාධකරුවන්ට අපගේ මුදල් වලින් නඩත්තු නොකොට භෞතිකවම සමාජයෙන් තුරන් කලයුතුය.

:       0       345

Wattegedara Wednesday, 27 September 2017 08:00 AM

හොඳ නඩු තීන්දුවක්

:       0       199

ranjith Wednesday, 27 September 2017 08:01 AM

තීන්දුවෙන් පමණක් ප්‍රශ්නය විසදේද?

:       44       98

Upali Wednesday, 27 September 2017 08:08 AM

මරණ දඩුවම පැන වූවත් එය කි‍්‍රයාත්මක නොවීමයි කණගාටුව. එල්ලා මරණ දිනය නියම කරන්නෙ ජනාධිපතිතුමානෙ . ජනාධිපති වරු කිසිම කෙනෙක් මේ තාක් කල් මරණ දඩුවම නියම වූවෙකුගේ දඩුවම කි‍්‍රයාත්මක කර නැහැ. ඒ නිසා 78 ව්‍යාවස්ථාවට පෙර තිබූ අන්දමින් විනිසුරු විසින්ම දඩුවම කි‍්‍රයාත්මක කරන දිනය ප‍්‍රකාශයට පත් කෙරෙන පරිදි ආණ්ඩු ක‍්‍රම ව්‍යාවස්ථාව සංශෝධනය කළ යුතු බවයි මගේ අදහස. එසේ කළහොත් මේ අපරාධ රැල්ල නිකම්ම අඩුවෙලා යන බව නම් ස්ථීරයි.

:       2       341

බුද්ධික Wednesday, 27 September 2017 12:34 PM

ඔබත් සමඟ මම සීයට සීයක්ම එකඟයි...

:       0       151

SENA Wednesday, 27 September 2017 08:14 AM

වැඩක් නැහැ, විද්‍යා දැරියට යුක්තිය ඉස්ටවෙන්නේ නැහැ - මරණ දඩුවම ක්‍රියාත්මක කරන්නේ නැති නිසා.

:       0       142

priya Wednesday, 27 September 2017 08:14 AM

හොඳ තිර්නයක් සුබපතුම්!

:       0       95

shan saudi Wednesday, 27 September 2017 08:27 AM

සියලු ලෝක පාලක දේවතාවුන්ගේ උදහස ලැබී මේ මිනීමරුවන් මහා පොළොවෙන් දුරු වේවා. මේ රට පාලනය කරන ජනපති හා අගමැතිතුමන්ලාට යලි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ශක්තිය ලැබේවා... රටේ අවනීතිය දුරලීමට එල්ලුම් ගහ නැවත ගෙන ඒමට හැකිවේවා !!!

:       0       136

Rohana Wednesday, 27 September 2017 08:27 AM

සමාජ සාධාරණත්වයේ ජයග්‍රහණයක්. දඬුවම් දීමෙන් අපරාධ අඩුකළ හැකිය..

:       0       139

Anton Austria Wednesday, 27 September 2017 08:36 AM

නැවත ඇපෑලක් එවලා නඩුවක් තියලා නිදහස් කරන්න. අපේ රටේ නඩු තින්දුනේ...

:       0       165

sam Wednesday, 27 September 2017 08:40 AM

ලෝක පාලන දේවතාවුන්ට නොවෙයි මොවුන්ව මේලෝකයෙන් තුරන් කිරීමේ බලය සහ හැකියාව තියෙන්නේ ! ලංකාවේ යහපාලන ජනාධිපති තුමාටයි .

:       1       53

Gune Wednesday, 27 September 2017 08:42 AM

බණ්ඩාරනායක අගමැතිතුමාගේ ඝාතනයේ වරදකරුට මරණ දඬුවම ලබාදීමේ දී අතීතයට බලපාන පරිදි නීතිගතකොට ඔහුව එල්ලා දමනු ලැබුවා. අපේ රටේ දැනටමත් නීතිය තියෙනවා. ඒ වුනාට මානව හිමිකම් කට්ටිය කෑ ගහයි කිය කියා ඒ නීතිය පුස් කන්න ඇරලා තියෙනවා. එහෙම කරන්නේ කුඩු මහත්වරුත් එල්ලන්න වෙන නිසාදෝ කියලත් වෙලාවකට හිතෙනවා. කොහොම වුනත් ඔන්න දැන්වත් ඇස් ඇරියොත් හොඳයි.

:       0       68

Nuwan Wednesday, 27 September 2017 08:44 AM

සාධාරණ ලෙස නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරන් ඇතුළු සියලුදෙනාට ප්‍රණාමය .. තීන්දුවෙන් නතර නොවී මුන්ව එල්ලන්නත් ඕන

:       0       81

Ariyapala Hewage Wednesday, 27 September 2017 08:48 AM

බොහෝ විට ඇපීල් කරනු ඇත. ඇපීල් උසාවියෙන් නිඟා නොකිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ උගත් මහතුන් ක්‍රියා කරනු ඇත.

:       0       56

husen-riyad Wednesday, 27 September 2017 09:01 AM

යාපනේ එහෙම උනාට, කොළඹදී නම් එහෙම වෙන්නේ නැහැ. ඔය වැනි අපරාධ කාරයෝ කොච්චරක් නම් නිදැල්ලේ ඉන්නවද..? ඔය වගේ සමාජ සාධාරණ තීන්දු ජනතාවට කොච්චරක් නම් සතුටට කරුණක්ද..? ඔය ගොඩක් දේශපාලුවෝ සංහිඳියාව සමබන්ධව මාධ්‍ය සංදර්ශන තිබ්බට, කරන්නෙම ඊට පටහැනි දේවල්. තනිකරම දෙබිඩි චරිත. මුනිච්චාවට හිනාවුනාට කතා කරාට .., ජාතිවාදය කුලවාදය ආගම්වාදය ධනවාදය සහ පන්තිවාදය යටින් දෝරේ ගලනවා.

:       1       229

සරත් Wednesday, 27 September 2017 09:10 AM

දකුණට ආදර්ශයක් . 2015 මැයි 13 සිට අවුරුදු 2 මාස 4. කෙටි කලකින් තීන්දුව දීම නීති සංගමය වැරැද්දක් ලෙස අගවිනිසුරුට කීමට ඉඩ තිබේ. නීති සංගමය මෙය හොඳ දෙයක් ලෙස දකීද? රන්ජන් රාමනායකට මෙය හොඳ උදාහරණයකි. දකුණේ ඉඩම් නඩු කල්දමා පෙරකදෝරුවන් පොහොසත් කරවති.

:       39       343

kumar (galf) Wednesday, 27 September 2017 09:24 AM

දැන් ඉතින් රජගෙදර බෝඩිමේ කකා බිබී ඉඳීවි කවදාහරි සමාවක් ලබා ගෙදර යනකන්. මේ රටේ නීතිය විහිළුවක්.

:       0       83

කරුණාපාල Wednesday, 27 September 2017 09:47 AM

ගරු අධිකරණයෙන් මරණ දඬුවම දුන්නා නම්, ආයේ මොකටද ඉතින් ජනතාවගේ මුදලින් කන්න බොන්න දීලා රැක බලා ගන්නේ? පුළුවන් තරම් ඉක්මණින් එල්ලලා මරනවා මිසක්. නමුත්, පෝරකයෙන් වැඩක් නොගෙන මරණ දඬුවම නාම මාත්‍රිකව දීම නම් විහිළුවක්?

:       0       79

Perakum Wednesday, 27 September 2017 09:47 AM

අර 9වැනි විත්තිකරු බේරගන්න දඟලපු පොලිස් ලොක්කට දඬුවමක් නැද්ද...?

:       101       909

බංඩාර Wednesday, 27 September 2017 09:50 AM

මෙම ඝාතකයන්ට නිදහසේ යාමට ඉඩදුන් පොලිස් නිලධාරින් සම්බන්ධව මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් චෝදනා පත්‍ර නිකුත්කර තිබේද? විනය පරීක්ෂණ ආරම්භ කර තිබේද? එසේ නැතිනම් එයට ඇති ප්‍රමාදය කවරේද? පොලිස් කොමිෂම වහාම රටට හෙලි කල යුතුයි. කොමිෂම තිබෙන්නේ එවැනි වැරදි යළි ඇති නොවීමට වග බලා ගැනීමටයි. වහාම රටට හෙළි කරන්න මාධ්‍යය මගින් බලපෑම් කළ යුතුයි.

:       42       380

srimala Wednesday, 27 September 2017 10:03 AM

100 දුෂණය කරලා පාටියක් දමපු මන්ත්‍රීට මොකද වෙන්නේ

:       0       154

rohana kumara mendis Wednesday, 27 September 2017 10:21 AM

මේ විහිළුව කවදද නවතින්නේ? නමට එල්ලුම් ගස් යැවීම, හෙට අනිද්දා ඇප සමග මුදා හැරියා කියයි. වැඩේ වෙච්ච දවසෙත් මහා ජනතාව අල්ලලා දීලත් පොලිසියෙන් සල්ලි අරගෙන මුදා හැරියා තව මොන නීතියක්ද මේ රටේ...

:       0       161

indika Wednesday, 27 September 2017 10:24 AM

තවත් මේ අපරාධකාරයන්ට ආණ්ඩුවේ බෝඩිමේ කන්න දෙන්න ඕනෑ නේද? මරණ දඩුවම අනිවාර්යෙන්ම දෙනවා නම් මේ වගේ අපරාධ කරන්නේ නැති වේවි !!!

:       0       158

rasika Wednesday, 27 September 2017 10:36 AM

පොලීසියෙන් ලබාගත්තු ප්‍රකාශ ඇත්තද? බොරුද? කියලා හොයන්න ඕනෑ. නැත්තම් කොණ්ඩය ඇල්ලුවා වගේ අහිංසකයෙක් අල්ලලා තියෙයි.

:       15       175

rasika Wednesday, 27 September 2017 10:41 AM

පොලීසියෙන් ලබාගත්තු ප්‍රකාශ ඇත්තද? බොරුද? කියලා හොයන්න ඕනෑ... නැත්තම් කොණ්ඩය ඇල්ලුවා වගේ අහිංසකයෙක් අල්ලලා තියෙයි.

:       16       140

Rohana Wednesday, 27 September 2017 11:44 AM

මරනවට වඩා මැරී මැරී ඉන්න වෙන එකත් හොඳයි

:       0       32

PA-RA Wednesday, 27 September 2017 12:37 PM

1 සහ 7ට දෙවියන් දඬුවම් දේවි !!! එයා නුදුරේ ආරංචි වෙයි. නමුත් යහපාලනයේ කටයුතු අනුව එය ක්‍රියාත්මක වෙයිද?

:       0       12

Mahesh Wednesday, 27 September 2017 01:00 PM

ස්විස් කුමාරව ආරක්ෂා කළා කියපු විජය කලාට මොකද වුණේ? ලලිත් ජයසිංහට මොකක්ද වෙන්නේ? වරදට අනුබල දෙන අයටත් තරාතිරම නොබලා දඬුවම් දිය යුතුයි. මෙවැනි වරද කරුවන්ට දිය යුත්තේ රජකාලේ දඬුවම්...

:       0       86

බන්දු Thursday, 28 September 2017 05:44 AM

නීතියෙන් මරණ දඩුවම නියම වුවත්, පොදු ජනතාවගේ මුදලින් කාල බීල ඉන්න පුළුවන්නෙ. නමුත් ස්වභාව ධර්මයෙන් මේ ආත්මයේදිම ඔවුන්‍ට අසරණ කෙල්ලට දීපු වද වලට විපාක ලැබේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31437 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13711 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11040 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 143 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1055 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 291 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site