IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පහරදුන්නැයි දෙකක් අත්අඩංගුවට

 (ඩී.ජී. සුගතපාල )

කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතාට පහරදුන් බව කියන රෝහල් සේවකයෙකු සහ සේවිකාව්ක් අත් අඩංගුවට ගත් බව ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කොට්ටවගම පදිංචි සෞඛ්‍ය කාරය සහායිකාවක් සහ අකුරැස්ස දියලපේ පදිංචි සෞඛ්‍ය කාර්ය සහායකයෙකි.

ඉකුත් 16 වනදින පැවති වැඩ වරජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් සහභාගි නොවන බවට ප්‍රකාශකර තිබුණත් කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ කණිෂ්ඨ සේවකයින් වරජනයට සහභාගිවිම සම්බන්ධයෙන් පසුදින වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර ඇතිවු ආරවුලකදි කණිෂ්ඨ සේවකයින් විසින් තමාට පහරදුන් බවට වෛද්‍යවරයා විසින් කර තිබු පැමිණිල්ලක් අනුව මෙම සැකකාරිය සහ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

මේ අතර කණිෂ්ඨ කාර්‍ය මණ්ඩලයේ සේවිකාවකට සහ සේවකයෙකුට එදින පහරදිමේ චෝදනාව යටතේ ඉකුත් 18වනදින අත් අඩංගුවට ගන්නාලද වෛද්‍යවරයා හෙට (22) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

 

 



අදහස් (5)

වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පහරදුන්නැයි දෙකක් අත්අඩංගුවට

Jinadari Sunday, 21 January 2024 08:59 AM

ඇඟිල්ලේ තරමට වඩා ඉදිමුණාම තමයි ඔහොම වෙන්නේ ඇත්තටම මෙහෙම දොස්තර කෙනෙකුත් සනීපාරක්ෂක කම්කරුවන් අතර අහසට පොළොව වගේ පරතරයක් තියෙනවා. මෙහෙම වැරැදි වෙන්නේ නූගතුන් සේවය සඳහා බඳවාගෙන නිසි පුහුණුවක් නොදීම සහ තමන්ගේ තනතුර තියෙන්නේ කොතැනද කියලා පැහැදිලි නොකර රාජකාරි පැවරීම නිසා කියන්න පුළුවන්... ඒ වගේම මෙම ජෝඩුව ගෝඨාභය සේවයේ යෙදූ අය වෙන්නත් පුළුවන්... මේ නිසා මින් ඉදිරියේවත් රෝහල් වලට කම්කරුවන් බඳවා ගැනීමට ඉල්ලුම්පත් කැඳවා විභාගයෙන් ලබන ලකුණු අනුව සහ දහම් පාසල් අවසාන විභාගය සමත්වෙලා සිටින අයගෙන් ගතහොත් මෙහෙම කාළකණ්නි රජයේ සේවයට නොඑන්න පුළුවන් රජයේ සේවය යහමගට ගැනීමට අකැමැති උන්දැලා මේ අදහසට විරුද්ධ වේවි (මම දකින්නේ ගෝඨාභය ජනාධිපති අධ්‍යාපන සුදුසුකම් නැති අයට රැකියා දීමට අනුගමනය කළ ක්‍රමවේද... මෙහෙම දේවල් වෙන්න හේතුවක් වුණා කියලා තමයි)

:       0       0

Bamunuarachchi Sunday, 21 January 2024 09:12 AM

පැමිණිල්ලක් තිබෙන්න එපාය අත් අඩංගුවට ගන්න. සේවකයන්ගේ සිත් මෙතරම් විකුර්ති කලේ පාදඩ ජේවීපී නැතිනම් චේගුවේරා හැත්ත.

:       0       0

sumanasiri Sunday, 21 January 2024 09:26 AM

මෙන්න මේ සෞඛ්‍ය සේවයේ ඉන්න වෘත්තීය සමිති කාරයින්ව රජයේ වියදමෙන් මාසයකට ඔස්ට්‍රලියාවේ යවල හැබහින් පෙන්වමුද කොහොමද ඒ රටේ දොස්තරල, නර්ස්ල , උපස්ථායකයෝ සහ අනෙකුත් සේවාවල අය සේවයකන්නේ කියල . ඒ වගේම එක එක අයට ලැබෙන දීමනා ගැනත් අවබෝධයක් ඉන් ලැබේවි . ඔය කාලකන්නි වෘත්තීය සමිතිකාරයෝ ඉන්නකන් රජයේ කිසිසිම සේවාවක් නිසි පරිදි පවත්වාගෙන යන්න බැහැ . මේවා කාගේ බලල් අත්ද කියල කවුරුත් දන්නවනේ . අනික ඔය අතිරික්ත උපස්ථායකයින්ව ඉක්මනින්ම විශ්‍රාම යවන්න . මේ අය හැසිරෙන්නේ රස්තියාදුකාරයින් වගෙයි .

:       0       0

ana Sunday, 21 January 2024 10:18 AM

එයා මට ගැහුවා. මට එයා ගැහුවා...

:       0       0

Nimal Sunday, 21 January 2024 11:16 AM

පිටරටකට වෙලා හිටියා නම් ඉවරයි. එක එක කුඩ්ඩන්ගෙන් ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site