IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘වෛද්‍යවරු විදේශගත වීම අඩු වෙලා’

(යොහාන් භාසුර)
වෛද්‍යවරු විදේශගත වීමේ සංඛ්‍යාව මේ වන විට අඩු වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද (23) පැවසීය.
අධ්‍යාපනය සඳහා සහ වෙනත් කරුණු සඳහා වෛද්‍යවරු විදේශගත වීමේ අඩුවක් මේ වන විට ඇති බවත් අධයාපන කටයුතු සඳහා විදේශගත වන වෛද්‍යවරු නැවත නොපැමිණීම ද අවම වෙමින් පවතින බවත් මහීපාල මහතා කීය.
දැනුවත් කිරීම සහ පහසුකම් දීම ආදිය තුළ ඉදිරියේදී වෛද්‍යවරු විදේශගත වීම තව දුරටත් අඩුකරගත හැකි බව ද මහීපාල මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (7)

‘වෛද්‍යවරු විදේශගත වීම අඩු වෙලා’

රංබොඩ Thursday, 23 November 2023 12:20 PM

යන කෙනෙකුට සීතල රටවල් හොයාගෙන යන්න පුලුවන් . රටේ සල්ලි වලින් ඉගෙන ගන්න එකට අවම වශයෙන් වසර 10 ක වත් සේවයක් දීලා යන්න ඕන. ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික වශ්ව විද්‍යාල බොහෝ බිහි වෙලා රටට.සහ වෙනත් රටවල වැඩ කරන්න වෛද්‍යවරු බිහි කරන්න ඕන.

:       13       17

wedage Thursday, 23 November 2023 12:32 PM

එ කියන්නෙ දැන් දෙස්තරවරු ලංකාවෙ හිගාකයි කියලද ?

:       4       14

inshan Thursday, 23 November 2023 12:59 PM

යන කට්ටිය දැන් කොහොමත් දැන් ගිහින් ඉවරයි...

:       0       1

Rata Perata Thursday, 23 November 2023 01:17 PM

ඇයි දැන් රටේ තත්වේ හොඳයිද? සංඛ්‍යා ලේඛන එක්ක කතා කරන්න විකාර නැතිව... අනිවාර්යයෙන්ම වෙන රටවිලින් තිබුණු ඉල්ලුම අඩුවෙලා ඇති... එහෙම නැතිනම් මෙහෙ බෙහෙත් කඩ දාගෙන කෝටි ගණන් හොයනවා ඇති... හරියට ප්‍රශ්නේ අඳුනාගෙන, නීති සම්පාදනය කරන්නේ නැතිව කතා එපා...

:       0       2

de silva berlin Thursday, 23 November 2023 02:29 PM

එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ, නවසිලන්තේ දොස්තරලාට ලංකාවේ වගේ ඕනේ ඕනේ විදිහට චැනල් කඩ දමාගෙන රෝගීන්ගෙන් ගසකන්න බැහැ.. උපයන අදායමට සරිලන ලෙස අදායම් බදු ගෙවන්න ඕනේ... මෙහේ වගේ ලිස්සලා යන්න බැහැ.. තමන් ප්‍රතිකාර රෝගීන්ට වග කියන්න ඕනේ..!

:       2       1

විපරමා Thursday, 23 November 2023 02:46 PM

චැනල් සේවය කරන අයට නම් ප්‍රශ්නයක් නැතුව ඇති...!

:       0       2

බද්රානි Thursday, 23 November 2023 02:48 PM

අර මාෆියා කල්ලියේ දොස්තරලා රැලත් රට පැනලාද..? ඔවුන්ව නම් ගහලා පන්නනයි ඕනෑ... ඒ මාෆියා කල්ලිය තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය හා මේ රට විනාශ කරීමට දායක වූයේ..? තව ටිකෙන් සුවසැරිය ගිලන්රථ සේවයත් නැතිකරන්නයි ඒ අමනයෝ උත්සාහ කළේ... අපේ දරුවන්ට කැඳ පොවන්න කියලා ඔවුන්ගේ දරුවන්ට චීස්බටර් හා මස් කවනවා.. ඔවුන්ට තෙල දානවා රටේ ජනතාවට දියවැඩියාව හැදෙනවා..

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site