IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වතු අධිකාරීහු ආරක්ෂාව ඉල්ලති

 

වතු කළමනාකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය වහා පියවර ගත යුතුයැයි ශී‍්‍ර ලංකා වතු වගාකරුවන්ගේ සංගමය

පවසයි.

සංගමය මෙහි ආසන්නතම සිදුවීම ලෙස පසුගියදා දැරණියගල නූරියා වතුයායේ කළමණාකරු වූ නිහාල් පෙරේරා මහතාගේ ඝාතනය පෙන්වා දේ.මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දකින බව කියන

ශී‍්‍රලංකා වතුවගාකරුවන්ගේ සංගමයේ ලේකම් මාලින් ගුණතිලක මහතා පවසන්නේ තර්ජන,අඩත්තේට්ටම් කිරීම්,පාලන කටයුතු වලට අනවශ්‍ය ඇගිලි ගැසීම් ගැන පෙර සිටම නිහාල් පෙරේරා මහතා ආදාළ අංශ දැනුම්වත් කිරීම සිදුකළද ඒවාට කිසිවෙකුත් නිසි ප‍්‍රතිචාර නොදැක්වීමෙන් මේ අවාසනාවන්ත සිද්ධිය සිදුවූ බවයි.මේ වනතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව නැතැයි හෙතෙම පොලිසියටද චෝදනා කරයි.

විශේෂයෙන් රජය විසින් විවිධ සමාගම් වලට බදු දී ඇති වගාබිම් වල කළමණාකරුවන්ට විවිධාකාරයේ තර්ජන එල්ල වීමේ ප‍්‍රවණතාවක් ඇතැයි ශී‍්‍රලංකා වතුවගාකරුවන්ගේ සංගමය පවසයි.රජයේ දේපල ආරක්ෂා කිරීමේ යෙදී සිටිනා වතුකළමණාකරුවන්ට හොද ආරක්ෂාවක් ලබාදීම රජයේ යුතුකම බව වතුවගාකරුවන්ගේ අදහසයි.



අදහස් (0)

වතු අධිකාරීහු ආරක්ෂාව ඉල්ලති

ලලිත් Friday, 12 July 2013 06:53 PM

අනේ මන්දා කාටද දැන් ආරක්ෂාවක් වුවමනා නැත්තේ ? (නි)

:       0       0

ටිකිරි Sunday, 14 July 2013 11:52 AM

මෙම ඝාතනයට ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඇතුළු මැරයන් පහළොස් දෙනෙක් පමණ සහභාගි වී සිටි බවට ඇසින් දුටු සාක්ෂි තිබෙන බව මියගිය වතු අධිකාරී නිහාල් පෙරේරා මහතාගේ ඥාතීහු පවසනවාලු නේද? මෙම මැරයන් සියලු දෙනා අත කඩු, ‍පොලු කිනිසි, වැනි ආයුධ තිබුනා කියලත් කියනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site