IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වත්මන් සුභාවිත ගීතය 'රෑ අහසක්' වගේ අඳුරු යුගයක

2016-07-23-ent-26

රාජ්‍ය සංගීත උළෙල ඉකුත්දා නිමාවට පත්විය. එම උළෙලින් සම්මානයට පාත‍්‍ර වූ කෘති ගායක ගායිකාවන් මෙන්ම ගීත රචකයන් සහ සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ නම් ඉතිහාසයට එකතු වන්නේය. මේ නිසා ඉන් සම්මානිත සියල්ලන් පිළිබඳව කතාකිරීමේ වගකීම ද යුතුකම ද හැමදාමත් අප සතුය. එනිසාම මෙවර රාජ්‍ය සංගීත උළෙලට ඉදිරිපත් කෙරුණු සංගීත තැටි අතරින් හොඳම සංගීත තැටිය ලෙස සම්මාන දිනූ රෑ අහස නිර්මාණය කළ රවී සිරිවර්ධන සඳැල්ලට කැඳවන්නට අපි අදහස් කළෙමු.

රවි සිරිවර්ධන වූ කලී මෑත යුගයේ නිතර කතාබහට ලක්වන අන්දමේ මනරම් ගීත ලියූ ගීත රචකයෙකි. ඔහු ලියූ ගී ඉකුත් යුගයේ නිකුත් වූ විවිධ සංගීත තැටිවල ජනප‍්‍රියම ගීත බවටත් රසික අමන්දානන්දයටත් පාත‍්‍ර වූයේය.

 

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා.

මේ සිහින හරි පුදුමයි,

වසත් කාලය මනරම්

නුඹ තරම් දුක දුන් කෙනෙක්

කොහේ හෝ දැන්

අවසාන සැඳෑ සක්මන

රංචු ගැහෙන කොලූ රෑනේ

 

එබඳු ගීත කිහිපයක් පමණකි.

 

 

ඉන් නොනැවතී ඔහු තමන්ගේ ගී වලින් ගී තැටි කිහිපයක්ද කලින් කලට නිකුත් කළේය. ම්ලේනියම් පෙම්වත්තු, වසත් කාලය මනරම් සහ රෑ අහස යනුවෙනි. ඉකුත් දා හොඳම ගී එකතුව ලෙස රාජ්‍ය සංගීත සම්මානයෙන් පිදුම් ලැබුවේද මෙන්න මේ රෑ අහසයි.

ශානිකා සුමනසේකර, එඞ්වඞ් ජයකොඩි, හර්ෂණ දිසානායක, සුනිල් එදිරිසිංහ, දුමාල් වර්ණකුලසූරිය, ලක්මිණි උඩවත්ත, දයාන් විතාරණ, සමන් ලෙනින්, ක‍්‍රිෂාන්ත එරන්දක, ලක්ෂණා ලක්මිණි ඇතුළු ගායක පිරිසකගේ ගී හඬින් ? අහස තරු පිරි අහසක් බවට පත්ව තිබේ.

 

ඉතින් අපි රවි සිරිවර්ධන සමග දොඩමලූ වෙමු.

 

රවී ඔබට හිතෙන්නෙ වර්තමාන සුභාවිත ගී අඹරත්, රෑ අහසක් වගේ අන්ධකාර වෙලා කියල ද?

2016-07-23-ent-25ඇත්තටම! මේක මහා ඛේදවාචකයක්. අද සුභාවිත ගීත නිර්මාණය වෙන්නෙ නැති තරම්.

ඉස්සර ඒ කියන්නෙ දශක දෙකකට විතර කලින් හැම ගායකයෙක්ම ගායිකාවක්ම උත්සාහ ගත්තෙ, තමන්ගෙ අලූත් අලූත් ගී නිර්මාණ ඇතුළත් ගී තැටියක් එළි දක්වන්න. බොහෝ වෙලාවට, හැම ගායකයෙක්ම ගායිකාවක්ම වගේ තමන්ගෙ සීඞී තැටියක් වෙනුවෙන් වෙහෙසුනා. අවුරුද්දකට දෙකකට සැරයක් එක සීඞී එකක් කොහොම හරි කළා. ඒත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා. අද කිසිම ගායකයෙක් සීඞී එකක් කරන්න මහන්සි වෙන්නෙ නෑ. ඒ අය ඒ ගොල්ලන්ගෙ පරණ ගීත වලින්ම යැපෙනවා.

 

ඔබ චෝදනා කරන්නෙ ගායන ශිල්පීන්ටද?

කොහෙත්ම නෑ. මං මේ කියන්නෙ වර්තමාන ප‍්‍රවණතාවය. අද ගායකයෙකුට සීඞී එකක් කරන්න වුවමනා වුනත් ඒකට සල්ලි වියදම් කරන්න නිෂ්පාදකයෙක් නෑ. ඉස්සර හිටපු සිංග් ලංකා, තරංගා, නිල්වලා, රන්සිළු වගේ කැසට් සීඞී නිෂ්පාදන ආයතන අද වෙනකොට ගීත නිෂ්පාදනයෙන් ඈත්වෙලා.

 

කොහොමද මෙහෙම වුණේ?

කාරණා හුඟාක් තියෙනවා. පළවෙනි එක අද සීඞී එකක් ගහපුවාම හෙට උදේට ඒක හොරු ගහලා රුපියල් සීය ගානෙ විකුණනවා. මේ කාරණාව හින්ද නිෂ්පාදකයන්ට ආර්ථික වශයෙන් පාඩු ලබන්න සිද්ධවුණා. ඊළඟ කාරණේ විදිහට මං දකින්නෙ අලූතින් නිර්මාණය වන සිංදු රසිකයා වෙත ගෙනයෑමෙන් එෆ්.එම්. නාලිකා ඈත් වීම. ඉස්සර සීඞී එකක් එන්න කලින් ඒ සීඞී එකට ඇතුළත් වෙන සිංදු වලින් හතරක් පහක් ජනප‍්‍රිය වෙලා ඉවරයි. එතකොට ඒ සීඞී එකට අලෙවියක් තිබුණා. ඒත් අද අලූත් සිංදු ප‍්‍රචාරය කිරීමෙන් එෆ්.එම්. නාලිකා වැලකිලා.

නමුත් අදටත් අලූත් ගීත නිර්මාණය වෙනවා. මං වගේ උණකාරයො අතින් අලූත් ගීත නිර්මාණය වෙනවා. ගායකයා තමන්ගෙ පරණ සිංදු ටිකම ගායනා කළාට ගීත රචකයට එහෙම ඉන්න බැහැ. ඔහුගෙන් අලූත් අලූත් දේවල් ලියැවෙනවා. එහෙම ලියැවෙන දේවල් රසිකයා අතරට යැවීමේ උවමනාව ආශාව ගීත රචකයා ළඟ තියෙනවා. ඉතින් ඔහු කරන්නෙ ණයක් වෙලා හරි අලූතින් ගීතයක් නිර්මාණය කිරීමයි. අද බිහිවෙන සුභාවිත ගී අන්න ඒවගෙ උණට හදන ගීත.

 

මේ උණ ගීත එෆ්.එම්. නාලිකාවල ප‍්‍රචාරය කරනවද?

රුපියල් ලක්ෂ හතරක පහක විතර පැකේජයකට දුන්නොත් ප‍්‍රචාරය කරාවි. නැත්නම් ඉතින් යූ ටියුබ් එකේ පිහිට විතරයි. එහෙමත් නැත්නම් ෆේස්බුක් පිහිට.

 

ඔබේ රෑ අහසත් උණ රෝගයක ප‍්‍රතිඵලයක්?

සත්තකින්ම මං ලියපු ගීත ටික මගේ ළඟ තියාගෙන ඉන්න බැරිකම නිසයි මම මේ ගීත එකතුව නිර්මාණය කළේ. මේ ගීත එකතුව නිකුත් කළ දවසෙ විකුණුනු සීඞී ටික ඇරුණම මේව විකුණන්න තැනක් නෑ. අද ඉස්සර වගේ සීඞී ගන්න සීඞී අහන රසික පිරිසක් නෑ.

අද හැමෝම සිංදු අහන්නෙ අන්තර්ජාලයෙන්. ඒ නිසා සිංදුවක් කරලා යූ ටියුබ් එකට දානවා මිසක කැසට්වලට ගහල වැඩක් නැහැ.

 

නමුත් ඔබේ රෑ අහස ගැන අපිට කතා කරන්න දෙයක් තියෙනවා.

රෑ අහසේ සම්මාන ලබපු ගීත ගණනාවක්ම තියෙනවා. සමන් ලෙනින් ගයන

ලද නිලූපුලන් දැහැනින් බිඳී

උන් රූ වරුණ නොලියා

මං බූදල් සීගිරි ගිහින්

කවියක් නොලී කවියා

ගීතයට 2014 අවුරුද්දෙ හොඳම ගායකයාට ලැබෙන රාජ්‍ය සම්මානය හිමිවුණා.

 

දුමාල් වර්ණකුලසූරිය ගයන

මල් පිපෙන තුරු ඉවසිලි සිතින්

ඉඳින්නට බැරිනම්

රුදු ගිම්සමේ ගස වෙලෙන දුක

ගෙන දරන්නට බැරිනම්.

ගීතයට 2013 වසරේදී හොඳම නවක ගායන ශිල්පියාට ලැබෙන සම්මානය හිමි වුණා. එතකොට 2014 වසරේදී හොඳම ගීත රචකයාට ලැබෙන සම්මානය ලැබුණෙ නලින් කරුණාරත්න ගයපු

ඉවුරු දෑලට එන්න ගලන ගඟ නරඹන්න

ඔබ බලන්නට පැමිණි ගඟද මේ

ගඟ බලන්නට පැමිණි ඔබද මේ

කියන ගීතයට

 

ඔබ ‘අතින් කයිට්’ කරගෙන ඉදිරියටත් ගීත නිෂ්පාදනය කරනවද?

උණ හොඳ වෙනකම්ම මම අලූත් ගී නිර්මාණ කරාවි. අපිත් මේ වැඬේ අතඇරියොත් සුභාවිත ගීතය වලපල්ලටම යාවි.

 

 

ශකුවි

 

sandalla

 

2016-07-23-ent-28
2016-07-23-ent-27



අදහස් (0)

වත්මන් සුභාවිත ගීතය 'රෑ අහසක්' වගේ අඳුරු යුගයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 101 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 36 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site