IMG-LOGO

වෑතර ස්ථාන 11ක් නිරෝධායන මධ්‍යස්ථාන කරයි

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ රම්‍යා බිංදුහේවා

පිළියන්දල ප්‍රදේශයෙන් කොරෝනා  ආසාදිකයකු වාර්තාවීමත් සමඟ ඔහු මාළු වෙළඳාමක් පවත්වාගෙන ගිය  පොල්ගස්ඕවිට වෑතර ප්‍රදේශයේ වෙළඳසැල ඇතුළු ස්ථාන එකොළහක් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීමට (20) රාත්‍රියේම  පියවර ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දනුක පද්මරාජ  මහතා පැවසීය .

මෙසේ කොරෝනා රෝගියකු ලෙස වාර්තා වූයේ  පිළියන්දල  නිවුන්ගම ග්‍රාමෝදය මාවතේ පදිංචි (52) පුද්ගලයෙකු බව කියයි.

මොහු ඇඳිරි නීතිය පැනවීමත් සමග පොල්ගස්ඕවිට වෑතර කහතුඩුව සියබලාගොඩ පාලාගම දියකඩ ඇතුළු ප්‍රදේශ රැසක ඇඳිරි නීති බලපත්‍රයක් මගින් ජංගම කුඩා ලොරි රථයකින් මාළු වෙළදාම් කර ඇති බව  වාර්තාවේ.

මේ පිළිබඳව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය මගින් කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වී මෙම පුද්ගලයා මාළු වෙළදාම් කළ ස්ථාන සොයා පරීක්ෂාවට ලක්  කරන ලදී ..

එ ඒ අනුව  එදින රාත්‍රියේ දී ම  ස්ථාන  10  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සොයා ගත් අතර අදාළ රෝගියාගේ   වෙළඳසැල් ඇතුළු ස්ථාන  11 නිරෝධායන මධ්‍යස්ථාන බවට පත් කිරීමට පියවර ගත් බව  වෛ ම මෙම පුද්ගලයා තවත් විශාල පිරිසක්
එසේම මෙම පුද්ගලයා තවත් විශාල පිරිසකට මාළු වෙළදාම් කර ඇති අතර එසේ මාළු ලබාගත් අයෙකු වෙතොත්  වහාම කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දෙන ලෙස  ජනතාවගෙන් ඉල්ලා සිටි



අදහස් (3)

වෑතර ස්ථාන 11ක් නිරෝධායන මධ්‍යස්ථාන කරයි

Nihal Tuesday, 21 April 2020 06:07 AM

මේ පුද්ගලයට කාගෙන්ද බෝවුනේ?

:       1       28

Akila Tuesday, 21 April 2020 07:21 AM

මම මේකේ මුල ඉඳලම කිව්වා නිරෝධායන මධ්‍යස්ථාන වල තියාගන්න අයව සියලු දෙනාටම වයිරසය අසාදනය වී ඇත්දැයි සොයා බලන්නේ නැතිව නිකන් සුමාන දෙකක් තියාගෙන රෝග ලක්ෂණ නැහැ කියලා ගෙදර යවන්න එපා කියලා, මීට සුමානෙකට විතර කලින් තමයි රජය හැමොවම ටෙස්ට් කරන්න පටන් ගත්තේ, එතකොට තමයි වයිරස අසාදිතයන් බුරුතු පිටින් හම්බුනේ , කලින් ගෙදර යවපු අයට කීදෙනෙකුට වයිරසය ආසාදනය වෙලා තිබ්බද දන්නේ නැහැ දැන්

:       0       0

M.c.d rodrigo Tuesday, 21 April 2020 09:25 AM

රෝගියාගේ ගම් ප්‍රදේශයේ වනුයේ බෝකුන්දර ප්‍රදේශයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site