IMG-LOGO

විත්ති කූඩුවට නොනැග්ග මෛත්‍රීට තරයේ අවවාද

(නිමන්ති රණසිංහ) 

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව ලබන මාර්තු මස 17 වැනිදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර මෛත්‍රීපාල සිරිසේන මහතා විත්ති කූඩුවට නොනැගී ඒ අසල සිටි අතර, ඒ සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශවය නියෝජනය කළ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සිය විරෝධය පළ කළේය.

සැකකාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කර සිටියේ 
සිය සේවාදායකයාට එරෙහිව පවරා ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම අභියාචනාධිකරණය විසින් අත්හිටුවා ඇති බැවින් ඔහු විත්ති කූඩුවට නැගීමක් සිදුනොකළ බවය. 

මෙහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ , අභියාචනාධිකරණය විසින් තම අධිකරණයට නියෝග කරනු ලැබ ඇත්තේ සැකකරුට  චෝදනා පත්‍රය කියවා දී නඩුවේ ඉදිරි කටයුතු යළිත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් ලබාදෙන තෙක් වැළැක්වීමක් මිස සැකකරුට විත්ති කූඩුවට නොනගින ලෙස නියෝගයක් නොවන බවය. 

පසුව එම නඩුවේ සැකකරුගේ නම නැවත හඬනගා ආමන්ත්‍රණය කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අධිකරණ භාෂා පරිවර්තකවරියට  නියෝග කළේය.

ඒ අනුව අධිකරණ භාෂා පරිවර්තකවරිය සැකකාර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම උස් හඬින් ආමන්ත්‍රණය කළ පසු සැකකරු විත්ති කූඩුවට ගොඩ විය.

මින් ඉදිරියේදි මෙම නඩුව නැවත කැඳවන සෑම අවස්ථාවකදීම  සැකකරුවෙකු සිටිය යුතු ස්ථානය වන විත්ති කූඩුවට නගින ලෙසට දැනුම්දෙමින් මහේස්ත්‍රාත්වරයා සැකකරුට තරයේ අවවාද කළේය.

මෙම පෞද්ගලික පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමාය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (8)

විත්ති කූඩුවට නොනැග්ග මෛත්‍රීට තරයේ අවවාද

ලුම්බිණි Friday, 27 January 2023 03:57 PM

ලජ්ජා නැති සිරිසේන.

:       0       0

දාස Friday, 27 January 2023 04:17 PM

මුන් හිතාගෙන ඉන්නෙ රජ වරු කියල , රට විනාශ කල පව් කාරය තමත් පාර්ලිමේන්තු වරප්ප්‍රසාද වලට මුවාවෙල තමන් හරි කියල කියනව .අධිකරනයට ස්තුතිවන්ත වෙනව නීතිය කාටත් එක සමානයි කියල මේ හරකට පෙනිනපු එක , මුලු රටම කබාසිනිය කල රාජපක්ෂ පවුලටත් හරියට නීතිය ක්‍රියාත්මක වෙයි කියල බලාගෙන ඉන්නව.

:       0       0

[email protected] Friday, 27 January 2023 04:32 PM

සිරාගේ උද්දච්ඡකමට ඔහොම වෙච්චි එකමයි හොඳ... ඕවා තියෙන්නේ කුකුළන්ට නෙවෙයි කියලත් ඉගැන්නුවා නම් තමයි හොඳ...!

:       2       35

nimal Friday, 27 January 2023 05:26 PM

නීතිය ඉදිරියේ සියල්ලෝම එක සමාන වේ...

:       3       41

Mahasen Friday, 27 January 2023 05:29 PM

අධිකරණයේදීවත් හැසිරෙන්න දන්නේ නැහැ...

:       3       38

විජිත් Friday, 27 January 2023 05:54 PM

දෛවය කියන්නේ මහා පුදුම දෙයක්... එය අපිට සරදම් කරන අවස්ථා එහෙමත් නැතිනම් කෝචෝක් කරන අවස්ථා කොතරම්ද? දෛවයේ සරදම මනාවට පෙන්වාදුන් සිදුවීමක්.. බලන්න සිරා මහත්තයා රජවෙලා හිටපු කාලේ තිළිණ ගමගේට අලියෙක් නීති විරෝධී ලෙස තබාගත්තාට නඩුවක් තිබුණා. දැන් සිරා විත්ති කරුවෙක්. අන්තිමට බයකරලා කූඩුවට නග්ගා ගත්තාලු. බලන්න සිරා අද මේ මුහුණ පෑ සිද්ධිය සිදු නොවීමටත් තිබුණා.. එදා තිළිණ ගමගේ කළ වැරැද්දට සිරගත කිරීමට විරුද්ධව අනිතික ලෙස බලය නොයෙදුවානම්. සිරා මහත්තයා , මේ ඇරඹුමක් පමණයි. දවසක ඔබට සූත්තර පුන්චා සමග එකම කූඩුවක් "ෂෙයාර් "කිරීමට ඉරණම තීන්දු කරලාද කවුද දන්නේ...?

:       4       37

sweneSaturday, 28 January 2023 05:42 AM

එදා අලි පැටියෙක් තබා ගත්තට ප්‍රශ්න ඇති කලේ අනීතිකවද? නොඑසේ නම් අලි පැටියා තියන් හිටියේ අනීතිකවද? යන්න තෝරා බේරා කියන්න. ඒ අනුව දෛවයේ සරදමක්ද? නැත්නම් වෙන මොකද්ද කියලා තීරණය කරන්න.

:       3       1

thepaanis Friday, 27 January 2023 07:42 PM

ග්‍රාමසේවකයෙක් ගිය උඩ කිවුවලු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site