IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෘත්තීයවේදීන්ගේ විරෝධතාවෙන් කොටුව අවට මාර්ග තදබදයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

කරුණු 5 ක් මුල් කරගනිමින් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් කොළඹ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී අද (1) පැවැත්වූ බව  ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළේය.

විරෝධතා උද්ඝෝෂණයට සහභාගී වීම සඳහා විදුලි සේවකයන් සැලකිය යුතු පිරිසක් ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණි බව එම සේවක සංගමය පැවසුවේය.

විරෝධතාවය හේතුවෙන් කොම්පඤ්ඤවීදියේ සිට කොටුව දෙසට දැඩි රථ වහාන තදබදයක් ද ඇතිව තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් 14 කට විකිණීමට එරෙහිව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව විදුලි බිල වැඩි කිරීම, වැටුප් විෂමතාවය ඉවත් නොකිරීම, නියමිත උසස්වීම් ලබා නොදීම සහ  ඇමති සාකච්ඡාවක් ලබා නොදීම යන කරුණු මුල් කරගනිමින් විරෝධතා උද්ඝෝෂණය පැවැත්වූ බව ලංකා විදුලි සේවක සංගමය ප්‍රකාශ කළේය.

මේ අතර වෘත්තීයවේදීන්ගේ විරෝධතාවක් හේතුවෙන් පිටකොටුව ලෝටස් මාර්ගයද වසා ඇති බව පොලිසිය පවසයි

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (5)

වෘත්තීයවේදීන්ගේ විරෝධතාවෙන් කොටුව අවට මාර්ග තදබදයක්

Aravinda Monarawila Wednesday, 01 November 2023 01:29 PM

මෙරට හා රටේ සම්පත් කුණුකොල්ලයට පාවලා දෙන්න දත කන රනිල් රාජපක්ෂ ජනතා ද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවලා ජනතාවාදී පාලනයක් හදාගන්න එක්වෙමු සැවොම...!

:       8       11

මසිරිපාල Wednesday, 01 November 2023 01:41 PM

ඔය කාටද වෘත්තීයවේදීන් කියන්නේ? ඇත්තටම රටට විදේශ විනිමය උපයන කම්කරුවන් පවා වෘත්තීය වේදීන් තමයි... ඇඟලුම් කම්හල් නිෂ්පාදිකාවන් පවා වෘත්තීය වේදීන් තමයි. නගර සභාවේ කම්කරුවන් පවා වෘත්තීය වේදීන් නොවෙයි කියන්නේ කොහොමද? එනිසා මින් ඉදිරියට ලියද්දි ජනතා මුදලින් වැටුප් ලබන වෘත්තීයවේදීන් කියන්න...

:       3       13

LallaWednesday, 01 November 2023 08:04 PM

සහතික ඇත්ත. ලංවිම සේවක රැල ලක්ෂ ගණනක පඩි ගෙනත් තවත් වැටුප් විෂමතාවයක් ගැන කතාව. ෙමාවුන් තමා ලංකාවට සූර්ය බලය යොදාගෙන විදුලිය නිෂ්පාදනය අඩාල ක ෙළ්. ඉහල පඩි ගන්න පාරිභෝගික ජනතාව මත අධික බිල් පටවන්නේ... නිවැරැදිව මීටරය කියවන්නත් දීමනා ගන්න ලොව එකම විදුලිය සැපයුම්කරු.. ඩිජිටල් මීටර සවිකර මනු කියවන්නා මනුව ලියාගන්න එකම ආයතනය....!

:       0       1

Lal Wednesday, 01 November 2023 04:07 PM

Traffic නම් ජෙප්පෝ , ජෙප්පෝ නම් Traffic...

:       11       5

Upali Wednesday, 01 November 2023 07:06 PM

මේ මිනිස්සු හරියට කරන්නේ ස්ට්‍රයික් සහ විරෝධතා විතරයි. අපි දුප්පත්කම අතින් ලෝකයෙන්ම 86. ශුවර් එකටම මේ ගොල්ලන් අපිට කප් එක අරන් දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site