IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වතිකානු කාදිනල් ලංකාවට එයි : පන්සලුත් යයි

කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණි වතිකානුවේ රේමන් ලියෝ බර්ක් කාදිනල්වරයා අද (27) කොළඹ මරදාන මහාබෝධි විහාරයට පැමිණ මහාබෝධි අග්‍ර ශ්‍රාවක විහාරාධිපති බානගල උපතිස්ස හිමියෝ මුණ ගැසුණේය.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් ද මෙම අවස්ථාවට එක්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාද එහි ගියේය.

vatican_2015827pic1 vatican_2015827pic2 vatican_2015827pic3 vatican_2015827pic4 vatican_2015827pic5 vatican_2015827pic6

 



අදහස් (0)

වතිකානු කාදිනල් ලංකාවට එයි : පන්සලුත් යයි

ඩෝසන් Friday, 28 August 2015 05:47 AM

හාමුදුරුවෝ ෆෝන් දෙකක් නෙමේ 10 ක් තියා ගත්තත් මොකද ඇති වැරැද්ද ? හාමුදුරුවෝ ජනතාවගේ බදු මුදල් හොරෙන් අරන් නෙමේ ෆෝන් දෙකක් අරන් ඉන්නේ. තේ කෝප්පෙත් කිඹුල්ලු දකින ලින් මැඩියෝ ගල් යුගයට නැත්නම් අරාබියට හොඳයි ඔබ වැනි පටු අදහස් දරන්නෝ (නදී)

:       0       0

පෙරේරා Friday, 28 August 2015 05:51 AM

දිලිප්, ඔහේගේ උගත් කම තමන් ලියන දෙයින් පැහැදිලි වෙනවා. කොහොම උනත්, අඳුරට ශාප නොකර, පහනක් දල්වා ඉන් ආලෝකය දකින්න පුරුදු උනොත් යහපත දකින්න හැකිවේවි (නදී)

:       0       0

සෙනරත් Friday, 28 August 2015 04:24 PM

පෙරේරා, පහන දැකල තියෙන්නේ පල්ලියේදී විතරද? අනෙක් තැන්වල තිබෙන පහන් වලිනුත් ආලෝකය විහිදෙනවා. (නදී)

:       0       0

පෙරේරා Thursday, 27 August 2015 04:19 PM

මේක තමයි විය යුත්තේ .උතුම් සන්හින්දියවක පෙරනිමිති .ආශීර්වාද වේවා ! (බ)

:       0       0

ලක්ෂ්මන් ඉන්ද්‍රසිරි ලොකුගේ Friday, 28 August 2015 07:54 AM

. සියලුම සත්වයිනට එකට ඉන්න පුළුවන් දිනයක් ඉක්මනින්ම උදාවේවා (අ)

:       0       0

ටිකිරි Thursday, 27 August 2015 05:01 PM

අපේ සෝම හාමුදුරුවන්ට උන දේ මතක තියාගෙන වැඩ කළොත් හොඳයි අපේ හාමුදුරුවනේ...(බ)

:       0       0

ඇන්ටන් Thursday, 27 August 2015 05:48 PM

හාමුදුරුවෝ ටෙලිෆෝන් දෙකක් අතේ තියාගෙන. (නදී)

:       0       0

ඉන්දික ගාලේවත්ත Thursday, 27 August 2015 05:54 PM

සංහිඳියාවක පෙරනිමිති ලෝකයේ අන් රටවල් නොමැතිව අපට මගක් නැත. තනිව බැබලිය නොහැක. යහපාලනය තුළ අපට ජාත්‍යාන්තර සහයෝගය ලැබෙන බව තහවුරුය.(නදී)

:       0       0

සුනිල් Thursday, 27 August 2015 05:56 PM

හරිම අගේ කළ යුතු ක්‍රියාවක්. මේ වගේම එතුමාට ලබන ඉරිදා ක්‍රිස්තියානි සහෝදර දේවස්ථානයකට යන්නත් ඔවුන්ගේ මෙහෙයකට සහභාගි වෙන්නත් වාසනාව පෑදේවා කියා ප්‍රර්ථනා කරමි (ම)

:       0       0

දිලිප් වික්‍රමරත්න Thursday, 27 August 2015 10:54 PM

පෙරේරා මහත්මයා මේ රටේ මිනිස්සු කවදත් ආගමික සන්හිදියාවකින් ජීවත් උන මිනිස්සු. ඒ සියල්ලම විනාශ උනේ එක එක සුළුතර ආගමික නිකායවල්, දුප්පත් අහිංසක මිනිස්සු ඉන්න ගම් වල මද්‍යස්ථාන හදාගෙන ඒ මිනිස්සු ආගම් වලට හරවන්න ගත්තට පස්සේ.(නදී)

:       0       0

නුවන්ති Friday, 28 August 2015 11:28 AM

හැම කෙනෙක්ම හිතනවා නම් අපි ශ්‍රී ලාංකිකයෝ කියලා කවදාවත් ජාති ආගම් බේද ඇති වෙන්නේ නෑ. මම කතෝලිකයෙක් මගේ ගෙදර බුදු මැදුරක් තියෙනවා කිව්වොත් ඔබ විස්වාස කරනවද? මම ඇත්තටම බෞද්ද ආගමට ගොඩාක් ආදරය කරනවා. මම බෞද්ද පරිසරයක ජිවත් වෙන්නේ. මොන ආගමක උනත් අපි ශ්‍රී ලාංකිකයෝ (නදී)

:       0       0

නිහාල් Friday, 28 August 2015 02:44 AM

අර කට්ටිය මොකෝ සද්දයක් නැත්තේ මොනවා හරි කියන්න ඉතින් (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 28 August 2015 03:29 AM

ලංකාවේ බොහෝ දෙනෙක් බොහොම සංහිදියාවෙන් ඉන්න උදවියයි. ඉරිසියාව සහ කුහකම පෙරදැරිකරගෙන අන්තවාදයට නැඹුරු වූ අය ඉන්නේ බොහොමත්ම සුළු පිරිසක්. ඔවුන් සමාජයෙන් ඈත්කර සහ කොන්කර තැබීමට කළ යුතු හොඳම දෙය තමයි ඔවුන්ගේ අන්තවාදී අදහස් මාධ්‍යවල පළ නොකිරීම. (අ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Friday, 28 August 2015 03:30 AM

පෙරේරා මහත්මයා මේ රටේ මිනිස්සු කවදත් ආගමික සංහිදියාවකින් ජීවත් වූ මිනිස්සු ඒ සියල්ලම විනාශ වුණේ එක එක සුළුතර ආගමික නිකායවල් , දුප්පත් අහිංසක මිනිස්සු ඉන්න ගම් වල , මධ්‍යස්ථාන හදාගෙන .ඒ මින්ස්සු ආගම් වලට හරවන්න ගත්තට පස්සේ . පුදුම වැඩේ කියන්නේ , අපේ කතෝලික පල්ලියත් , අන්‍යගමිකරන පනත පාර්ලිමේන්තු වේ සම්මත වෙනවට විරුද්ද වීමයි . (අ)

:       0       0

කෝ යහපාල Friday, 28 August 2015 03:32 AM

ජනාදිපති තුමාගේ සහ අග්‍රාමාත්‍ය තුමාගේ උතුම් යහපාලන ප්‍රතිපත්ති දැන් නියමෙට ක්‍රියාත්මක වෙනවා. මේක තම සහජීවනයේ සහ සන්හින්දියාවේ මුල් පියවර. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site