IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැඩ වර්ජන කළොත් රටටම පාරේ ලගින්න වෙයි

(අංජුල මහික වීරරත්න)

 ණය දෙන ආයතන වල  විශ්වාසය දිනාගෙන රට ගොඩනගන්න හදන අවස්ථාවේ කවුරුන් හෝ විසින් නැවත වැඩ වර්ජන රැල්ලක් ඇති කළොත් ආයෙත් සියලු දෙනාටම ඉන්න වෙන්නේ මහ පාරේ බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.


ජාතිය මහ පාරට ඇද දාන්න එපා යැයි ඉල්ලා සිටින බව කී අබෙිවර්ධන මහතා මෙවර අය වැයෙන්  රාජ්‍ය සේවකයන්  ලක්ෂ 16 කගේ වැටුප් වැඩි කරන බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි පැවසීය.

වැටුප් වැඩි කළාට රට දුවන්න බැරි බව කී අබේවර්ධන මහතා පෞද්ගලික  අංශයේත් වැටුප් වැඩි කරන්න තිබෙන බවද වැටුප් වැඩි කරන්න වෙන්නේ මහජනතාවගේ බදු මුදල් අරගෙන බවද සඳහන් කළේය.

ඒ බදු වලින් තෝරාගත් පිරිසකට වැටුප් වැඩි කරන්න වන බව ද  අබෙිවර්ධන මහතා කීය.

වැඩ වර්ජන කර බෝඩ් ඇල්ලූ විට වෙන්නේ ලංකාව ස්ථාවර නැතැයි ජාත්‍යන්තර මාධ්‍ය වලට පෙන්වීම යැයි අබෙිවර්ධන මහතා සඳහන් කළේය.  පෙළපාළි යන රටකට සංචාරකයන් එන්න බය බවද මන්ත්‍රීවරයා පැවසීය.

ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව පැවසීය.



අදහස් (14)

වැඩ වර්ජන කළොත් රටටම පාරේ ලගින්න වෙයි

ජනිත් Tuesday, 07 November 2023 09:38 PM

මෙහෙමත් සට්ටැඹි රාළ කෙනෙක්...!

:       0       10

Perera Tuesday, 07 November 2023 10:46 PM

ඔහෙලගේ දූෂණය නිසා ජනතාව පාරට බස්සලා ඉවරයි...

:       0       8

Amal Tuesday, 07 November 2023 11:33 PM

පින් මන්ත්‍රී. ජාතිය මහ පාරට ඇද දාපු සියලු දෙනාටම ඉන්න වෙන්නේ මහ පාරේ...!

:       0       12

nanda Wednesday, 08 November 2023 05:14 AM

ලොකු කතා කියන්න පෙර හරියට ජනමතයක් ඇතුව එන්නකෝ...!

:       0       8

චන්ද්දන Wednesday, 08 November 2023 08:06 AM

ආයේ ඇදලා දාන්න පාරක් නැහැ. කොහොමටත් අපි පාරෙ තමයි ඉන්නේ... ආයෙමත් රටේ ජනතාව කලින්ට වඩා ප්‍රබලව නැගිටීවි. ඊට කලින් ඡන්දෙ තියපල්ලා...

:       0       8

Asanga Wednesday, 08 November 2023 09:07 AM

ඔබ තුමන්ලගේත් වැටුප් දීමනා වැඩි වෙනවද​? අර තෝරාගත් පිරිසට පාර්ලිමේන්තු මන්ත්‍රී තුමන්ලත් ඇතුලත්ද​?

:       0       6

wedage Wednesday, 08 November 2023 11:03 AM

අනේ ඔයාගේ පණ නම් අපට එපා...!

:       0       7

Nimal Wednesday, 08 November 2023 11:25 AM

පාරේ හිටියත් කමක් නෑ... රටේ වටිනා සම්පත් විකුණන්න දෙන්නේ නැතිව...!

:       0       9

Ratne Wednesday, 08 November 2023 11:25 AM

ඡන්ද 30000ක් ගන්න බැරි හොර පිං ගොනා කරේ තියන් තව පිස්සු කෙලින්නේ නැතිව ජනතා මතයට ඉඩ දෙනු...!

:       0       11

ගමේ එකාලා Wednesday, 08 November 2023 11:45 AM

මහාපරිමාණ හොරකම් වන්චා, දූෂණ, නාස්තිය කරලා ජනතාව මහ පාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ කාලකන්නි, බලලෝභී, දූෂිත දේශපාලුවන් මිස වෙන කවුරුද?

:       0       11

fairoos Wednesday, 08 November 2023 12:38 PM

දෙයියෝ සාක්කි

:       0       3

Nimal Wednesday, 08 November 2023 12:47 PM

මට නම් ඇහෙන්නෙ "උම්බෑ උම්බෑ" ගානව වගේ... මිට වඩා හොදයි ඔය පාර්ලිමේන්තුවත් එහෙ හෝටලයක් දැම්මනම්... (අලුතෙන් දාන්න දෙයක් නෑ.. )

:       0       6

විජිත් Wednesday, 08 November 2023 03:16 PM

මේකා කියන ඒවා අහන්න තරම් බුද්ධි හීන මිනිස්සු දැන් රටේ නැහැ. තමන් පැළඳගෙන හිටපු මාස්ක් එක තව කෙනෙකුට පළඳගන්න දුන්නු අය ගැන තව මොන කතාද?

:       0       5

වජිර ගෙ අප්පොච්ච Thursday, 09 November 2023 11:04 AM

මම ඒ කාලෙම සරමේ පිහදා ගත්තා නම් අද මෙහෙම වෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site