1997 දී අත්වැරදීමකින් තම පිස්තොලය මුහුණ ඉදිරියේ පත්තුවීමෙන් මුහුණු විකෘති වූ 35 හැවිරිදි රිචඩ් ලී නොරිස් ඇමෙරිකා ජාතිකයාගේ මුහුණට නිර්නාමික පුද්ගලයකුගේ මුහුණේ අවයව බද්ධ කිරීමට ඇමෙරිකාවේ මේරිලන්ත සරසවි වෛද්‍ය විද්‍යාලයයේ වෛද්‍යවරු පිරිසක් සමත්වූහ. මෙම ශල්‍ය කර්මයට වෛද්‍යරුවන් සිය දෙනකු ඇතුළු එකසිය පනස් දෙනකුට පැය 36ක් ගත විය. මෙවැනි ශල්‍ය කර්ම විසි දෙකක් මීට පෙර සිදුකර ඇතත් ඒ අතරින් මෙම ශල්‍ය කර්මය සුවිශේෂි බව වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානියා වූ ශල්‍ය වෛද්‍ය එඩුආර්ඩෝ රොඩ්රිගස් පවසයි. එයට හේතුව වශයෙන් ඔහු කියනුයේ වෙඩි වැදීම නිසා දිවේ පැත්තකුත් දත් හා මුහුණේ තවත් අවයව විනාශ වී තිබුණත් ඒ සියලු දේ නැවත බද්ධ කිරිමට හැකි වූ බවයි. එඩුආර්ඩෝ රොඩ්රිගස් මාර්තු 22 දා සිදුකළ ශල්‍ය කර්මයෙන් පසු රෝගියා දින තුනක් පුරා සිහිසුන්ව සිට බවත් පියවි සිහිය පැමිණි විගස කණ්නාඩියෙන් තම මුහුණ බලා මහත් සේ සතුටට පත්ව තමා ඇතුළු පිරිස වැළඳගත් බවත් වෛද්‍ය එඩුආර්ඩෝ රොඩ්රිගස් පවසයි. අලුත් මුහුණ ඇති බව ඔහුට දැනෙයි. දැන් දත් මදියි. ඔහුට සිනා සීමට ද හැකි වෙතියි වෛද්‍යවරු කියති. හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවූවත් තව දින කිහිපයක් ඔහු මෙරිලන්ත සරසවියේ වෛද්‍ය විද්‍යාලයයේ තබා ගැනීමට වෛද්‍යවරු තීරණය කරති.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි වැදුණු මූණට අලුත් මූණක්
රසොල් Friday, 19 October 2012 04:13 PM
දෙවියේ ශ්‍රේෂ්ඨයි