ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 13 දෙනෙක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කරනු ලැබ සිටිති. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් මෙම උසස්වීම් ලබාදී තිබේ. පොලිස් මූලස්ථානයේ පරීක්ෂණ හා පුනරීක්ෂණ අධ්‍යක්ෂ වී. ඉන්ද්‍රන්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක මැක්සි ප්‍රොක්ටර්, පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂ හෙක්ටර් ධර්මසිරි, කැලණිය කොට්ඨාසය බාර ආනන්ද විජේසූරිය, සංචාරක කටයුතු කොට්ඨාසයේ අධ්‍යක්ෂ පී.එම්.සී. ප‍්‍රනාන්දු, පාර්ලිමේන්තු කොට්ඨාස බාර අධ්‍යක්ෂ එස්. ඒ.ඞී.ඒ. ගුණවර්ධන, ඇමති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ඞී.යූ. කුමාරසිරි, පාලන අංශයේ ලාල් ලියනාරච්චි, බස්නාහිර පළාත් බුද්ධි අංශය බාර ඩබ්ලිව්.ආර්.බී. සෙනවිරත්න, මානව හිමිකම් කටයුතු බාර එම්.ආර්. ලතීෆ්, කළුතර පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ අජිත් වික‍්‍රමසේකර, මහනුවර කොට්ඨාසය බාර අයි.එම්. කරුණාරත්න සහ අනුරාධපුර කොට්ඨාසය බාර නන්දන විජේරත්න යන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු උසස්වීම් ලැබුහ.
2025 දෙසැම්බර් මස 18
132
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරු 13ක්