බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන නවයේම නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. ඉන් ආසන තුනක් පමණක් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය. වැඩි ඡන්ද 11348කින් බදුල්ල දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළේය.
සන්ධානය මන්ත්‍රී ආසන 09ක් ද, එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 08ක් ද, ජනතා විමුක්ති පෙරමුණ එක් මන්ත්‍රී ආසනයක් ද හිමි කර ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
236
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩි ඡන්ද 11348කින් බදුල්ල දිසාව සන්ධානයට
පද්මිණි Sunday, 21 September 2014 04:11 AM
සන්ධානය ජය ලබපු බවක් මට නම් පෙනෙන්න නැහැ. (නි)
විධුෂක Sunday, 21 September 2014 04:26 AM
ඌවේ ඡන්දදායකයින් සන්ධානයට මෙවර තරමක් සැර කුළුගෙඩි පහරක් එල්ල කර ඇත. ඌව පළාත් සභාවට මෙවර ප්‍රබල විපක්ෂයක් ලැබීම එහි ජනතාවගේ ජයග්‍රහණයකි. (නදී)
ඇසළ Sunday, 21 September 2014 04:31 AM
ජිවත් වීමේ ආර්ථික සටන අමාරු වුනත් යුද්ධය ජය ගැනීමේ කෙලෙහි ගුණ සැලකීම ජනතාව තාමත් අමතක කර නැති බව මෙයින් මානව පැහැදිලි කර තියන බව පේනවා. (නදී)
හසිත Sunday, 21 September 2014 04:29 AM
ආණ්ඩුවට හොද රතු එළියක්. මිනිස්සු කරන ජරා වැඩ අනුමත කරන්නේ නෑ. වැරදි හදා ගත්තේ නැත්තම් ලගදීම ගෙදර යන්න වෙන්නේ කට්ටියටම. වැරදි පෙන්නලා දුන්නට බදුල්ලේ මිනිස්ස්සුන්ට පින්. (නදී)
මාලක Sunday, 21 September 2014 05:10 AM
දැන්වත් මිනිසුන්ට ඇත්ත තේරුම්ගන්න බැරිද? (නි)
රොකී Sunday, 21 September 2014 12:48 AM
මෙකී නොකී සියල්ල කළේ ඔය වැඩි ඡන්ද ගණන වෙනුවෙන්ද? ඡන්දය වෙනුවෙන් ගෙනගිය සටන ගැන හිතූවිට මේක මොන ජයග්‍රහණයක්ද? (නි)
නිල්මිණි Sunday, 21 September 2014 01:07 AM
සන්ධානයට ජය ලැබීම එම පළාතට හොඳයි. තවමත් මිනිසුන් එජාපය අනුමත නොකරන බවට කදිම නිදසුනක්. (නි)
කුමාර් Sunday, 21 September 2014 01:05 AM
ජනාධිපතිතුමගේ ජයග්‍රහණයක්! රට ගැන හිතන්න ඕනෑ කවුරුත් (නි)
මංජුල Sunday, 21 September 2014 01:27 AM
ලංකාවේ මිනිස්සු තමන් ගැන විතරක් හිතන තාක්කල් රට හදන්න බැරිවෙයි. දේශපාලකයෝ නෙමෙයි අපේ රටේ ඉන්නේ. දේශය කන්නන් ටිකක්. (නි)
වසන්ත Sunday, 21 September 2014 01:58 AM
සමහරු දැන්වත් තමන්ගේ තරම දැනගත්තොත් හොඳයි කියා සිතනවා (නි)
පිටිගල Sunday, 21 September 2014 02:18 AM
මට නම් පෙනෙන්නේ ආණ්ඩුවේ ජනතා ප්‍රසාදය සෑහෙන දුරට අඩුවෙලා. (නි)
නිශාන්ත Sunday, 21 September 2014 02:22 AM
රට ඔය විදියට තියෙන එකට කැමති නම් අපිට කමක් නැහැ (නි)
කොඩිතුවක්කු Sunday, 21 September 2014 03:19 AM
හැමදාම එකම පදේට නටන්න මිනිස්සු ලේස්තිනෑ. මොකද අද රටේ දුෂණය වැඩියි, ජිවන වියදම වැඩියි, හොරකම් මංකොල්ලකෑම් වැඩියි, රටක් නිසිමගේ යන්න නම් ප්‍රබල විපක්ෂයක් අවශයි. එතකොට ආණ්ඩුවත් හැමදේම හරියට කරනවා. දැන් එහෙම ද ඡන්දයක් එනකොට සියලු දීමනා දීල ඡන්දය අවසන් වූ ගවමන් සියල්ල මිල වැඩිකරනවා. (ස)