(අංජුල මහික වීරරත්න)
මෙරට වී වගාවෙන් හෙක්ටෙයාර් එකකට වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන පරිදි ඒකාබද්ධ ශාක පෝෂණ කළමනාකරණ වැඩ සටහනක් හදුන්වා දීමට හා වැඩි අස්වැන්නක් ගත හැකි බීජ වී සැකසුම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමය හා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළ කර තිබේ.
බට අත කෘෂිකර්ම උද්‍යානයේ පැවැති වැඩසටහනක දී මෙම කරුණු අනාවරණය කෙරිණි.
මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක හතක අඩු ආදායම්ලාභී ගොවි පවුල් 71,000 සඳහා එක් ගොවියකුට යුරියා පොහොර මිටියක් බැගින් ලබා දීමට අදාලව යුරියා පොහොර තොගය නිල වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම ද මෙහිදී සිදු කෙරිණි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපති ඩෙනිස් චයිබි, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විම්ලේන්ද්‍ර ශරන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ යන මහත්වරු ඇතුලු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වැඩි අස්වැන්නක් දෙන බීජ වී හදන්න යුරෝපා සහය