IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැඩිකළ මුදලින් දාහක් ලාල්කාන්ත ඉල්ලයි

 

රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් හිමිවූයේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය  ඇරඹු  අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස බැවින් එයින් රුපියල් 1000ක් දැනට වෘත්තීය සමිති මධ්‍යස්ථානයට මූලස්ථානයක් ඉදි කර ගැනීම සඳහා ලබා දෙන්නැයි  එම මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කළේය.

කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී අද (16) පැවති ලංකා ගුරු සේවා සංගමයේ 17 වැනි වාර්ෂික සමුළුවේ ඔහු කීවේය.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මූලස්ථානය ලෙස මෙතෙක් කල් විවිධ ගොඩනැගිලි කුලියට ගෙන කටයුතු කළ බව කී එහි සභාපති ලාල්කාන්ත මහතා ඒ වෙනුවෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ගොඩනගා ගැනීමේ කටයුතු මේ වන  විටත් සැලසුම් කර ඇතැයි ද සඳහන් කළේය.

 ‘දරු පරපුරට දෑස් දෙන, ගුරු පරපුරට මග කියන’ තේමාව යටතේ මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර, ලංකා ගුරු සේවා සංගමයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම හා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් පිළිබ`ද ගැටලූ හා අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින ගැටලූ විසඳා ගැනීම වෙනුවෙන් වූ යෝජනාවලියක් සම්මත කරගැනීම ද මෙහිදී සිදුකෙරිණි.

 

 

_DSC0050 _DSC0059 _DSC0066 _DSC0095 _DSC0106



අදහස් (0)

වැඩිකළ මුදලින් දාහක් ලාල්කාන්ත ඉල්ලයි

සිමියන් Friday, 16 October 2015 01:07 PM

ඇත්ත කතාව. හැමදාම සුළු පිරිසක් මහන්සිවෙලා අරගල කරලා පඩි වැඩිකර ගත්තම, බහුතරය එය නිකන්ම භුක්ති විඳිනවා. රජයේ සේවකයෝ ගොඩක් බලාඉන්නේ නිකම්ම ලැබෙනකන්. අඩු ගණනේ ඉල්ලීම් ඉදිරිපත් කරන, ඔවුන් වෙනුවෙන් පෙරට එන අයට වචනයකින්වත් සහයෝගයක් නැහැ. (නි)

:       0       0

කණිෂ්ක Friday, 16 October 2015 01:08 PM

1000 කොමිස් මුදලක්ද? නැත්නම් නීතිඥ ගාස්තුද? එහෙමත් නැත්නම් වෙන මොනවා හරිද? (නි)

:       0       0

පරාක්‍රම Friday, 16 October 2015 01:16 PM

රු. 1000 මාස්පතාද? කොච්චර කාලෙකටද? මේ සංගමයේ සාමාජිකයින්ගෙන් පමණක්ද? සැළසුමක් තිබේද? අපේක්ෂිත ඉලක්කයක් තිබේද? (නි)

:       0       0

වික්‍රමසිංහ Friday, 16 October 2015 02:06 PM

නිහඩ කැපකිරීම වෙනුවෙන් රජයේ සේවකයෝ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් කැපකිරීමක් කළ යුතුයි.(අ)

:       0       0

ඉන්දිකා Friday, 16 October 2015 02:12 PM

1000 පඩිය වැඩි වුනේ නැහැනේද දීමනාව නේද වැඩි වුනේ (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 17 October 2015 12:49 PM

එම හේතුව නිසා වෙන්නැති අසන හතරට බැස්සේ. (බ)

:       0       0

සන්තුෂ් Friday, 16 October 2015 02:16 PM

ජේවීපිය හැමදාම ඔය වගේ දේවල් කියනවා. ඒත් යථාර්තය ඒක නොවෙයි. (ර)

:       0       0

රොෂාන් Saturday, 17 October 2015 01:18 PM

තමන්ගේ අයිතිවාසිකම් ගැන විතරක් නෙමෙයි , යුතුකම් ගැනත් හිතුවොත් හොදයි. හැමෝටම පඩි හම්බ වෙන්නේ මැද පෙරදිග දහදුක් විදලා හොයන සල්ලි වලිනුයි ඇගලුම් කම්හල් වලින් හොයන සල්ලි වලිනුයි. (බ)

:       0       0

රෝහණ Saturday, 17 October 2015 02:43 AM

මහත්තයා අල්ලසක් ඉල්ලනවාද කියලා හිතෙනවා (නි)

:       0       0

කින් බෙනට් Saturday, 17 October 2015 02:54 AM

දෙන්න වටිනවා. එක වතාවයිනේ. (නි)

:       0       0

නීලා Saturday, 17 October 2015 03:40 AM

සන්තුෂ්, කණිෂ්ක, පරාක්‍රම කවදාවත් වෘත්තීය අරගලයක් වෙනුවෙන් වැඩකරපු අය නොවෙයිනේ. ඒ නිසා මේ වගේ ප්‍රතිචාර දැක්වීම ගැන අනිත් අය උරන වෙන්න එපා . (ර)

:       0       0

අමල් Saturday, 17 October 2015 03:55 AM

අනේ මන්දා දෙනවද.? නැද්ද කියලා. (ර)

:       0       0

කුමාර Saturday, 17 October 2015 06:01 AM

අපි වැඩකරලා හම්බ කරගන්න පඩිය නිකන් අයට දෙන සිරිතක් නැහැ. (ර)

:       0       0

ඉමාක් Friday, 16 October 2015 05:47 PM

අනේ අම්මපා මෙහෙමත් කතා? (නි)

:       0       0

ආරියසේන Friday, 16 October 2015 06:17 PM

මේකත් හරියට අල්ලස් ඉල්ලීමකට සමානයිනේ (නි)

:       0       0

සිරිසෝම Friday, 16 October 2015 07:07 PM

පුද්ගලික අංශයේ සේවකයන්ට සත පහක්වත් පඩි වැඩි වුණේ නැහැ කියලා එක දේශපාලඥයෙකුටවත් මතක නැහැ (නි)

:       0       0

සාගර මුතුනායක Saturday, 17 October 2015 09:27 AM

නවරත්න ඕක කල්පනා කරන්න ඕන දෙයක් නෙවෙයි කරන්න ඕන දෙයක්. (ර)

:       0       0

නවරත්න Friday, 16 October 2015 12:46 PM

ඉල්ලීම සළකා බලන්න වටිනවා (නි)

:       0       0

අප්පුහාමි Friday, 16 October 2015 12:46 PM

අනේ මන්දා බලනකොට කවුරුත් එකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site