IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වෙඩික්කරුවෙක් වෙඩි කයි

(ඉන්දිකා රාමනායක)

මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ ඝාතන කිහිපයක වෙඩිකරු වශයෙන් කටයුතු කළ බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු ඇඹිලිපිටිය වැලිකඩයාය 99 හන්දිය ප්‍රදේශයේදී අද (24) අලුයම විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ යුද හමුදා විශේෂ බළකායෙ හිටපු සෙබළකු වන සසිඳු සඳමිණි මෙන්ඩිස් (24) නැමැත්තා බවත් ඔහු සංවිධානාත්මක අපරාධකරුවකු වන හීනටියන මහේෂ් නැමැත්තාගේ වෙඩිකරුවකු බව ද විශේෂ කාර්ය බළකාය කියයි.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිට ඇති අතර ඇඹිලිපිටිය වැලිකඩ ප්‍රදේශයේ සිය සොහොයුරාගේ නිවසේ සැඟව සිටින බවට විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ විශේෂ මෙහෙයුම් ඒකකය ට තොරතුරු ලැබී ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.

එම තොරතුරු අනුව භට කණ්ඩායමක් අද අලුයම 3.50 ට පමණ සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එස්.ටී.එෆ් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී සැකකරු තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් 17 වැනි දා සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියයාම, සහ තවත් පුද්ගලයකුට වෙඩි තබා තුවාල කිරීම් ඇතුළු වූ අපරාධ කිහිපයකට මෙම සැකකරු වෙඩිකරු වශයෙන් කටයුතු කර ඇති බව ද විශේෂ කාර්ය බළකාය පවසයි.

 



අදහස් (2)

වෙඩික්කරුවෙක් වෙඩි කයි

Bamunuarachchi Saturday, 24 June 2023 06:16 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියලා අනුරකුමාර කිව්වා වගේ මතකයි...

:       0       0

Bunny Preena Tuesday, 27 June 2023 11:28 AM

අනුන්ට දෙන බෙහෙතේ රස තමන්ටද දැනෙන්න ලැබෙනවානම් කොච්චර හොඳ දෙයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site