IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැට් පනත 9 මැතිසබයට

(සුජිත් හේවාජුලිගේ)

එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 15 සිට 18 දක්වා වැඩි කිරීමට ප්‍රතිපාදන ඇතුළත් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 9 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පනත් කෙටුම්පත  පිළිබඳ ගැසට් නිවේදනය  මුදල් ආර්ථික ස්ථායිකරණ  සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියමය පරිදි ඊයේ (14)  නිකුත් කරනු ලැබීය.

පනත පසුව සම්මත කෙරුණද ගැසට් නිවේදනයේ සඳහන් වන අන්දමට  එම  වැට් බදු වැඩි කිරීම  ලබන මස 1  වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට බලය ලැබෙනු ඇත.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන අන්දමට  එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචිවීම සඳහා වන සීමාව  ජනවාරි මස 1 වැනිදා සිට රුපියල් කෝටි 8  සිට කෝටි 6  දක්වා  අඩු කෙරෙනු ඇත.

වැට්  බදු නිදහස් කෙරුණු භාණ්ඩ 137කින් අනූ හතක එම නිදහස ඉවත් කිරීමට අදාළ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පසුගිය (11) වැනිදා සම්මත විය.



අදහස් (0)

වැට් පනත 9 මැතිසබයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site