IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැට් දමා ජනතාවට මහා බරක් පටවලා

(නිමල කොඩිතුවක්කු)

වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීම බදු සූත්‍රය විකෘති කිරීමක් බවත් මේ හරහා රටේ සාමාන්‍ය ජනතාවට, දිළිඳු ජනතාවට, වැඩ කරන ජනතාවට අධික බදු බරක් පැටවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

වැට් බද්ද වැඩි කිරීමට ගත් තීරණය මගින් රජයේ දුර්වලකම, ආකර්යක්ෂමතාව, දුර්වල රාජ්‍ය පාලනය පිළිබිඹු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතා වරමක් නොමැතිව මෙවැනි බදු බරක් ලක්ෂ 220ක් වූ ජනතාව මත පටවන්නේ කෙසේද කියා රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමඟ කොළඹ දී පැවති සාකච්ඡාවක දී ඔහු කීවේය.

එමෙන්ම වසරකට දෙවතාවක් පමණක් මිල වැඩ කළ හැකි බවට නිති තිබිය දී මාස 3න් 3ට විදුලි බිල සංශෝධනය කළ හැකි කැබිනට් තීන්දුවක් ගැනීමට රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ව්‍යාජ දත්ත හා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර රටේ පාරිභෝගික ජනතාව මංමුලා කර බදු බර වැඩි කර විදුලි බිල මාස 3න් 3ට ඉහළ දැමීමේ තීන්දුවලින් ඔප්පු වන්නේ ජන පීඩක ජන ඝාතක ආණ්ඩුව ජනතාවගේ කරපිට පීඩනයක් අසහනයක් පැටවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 



අදහස් (4)

වැට් දමා ජනතාවට මහා බරක් පටවලා

බද්රානි Tuesday, 31 October 2023 08:50 PM

මේ අයට ඕකත් බරක්ද මහත්තයෝ...? කන්න නැතත් ඉන්න රටක් ඉල්ලපු අයට තව වැඩිපුර බර අදින එකත් කජ්ජක්ද...?

:       0       0

වංහුන් Thursday, 02 November 2023 07:49 PM

ඉන්න රටක් නැතුව කාලා වැඩක් තියෙනවාද? රෑට ඉන්නේ පේමන්ට් එකේද? ඒ නිසා වෙන්න ඇති බල්ලෝ ගැන කථා කරන්නේ...

:       0       0

Bamunuarachchi Wednesday, 01 November 2023 02:05 AM

විකාර කියන්නේ නැතිව ඉන්න. දැම්මොත් ගොන් පාට් එකක්ම තමයි. වැට් අඩුකළාම ගෝඨාභයට චෝදනා කළා වැට් අඩුකළා කියලා... දැන් වැට් වැඩි කළාම චෝදනා කරනවා වැට් වැඩිකළා කියලා. ඔයාලාම ඊළඟට කියනවා රජයේ සේවකයින්ගේ පඩි වැඩිකරන්න කියලා. ඔහේ දන්නවා රටේ ඉන්නේ මෝඩ රැලක්... ඔවුන්ව ගොනාට අන්දන්න පුළුවන් කියලා...

:       0       5

abaran Wednesday, 01 November 2023 04:24 AM

අප්පුහාමි කියන්නකෝ එහෙනම් බලන්න බදු නැතිව රටක් ගෙනයන ඔහේගේ මැජික් එක...? අනේ මේ නිකන් යන්න මහත්තයෝ යන්න ගැලරි දේශපාලනය නොකර.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site