නවසීලන්ත පිලේ හිටපු නායක සහ දඟ පන්දු යවන ක‍්‍රීඩක ඩැනියල් විටෝරි ආබාධයකට ලක්වීමෙන් ශ්‍රී ලංකාවේ තරග සංචාරය අහිමිව තිබේ. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී පාදයේ වළලූකර ආබාධයකට විටෝරි ලක් වු අතර ඔහු ඉන් සම්පුර්ණ සුවය නොලැබීම තරග සංචාරය අහිමිවීමට හේතුව වේ.
පා දඟපන්දු යවන ටොඞ් ඇස්ට්ලේ ටෙස්ට් සංචිතයට එක්ව සිටියි. පළමු පෙළ තරග 55 කට සහභාගිවී කඩුලූ 127 ක් ලබා සිටින 26 හැවිරිදි ටොඞ්, ටෙස්ට් වරම් හිමිකර ගැනීමේ අපේක්‍ෂාවෙන් පසුවන ක‍්‍රීඩකයෙකි.
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර එක්දින සහ ටෙස්ට් ක‍්‍රිකට් තරගමාලාව මේ මස 30 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන විස්සයි20 තරගයෙන් ආරම්භවේ. දෙරට අතර පැවැත්වෙන තරගමාලාවට එක්දින තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ද ඇතුළත්ය.
නවසීලන්ත ටෙස්ට් සංචිතය:
රෝස් ටේලර් (නායක), මාටින් ගප්ටිල්, රොබ් නිකොල්, ඩැනියල් ෆ්ලයින්, බ්‍රෙන්ඩන් මැකලම්, කේන් විලියම්සන්, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින්, කෘගර් වෑන් වික්්, ඩග් බ‍්‍රාස්වෙල්, ටිම් සවුති, ටොඞ් ඇස්ට්ලේ, නිල් වැග්නර්, ටේරන්ට් බොල්ට්, ජීතන් පටෙල් සහ ක‍්‍රිස් මාටින්
නවසීලන්ත එක්දින සහ විස්සයි20 සංචිතය:
රෝස් ටේලර් (නායක), රොබ් නිකොල්, බ්‍රෙන්ඩන් මැකලම්, කේන් විලියම්සන්, බී.ජේ. චැට්ලින්ග්, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින්, ජෙකොබ් ඕරම්, ටොම් ලේතම්, නේදන් මැකලම්, ඇන්ඩෘ ඉල්ස්, කයිල් මිල්ස්, ටිම් සවුති, ටේරන්ට් බෝල්ට්, රොනී හිරා සහ ඇඩම් මිල්නි
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විටෝරිට ශ්‍රී ලංකා සංචාරය අහිමිවෙයි
තාරක Friday, 12 October 2012 08:59 PM
අයියෝ සල්ලි
අතපත්තු Friday, 12 October 2012 12:37 AM
දක්ෂ තරග දිනවන්නෙක්. විටෝරිට ඉක්මන් සුවය පතමු. (නි)
තත්සරණි Saturday, 13 October 2012 03:15 PM
එයා අවත් වැඩක් නෑ. ඔයලා කණ්ඩායමටම හිස් අතින් තමා ගෙදර යන්න වෙන්නේ. මොකද අපේ සංගලා මහේල, කුලේලල, ජීවිල තිසරල මේ තරගාවලිය දිනනවාමයි. (අ)
යොහාන් Friday, 12 October 2012 09:27 AM
විටෝරිට ශ්‍රී ලංකා සවාරිය අහිමි වෙයි එතකොට අපිට .............. ශ්‍රී ලංකා අපිට ක්‍රිකට් අහිමි වුණේ පසුගිය ඉරිදා (ස)
මනම්පේරි Friday, 12 October 2012 09:34 AM
කමක් නෑ ඩැනියල් ඔයා නාවත්,ඔයාලගේ පාසල් කණ්ඩායම ආවත් ඇති අපේ අය බය වෙනවා (ස)