IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැටුප් වැඩිවීමක් නොලැබුණොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට

(මනෝප්‍රිය ගුණසේකර)

ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ඉතා ඉක්මනින් වතු කාර්ය මණ්ඩලවලට ලබා නොදුනහොත් වැවිලිකරයේ සියලුම වෘත්තීය සමිතිවල සහාය ඇතිව ප්‍රබල වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණය වන බව ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි පැවසීය.

දිවයින පුරා වතු සමාගම් 23 ක සේවයේ නිරත දස දහසකට වැඩි වතු කාර්ය මණ්ඩල සමාජිකයින්ගේ වැටුප් හා සේවා කොන්දේසි තීරණය කෙරෙන සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් වතු හාම්පුතුන් අනුගමනය කරන අත්තනෝමතික ක්‍රියා මාර්ගය දැඩි ලෙස හෙළා දකින බවත් මෙම වසරේ අත්සන් තැබීමට නියමිත එම ගිවිසුමෙන් තමන් ඉල්ලා ඇති වැඩිවන ජීවන වියදමට සරිලන වැටුප් වැඩිවීමක් ලබා නොදුනහොත් වැවිලිකරයේ කාර්මික සාමය බිඳවැටිය හැකි බවත් නිශාන්ත වන්නිආරච්චි වැඩිදුරටත් පැවසීය.

වෘත්තීය සමිති රැසක නායකයින් සහභාගීවයෙන් වතු සේවා සංගම් ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එසේ පැවසු වන්නිආරච්චි මහතා වැවිලිකරයේ නිෂ්පාදන අපනයනයෙන් සියලුම වතු සමාගම් අති විශාල ලාභයක් ලබන බවත් වැඩකරන ජනතාවට මුහුණ දෙන්නට සිදුව තිබෙන බලවත් ආර්ථික දුෂ්කරතා සැළකිල්ලට ගෙන වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියි.



අදහස් (3)

වැටුප් වැඩිවීමක් නොලැබුණොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Muditha Thursday, 27 October 2022 08:10 PM

සුපිරි.. උද්ධමනයෙන් රට ගොඩගන්න ඉඩ දෙන්න එපා.

:       0       1

මැක්ස් Thursday, 27 October 2022 09:46 PM

කාගේ කාගේත් "දැඩි ක්‍රියා මාර්ග" නිසා අමාරුවේ වැටෙන්නේ රට!

:       0       1

sampath Thursday, 27 October 2022 09:51 PM

කොහොම හරි අපනයනය කඩාකප්පල් කරලා ආනයන භාණ්ඩ හිඟයෙන් ජනතාව පීඩනයට පත් උනාම ඒ ජනතාවගේ චන්දෙ මංකොල්ල කන්න හිතාගෙන කම්කරුවා ගැන කිඹුල් කඳුළු හැලීමක් කියලා ඕනේ කෙනෙකුට තේරෙනවා නමුත් මිනිස්සු නොතේරුනා වගේ ඉන්නවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site