(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න)
පලාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන් තුන්දහසට යළි වැටුප් ලබාදීමේ හැකියාව ගැන නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 21) පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාව එම මැතිවරණය සඳහා දින නියම කර තිබීම නිසා මේ ගැටලුව මතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ යන මහත්වරුන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
ජානක වක්කුඹුර මහතා මෙසේද සඳහන් කළේය.
මැතිවරණ කොමිසම මැතිවරණයට දිනයක් දීලා තියෙනවා. ගැටලුව තියෙන්නේ එතන. අපි ඉන්නෙත් දෙන්න ඕන කියන මතයේ. මොකද ඒ පිරිසේ අපේ අයත් ඉන්නවා. මිනිස්සු අපෙන් ප්‍රශ්න කරනවා. ප්‍රදේශයේ දේශපාලනය කරන්නේ නැහැ කියලා දිවුරුම් ප්‍රකාශයක් අරගෙන වෙනත් ප්‍රදේශයක රාජකාරිවලට මාරු කර යැවීමටත් අවධානය යොමුවී තිබෙනවා. උපදෙස් අරගෙන පියවරක් ගන්නවා.
ඩලස් අලහප්පෙරුම මහතා:
මැතිවරණ දිනය අනන්තය දක්වා දිවෙන එකක්. අපි මූලික වැටුප ගෙවිය යුතුයි කියන තැනට සාමූහික තීන්දුවක් ගනිමු. සිංහල අවුරුද්ද උදා වෙනවා. මේ අය කොහොමද වැටුප් නැතුව ජීවත් වෙන්න.
විමල් වීරවංශ මහතා:
ඒ අය ඡන්දය ඉල්ලන කොට්ඨාසයෙන් පරිබාහිර කොට්ඨාසයකට හරි මාරු කරලා අවුරුද්දට කලින් වැටුප දෙන්න විදියක් හදන්න. නැත්නම් අපි හැමෝම මේකෙ වගඋත්තරකරුවෝ වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා:
මේ අයට පඩි ගෙවන්න කටයුතු කරන්න. ඒක සාධාරණයි. ඡන්දය තියන්න රජය සූදානමක් නැහැ.අපි කොහොමත් ඒකට අධිකරණයට යනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා;
1987 දී නාමයෝජනා දුන්නා. දීපු දීපු ජනතා විමුක්ති පෙරමුණෙන් මැරුවා. තුන්සිය ගාණක් මැරුවා. අන්තිමට 92 ට ඡන්දය කල් දැම්මා. නමුත් කැබිනට් තීන්දුවක් අරගෙන දිගටම පඩි දුන්නා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. මේ අයට පඩි දෙන්න පුළුවන්.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැටුප් ප්‍රශ්නය විසඳන්න නීතිපතිට පවරයි