IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


විජයානන්දය

ඉලුක්පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි වුවද බොහෝ දෙනා ආදරයට ඔහු අමතන්නේ විජේ අයියා කියාය. ගෙදර අය ඔහුව අමතන්නේ ‍"සුදු මල්ලි" කියාය. ඒ සුදු මල්ලී සහ විජේ අයියා කවුද කියා ඔබට අමුතුවෙන් කිව යුතු නැත. විජය නන්දසිරි නමැති මේ රංගවේදියාණන්ගේ රංගන දිවියට වසර 46ක් සපිරීම නිමිත්තෙන් සහ විජය - දේවිකා විවාහ දිවියට මෙම වසරේ  වසර 25ක් සපිරීම නිමිත්තෙන් නාට්‍ය දැක්මක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙය නම්කර ඇත්තේ ‍"විජයානන්දය" නමිනි. ශ්‍රී ලාංකීය රංග කරළිය දිග් විජය කළ විජයගේ හඬ මේ අවදිවන්නේ ඒ වෙනුවෙනි. ‍"විජයානන්දය" ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුණේ? ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාට්‍ය භූමිකා ගැන කතා කළොත්, මනමේ, සිංහබාහු, මහාසාර, කපුවා කපෝති, රත්නාවලි, නරිබෑණා, ආනන්ද ජවනිකා, ඇතුළු ප්‍රධාන නාට්‍ය 15 ක විතර රංගනයෙන් දායකවීමට අමතරව සුබ සහ යසල තාරාවෝ ඉගිලෙති,  රන්කඳ, වහලක් නැති ගෙයක්, කෝන්තරේ, සැරදේ සීතා, කකුල් හතරේ ඉලංදාරියා, ඒකාධිපති වැනි  ප්‍රවීණ නාට්‍ය වේදීන් අධ්‍යක්ෂණය කළ නාට්‍යවල ඇතුළු මෙදා පරපුරේ නාට්‍යකරුවන්ගේ නාට්‍ය-බොහොමයක මේ වන විට රඟපා තිබෙනවා. එවැනි නාට්‍යවල දහස් වාරයකට වැඩිය රඟපෑ අවස්ථා වැඩියි. මම හිතන්නේ මේ විදියට එදා පරපුරේ මෙන්ම මෙදා පරපුරේ නිර්මාණවේදීන්ගේ නිර්මාණවල මෙලෙස රඟපෑ එකම ශිල්පියා මම වෙන්නත් පුළුවන්. මෙ සියල්ලෙහි රඟපෑම උදෙසා ගෙවූ කාලය දශක පහකට ආසන්නයි. දේවිකා සහ මගේ විවාහයට වසර 25ක් පිරෙන්නේ මෙම වසරටයි. එය නිමිත්තක් කරගෙන ‍"විජයානන්දය" නාට්‍ය මාලාව පවත්වන්න තීරණය කළා. මෙම උළෙලට සම්පත් බැංකුව සහ මන්චි (සිලෝන් බිස්කට්) සමාගම අනුග්‍රහය දක්වනවා.   මොනවද මෙම උළෙලට ඇතුළත් නාට්‍ය? මාර්තු 20 වෙනිදා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ - මහාසාර, මාර්තු 21 ලලිතා සරච්චන්ද්‍රයන්ගේ කපුවා කපෝති, මාර්තු 22 මා විසින් අධ්‍යක්ෂණය කළ වෘෂභ රාජ, මාර්තු 23 මගේම කුසපබාවති, මාර්තු 24 සරත් කුලාංගගේ දෙයියොත් දන්නෙ නෑ. මාර්තු 25 රවීන්ද්‍ර ආරියරත්නගේ බල්ලොත් එක්ක බෑ, මෙම උළෙලට ඇතුළත් වෙනවා. එකී දිනවල සවස 6.30ට (දිනපතා) දර්ශන පැවැත්වෙනවා. ස්ථානය ජෝන් ද සිල්වා සමරු රඟහලයි.   මේ සියල්ල අතරේ මෙම වසරේ ඔබ චිත්‍රපට කීහිපයක් රඟපානවා නේද? සිවගුරුනාදන්ගේ (EAP) චිත්‍රපටයක සහ සිරි කුලරත්නගේ මෙන්ම ගිරිරාජ්ගේ අලුත් චිත්‍රපටයෙත් රඟපාන්න ගිවිසගෙන ඉන්නෙ. ඒ අතරේ රවීන්ද්‍ර ආරියරත්නගේ බල්ලොත් එක්ක බෑ නාට්‍ය සංදර්ශන සඳහා ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයට යාමටත් තිබෙනවා.   මෙතරම් නාට්‍ය ගොඩක රඟපෑමෙන් ඔබ ඇත්තටම ශ්‍රී ලංකාවේ වාර්තාවක් තැබූ රංග ශිල්පියෙක් නේද? සමහරවිට වෙන්න ඇති.   ගෙවූ වසර 46 ඔබට දැනෙන විදිය? එය සුළු පටු දෙයක් නම් නෙවෙයි. එදා පරපුරේ අය එක්ක රඟපෑමට අමතරව අද තරුණ පරපුරේ අය සමග රඟපාන්න ලැබීමත් පුදුම වාසනාවක්. එදා මම වේදිකාවට එනවිට ඉපදිලාවත් නැති අය අද මා එක්ක සම චරිත රඟපාන විට දැනෙන සතුට අපමණයි.   මේ නාට්‍ය ගමනේ මුල කොතැනද? එදා පාසැල් ශිෂ්‍යයෙකුව සිටි අවදියේදී තමයි අමරදාස ජයතුංග කළ ‍"වීදුරු දිව" නාට්‍යයේ රඟපෑවේ. එය රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් වුණා. ඊටපෙර පාසල් වේදිකාව මට හොඳට හුරුයි. එදා ‍"වීදුරැ දිව" නාට්‍යයේ සංගීතය සැපයුවේ දයාසේන ලියනගේ කලාකරුවා. එතුමාට අමරදාස සූරීන් මාව හඳුන්වා දුන්නා. පසුව ඒ හඳුනාගැනීම මත දයානන්ද ගුණවර්ධන ශූරීන් සහ සරච්චන්ද්‍ර සූරීන්ගේ නාට්‍යවල රඟපාන්න ලැබුණා. ධම්ම ජාගොඩ සූරීන් නිසා තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන් හඳුනා ගත්තෙ. ඒ මහා පුරුෂයන්ගෙන් ලද ආභාසය මගේ ජීවිතය හැඩ කරගන්න විශාල රුකුලක් වුණා.   මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙන් සහ දයානන්ද ගුණවර්ධනයන් වෙතින් ඔබ ලද ඉහළම දේ කුමක්ද? මනමේ කුමරු වීම මා ලද මහා පිනක්. ඒ වගේම නරිබෑනා ජසයා සහ ලෙන්චිනා නාට්‍යවල රඟපෑමට ලැබීම විශාල දෙයක්. මේ අපූරු මිනිසුන් දෙදෙනා ඇසුරු කිරීම හරියට තක්සලාවක් ඇසුරු කරනවා වගෙයි. නාට්‍ය කලාවේ දේශීය ලකුණු සමග සංගීතය. රුඟුම්ල ගැයුම්ල නර්තනය සමගින් චරිත ඉදිරිපත් කිරීමට ලැබෙන අවස්ථා හරිම විරලයි. ඒ විරල අත්දැකීම මා ලැබුවා.  මේ විදියට ජීවිතයට ලද දෑ බොහෝමයි.   දීර්ඝ කාලයක් පුරාවට නාට්‍ය වේදිකාවේ සිටින ඔබ එහි දියුණුව දකින්නෙ කොහොමද? නාට්‍ය වේදිකාව අද නැවතත් පොහොසත් වෙලා. සංස්කෘතික අමාත්‍ය සහ ගරු ජනපති එක්ව මෙහි දියුණුව උදෙසා කටයුතු කිරීම පැසසිය යුතුයි. ඒත් බොහෝවිට ගම් දනව් පුරාවට තිබෙන්නේ එදා තිබූ රංගශාලාමයි. ඒවා දියුණු නැහැ ඒ සියල්ල වැඩි දියුණු වෙනවා නම් ශ්‍රී ලංකාව පුරාවට නාට්‍ය වේදිකාව සරුසාර වේවි.   මේ විදියට නාට්‍යවල රඟපාන්න ගිහින් වෙච්ච සිදුවීමක් සිහිපත් කළොත්? 74 වසරේ නුවර කටුගස්තොට ශාලාවේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මහාසාර දර්ශනයක් සඳහා අපි නුවර ගියා. දර්ශනයට නියමිත කාලවේලාව එනතෙක් මායි ලෙස්ලි රත්නායකයි නුවර පොඩි රවුමක් ගැහුවා. අපි මාලිගාව වැඳලා පසුව හෝටලයකින් කෑම කාලා රංගශාලාවට එන කොට සෙනඟ කවුරුත් නැහැ. නාට්‍ය කණ්ඩායම බඩු පැක් කරනවා. බැලින්නම් සංවිධායක පැනලා ගිහින්. පස්සෙ මහාචාර්යතුමාගේ ගෝලයෙකු වූ උසස් නිලධාරියෙක් හිටියා. එයා අපට කොළඹ එන්න සියලු පහසුකම් සලසා දුන්නා.   ඔබ ලෝකය පුරාවටත් සංචාරය කරලා තියෙනවා නේද? රටවල් 18ක විතර සංචාරය කර තිබෙනවා. එක් වතාවක ශිෂ්‍යත්වයක් ලැබිලා රුසියාව සහ බල්ගේරියාවටත්, චෙක් රාජ්‍යයටත් යන්න ලැබුණා. මේ විදියට ගිය රටවලින් කැමතිම රට? ඔස්ට්‍රේලියාවට ගොඩාක් කැමතියි.   ආපසු හැරිලා බලද්දී අද ගෙවන ජීවිතය ඔබට දැනෙන හැටි? සතුටු විය හැකිදේ බොහොමයි. මට හොඳ බිරිඳක් ගොඩාක් ආදරේ දරුවො දෙන්නෙක් ලැබුණා. ඒ වගේම චිත්‍රපටල ටෙලි සහ වේදිකා නාට්‍ය රුසක විවිධ චරිත රඟපෑවා. විදේශ සංචාර කළා. මගේම නිර්මාණයක් කළා. ඉදිරියටත් මට ශක්තිය තියෙන කල් මම රඟපාවි. ජනතාව සතුටු කිරීම මගේ එකම අභිප්‍රායයි.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

විජයානන්දය

භාග්‍යා Monday, 15 October 2012 03:18 PM

ඔහු ඇත්තෙන්ම ඉතා අගේ ඇති පුද්ගලයෙක්. (නි)

:       0       0

අංජලී Wednesday, 09 January 2013 12:01 PM

වේදිකාවට පෑයූ හිරු ඔබයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 28 0

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 240 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක දැරියන් දෙදෙනකු ගිලි මරුට
2025 මැයි මස 13 566 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 394 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 2122 3

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


වෙසක් නරඹා එද්දී ලොරිය හැපිලා 10ක් රෝහලේ
2025 මැයි මස 13 551 1

කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1270 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1534 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site