IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


විජයකලාට එරෙහිව පියවර ගන්න’යි පොලිස්පතිට උපදෙස්

තරිඳු ජයවර්ධන
 
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්ටීටීඊ සංවිධානය ගැන ප්‍රකාශය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.
 
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තියේ ප්‍රතිපාදන අනුව කටයුතු කරන ලෙස නීතිපතිවරයා දැනුම් දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
ඒ අනුව මන්ත්‍රීවරිය අත්අඩංගුවට ගන්නවාද එසේ නැතිනම් ඇයට එරෙහිව කෙළින්ම නඩු පවරනවාද යන්න ගැන මේ වන තෙක් තීරණයක් ගෙන නැතැයි ද එම නිලධාරියා කීවේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තියේ මෙසේ දැක්වේ.

‘‘විරුද්ධත්වය ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත් කිරීම‘‘

‘‘කතා කරනු ලැබූ හෝ කියැවීමට අදහස් කරනු ලැබූ වචනයෙන් හෝ සංඥාවලින් හෝ දැකිය හැකි නිරූපනවලින් පිහිටුවනු ලැබූ ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් අවුස්වතොත් හෝ ඇවිස්සීමට තැත් කරතොත් හෝ නීතිය ක්‍රියාවෙහි යෙදවීමේදී වෛරයක්  ඇති කරවතොත් හෝ ඇති කරවීමට තැත් කරතොත් නිත්‍යනුකූල මාර්ගවලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටවනු ලැබූ යමක් වෙනස් කර වීමට රජතුමාගේ වැසියන් උනන්දු කරතොත් හෝ රජතුමාගේ වැසියන් අතර අසංතෝෂයක් හෝ විරුද්ධත්වය ඇති කරවීමට හෝ එබඳු වැසියන්ගේ වෙනස් පංති අතර සතුරුවූද, අසමගිවූද හැඟීම් වැඩි දියුණු කිරීමට තැත් කරතොත් ඔහු අවුරුදු දෙක දක්වා කාලයක් ලිහිල් බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් ලැබිය යුතුය.‘‘



අදහස් (23)

විජයකලාට එරෙහිව පියවර ගන්න’යි පොලිස්පතිට උපදෙස්

සඳුන් Friday, 07 September 2018 01:33 PM

පොලිස්පතිතුමාට මේක තේරුම් ගන්න සෑහෙන භාවනා කරන්න වෙයි. දැන් බලන්න ඕනෑ ඔය ප්‍රකාශයෙන් අර කියවෙන රජතුමාට එහෙම ප්‍රශ්නයක් ඇතිවුණාද කියලා...

:       1       229

Ravi Friday, 07 September 2018 02:03 PM

ඔව් ..! අනිවාර්යෙන්ම . .!!! හැබැයි පාර්ලිමේන්තුව වටකරලා.. පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා කිව්ව... විමල් වීරවන්සටත්.. මේ විදිහටම නීතිමය පියවරන් ගත යුතුයි .. !!! (එල්.ටී.ටී. ය නැවත නගා සිටුවීමත් සහ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම අතර මට නම් කිසිම වෙනසක් නොපෙනෙන බව ඉතා කණගාටුවෙන් සඳහන් කරමු).

:       2105       1259

anandaFriday, 07 September 2018 03:53 PM

ඒ ප්‍රකාශ දෙකේ වෙනස නොදන්න ඔබ ගැන මට දුකයි. තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වෙනුවෙන් කතාකරන ඔය අනෙක් අයත් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කලයුතුයි

:       130       1309

raviFriday, 07 September 2018 05:00 PM

ත්‍රස්තවාදය නගාසිටුවන්නෙත් රජය විනාශ කිරීමට... පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්නෙත් එ්කටම තමයි .!

:       321       188

SimiyonSaturday, 08 September 2018 12:19 AM

ඔය කියන හාදයගේ මස්සිනාත් මොකක්ද කාලා නේද?

:       2       19

Mahesh jayawickrama Friday, 07 September 2018 02:17 PM

අපි රජතුමාගේ වැසියෝ නෙමෙයි. මේක රජ කාලේ දණ්ඩ නීති සංග්‍රහයක්ද? මේ වගේ යල් පැන ගියපු නීති රාමුවකින් මේ රට පාලනය කරන නිසා තමයි නීතියේ සිදුරු අස්සෙන් වගඋත්තර කාරයෝ රින්ගන්නේ... රජ කාලේ නාටක දැන් පෙන්වන්නේ නැහැ. ඒ ඉස්සර.. මෙවැනි යල්පැනගිය නීති වගන්ති නූතන යුගයට ආවේණික පරිදි වෙනස් කර වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලබාදෙන්න. මේ කළ ප්‍රකාශයට ලිහිල් සිර දඬුවම් දීලා මදි. රටින් පිටිවහල් කළ යුතුයි තමිල්නාඩුව පැත්තට..

:       52       513

ඇල්බෝට්Friday, 07 September 2018 10:40 PM

මෙයාව විතරක් නොවෙයි...විගනේශ්වරන් වත් පිටුවහල් කරන්න ඕන.උසාවි ගිහින් අවුරුදු ගණන් නඩු කියා කියා ඉන්න ඕනි නැහැ ...මෙයාවයි,විගිනේශ්වයි අල්ලලා බෝට්ටුවක් දාලා පාකරලා යවමු ඉන්දියාව පැත්තට ...

:       0       203

sena Friday, 07 September 2018 02:26 PM

අපි රජතුමාගේ යටත් වැසියෝ නෙවෙයි, ලංකාවේ පුරවැසියන්... ඒක නිසා ඇමැතිවරිය නිදහස් කළ යුතුයි.

:       316       41

nihal Friday, 07 September 2018 09:58 PM

දිය යුතු දඩුවම රනිල් විසින් තීරණය කර පොලිස්පතිට දැනුම් දෙනු ඇත

:       20       165

ravi Friday, 07 September 2018 10:49 PM

නීතිගරුක , යුක්තිගරුක , එක්සත් .. රටක් ගොඩනැගීමේ අත්තිවාරම නම් .. අපි අපිටම අවංක වීමයි .

:       0       10

KANDEPOLA Saturday, 08 September 2018 06:07 AM

එතකොට සංහිඳියාවට අවුලක් වෙන්නේ නැති වෙයිද?

:       0       88

SK Saturday, 08 September 2018 06:42 AM

"නීත්‍යනුකූල මාර්ගවලින් නොව අන් ලෙසකින් නීතියෙන් පිහිටවනු ලැබූ යමක් වෙනස් කර වීමට රජතුමාගේ වැසියන් උනන්දු කරතොත්....... " එතකොට නීතියෙන් පිහිටවනු ලැබූ රජය නීත්‍යනුකූල නොවන මාර්ගවලින් පෙරලීම සඳහා පසුගියදා "රජතුමාගේ" වැසියන් කොළඹට දක්කාගෙන ආ අයට මේ නීතිය අදාල නැද්ද?

:       194       84

sanath Saturday, 08 September 2018 07:21 AM

විජේකලාට නීතිය අැයි මේ තරම් පරක්කු...? පීඩනය උඩ මේ කරන බොරු වැඩ. හමුදුරුවො කෙනෙක් හරි, සිංහලයෙක් හරි පොඩි දෙයක් කළා නම් හැමදේම ඉක්මන්...

:       69       230

upali Saturday, 08 September 2018 08:01 AM

උසාවියට අපහාස කළාට ඥානසාර හාමුදුරුවෝ හය මාසෙකට හිරේ යැව්වා නම්, රටටම අපහාස කරපු මෙයාට කරන්නේ මොකක්ද කියලා බලමුකෝ?

:       0       198

S.R. Saturday, 08 September 2018 08:34 AM

කවුද මේ රජතුමා කියලා හඳුන්වන්නේ? 5 වැනි ජෝර්ජ්ද?

:       0       10

BamunuarachchiSunday, 09 September 2018 09:36 AM

ජෝජ් වරුන්ගෙන් එහාට රජවරු ගැන දන්නේ නැද්ද? ඒ හා සමාන රජෙක් ලංකාවෙත් බොහොම මෑතක සිටියා.. ඔහු නිසා අද අපි බෝම්බ බිය නොමැතිව ජීවත් වෙනවා. කුහකයින්ට ඒ බව අමතකයි. කොළපාට කන්නාඩිය දාගත්තාම තණකොළවලින් එහාට දෙයක් දකින්නේ නැත.

:       34       184

Amila - A .Sunday, 09 September 2018 01:21 PM

බමුණු මහතා, ඔබතුමා ඇයි මෙතරම් සැහැසි විදිහට හා නිර්දය ලෙස භාෂාව හසුරවන්නේ? විරුද්ධ මත දැරීමේ අයිතිය අන්අයට තියෙනවා. කරුණාකර එයට ගරු කරන්න. මෙහි අවසන් පාඨයෙන් අපහාසය සිදුවෙනවා. උගතෙක් යනු අපහාස වදන් පවසන්නෙකු නොවේ. උගතා පහර දෙන්නේ උපහාසයෙනි. අපහාසයෙන් නොවේ. අපහාසයට නඩු දැමිය හැකිය. උපහාසයට නොහැකිය. ඔබතුමාගේ දේශපාලන මතයට ගරු කරමි. මාද මධ්‍යස්ථ මත දරන්නෙකි. මොනම හෝ පාටකින් බලන්නේ නැත. කරුණාකර උපහාසයෙන් විරුද්ධවාදියාට පහරදී අපවද සිනහ ගස්වන්න. ඔබතුමාද සතුටු වෙන්න.

:       6       117

BamunuarachchiMonday, 10 September 2018 06:45 AM

ස්තූතීයි අමිල.

:       0       54

V.warnakulasuriyaMonday, 10 September 2018 08:57 PM

ඉන්නවාය කියන මෑත කාලයේ රජානෝට මෑත කාලයේ මේ පිටුවේ අන්දරේ කෙනෙක්ද ඇත. රාජකීයන්ට ඇපඋපස්තාන කිරීමට අමතරව ඔහු රාජකීයන්ට රෑ නින්දෙනුත් කඩේ යන තරම් රාජකීය භක්තිවන්තයෙකි.රජාගේ නම ඇසුනත් ඔහු දහස්වරක් පිනායන බවක් දකින්නට ඇත. කිසිවෙක් රජානෝව විවේචනයට ලක් කළොත් මේ අන්දරේද නැත්නම් බුමිතෙල් වැදුන ගැරඩියෙක්ද කියා කාටත් සිතෙනු ඇත.

:       127       1

Bamunuarachchi Saturday, 08 September 2018 04:02 PM

සියල්ලටම පළමුව විජේකලාව පුනරුත්ථාපනය කළ යුතුයි.

:       1       33

Bamunuarachchi Saturday, 08 September 2018 04:24 PM

නීති පොතේ තිබෙනවා "රජතුමා වැරදි නොකරයි" කියලා ඔබ ඒ බව දන්නවාද?

:       1       22

OMG Sunday, 09 September 2018 02:41 PM

2020 වෙනකම් කාලය තියෙනවා

:       0       57

tikiri Wednesday, 12 September 2018 04:57 AM

බුදුඅම්මේ වෙජේකලා කපෝතියි !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31577 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13936 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 166 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1094 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site