IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


වංචාව ගැන හොයද්දී හතරක් රැකියාව හැර යති

(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශයේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් සිවුදෙනෙක් පසුගිය සිකුරාදා වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබූ බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම නිලධාරීන් සිවුදෙනා පෞද්ගලික අංශයේ රැකියාවට යෑමට ඉල්ලා අස්වන බව ද දැනුම් දී ඇති බව කී නිලධාරියා මහා පරිමාණ ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙද්දී නිලධාරීන් මෙසේ ඉවත්වීම ගැටලුවක් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
මෙරට ඉන්ධන ව්‍යාපාර ආරම්භ කළ විදේශ සමාගමකට සම්බන්ධ වීමට අදාල නිලධාරීන් සූදානම් වන බවත් එම සිව්දෙනාගෙන් ඇතැමුන් අදාල විදේශ සමාගමට ‘සිපොට්කෝ’ සතු වැඩි අළෙවියක් ඇති ඉන්ධන පිරවුම්හල් තෝරා දුන් නිලධාරීන් බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයෝ පවසති.
රට තුළ ඉන්ධන හිඟයක් පැවැති සමයේ කර්මාන්ත ශාලා සහ හෝටල් ඇතුළු ඉන්ධන බවුසර් ලෙස මිලදී ගත් ආයතනවලට කොමිස් මුදල් ලබාගෙන ඉන්ධන සැපයුවේ යැයි කියන නිලධාරියෙක් ද අස්වීමේ ලිපි දුන් නිලධාරීන් සිවුදෙනා අතර සිටින බව ද සේවකයෝ පවසති.  
මෙම නිලධාරීන් ඉල්ලා අස්වීමට පෙර ඔවුන්ගේ වත්කම් පිළිබඳව ආයතනික මට්ටමින් සහ වෙනත් නීති ක්‍රියාත්මක කරන ආයතනය හරහා පරීක්‍ෂණ කළ යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. 



අදහස් (9)

වංචාව ගැන හොයද්දී හතරක් රැකියාව හැර යති

ajith Sunday, 06 August 2023 05:08 PM

වර්තමාන ලෝකයේ වෙනත් රටවලට ගොස් සැඟවී සිටීමට හැකියාවක් නොමැත. ඔවුන් නැවත ලංකාවට ගෙන්වා වැරැදි කර ඇත්නම් නීතිය හමුවට ඉදිරිපත් කළයුතු වේ. ඔවුන්ගේ නාම ලේඛනය මාධ්‍ය මගින් පළකිරීමත් වැදගත්... එසේ නොවන්නට සෑම නිලධාරියකුම සොරෙකු බවට පත්වන ආකාරයේ ප්‍රචාරණය ප්‍රමාණවත් නොවේ...

:       4       115

sampath Sunday, 06 August 2023 10:20 PM

ඉල්ලා අස්වීම් දුන්නමද පරීක්ෂණ මතක් උනේ ඒ අය හොඳ වැටුපකට යයි ඕවා කරනකම් බලන් හිටපු අයටයි දඬුවම් දෙන්න ඕනේ එහෙම කරලා නම්

:       0       10

සංඛ Sunday, 06 August 2023 10:56 PM

මේවා පත්තරවල දම දම ඉන්ඩ ඕනෑ දේවල් නෙමෙයි, වංචාවක් වෙලා තියනවනන් අල්ලලා නඩු දාලා අලාභේ අය කරගෙන හිරේ දානන් ඕනෑ, හැම එකම පත්තරේ දමදම මිනිස්සුන්ට කිව්වා කියලා වැඩක් නෑ, පාඩුව අන්තිමට තෙල් ගහන මිනිහයි නොගහන මිනිහයි විඳින්න ඕනෑ, මොන විකාරයක්ද මේ?

:       0       8

kamal Sunday, 06 August 2023 11:30 PM

අඩු ඉන්ධන අලෙවියක් ඇති ඉන්ධන පිරවුම්හල් ගැනීමට ආයෝජකයෙක් මේ රටට එයිද?

:       2       3

Bamunuarachchi hu Monday, 07 August 2023 03:36 AM

අස් උනාම තවත් ලෙහෙසි පරීක්ෂණ පවත්වන්න හැබැයි රටින් පනින්න දෙන්න එපා. ඒ වගේම හොරුන්ට හොර කම් ගැන පරීක්ෂණ පවත්වන්න දෙන්නත් එපා.

:       0       5

cc Monday, 07 August 2023 10:25 AM

හොරකමට වංචාවට වැට බැඳෙන යාන්ත්‍රණයක් ,නීති පද්ධතියක් සහ ක්‍රියාත්මක ජාලයක් මෙන්ම එය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේද යන්න සොයා බැලෙන පසුවිපරම් හා ප්‍රගති විමර්ශන යාන්ත්‍රණයක් මේ රටතුළ අවංකවම ඇතිකල යුතුවේ.මෙරට දේශපාලනය ආකර්ශණීය රැකියාවක් බවට පත්කරගෙන සියළු වරප්‍රසාද ලබමින් තමන්ට තම හිතවතුන්ට නෑයන්ට හිතවත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් ප්‍රතිලාභ කෙසේහෝ ලැබෙන ප්‍රවාහයක සිටින මේ රට පාලනය කල මජර දේශපාලකයින් ගෙන් නම් අවංකවම මෙම කාර්යය ඉටුකරවා ගත නොහැකිය මේ සඳහා මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කල හැකි අදූෂිත ව්‍යාපාරයකින් නම් බලාපොරොත්තු තැබිය හැකිය.

:       0       5

K T Perera Monday, 07 August 2023 11:52 AM

රට ගිය පමණින් නිලධාරින් වැරැදි කාරයෝ නොවේ. වැරදි කරපු නිලධාරින් සේවය කරමින්ම වැරදි කරනවා. ඔය ඇමතිතුමන්ලාගෙත් වත්කම් සොයා බලන්න. එතකොට ඇස් ඇරේවි මට හිතෙන්නේ. වරදක් ඔප්පු උනාම වැරදි කාරයෝ වේවි. වංචාවට සම්බන්ධ සියලු දෙනාම අල්ලලා පෙන්වන්න.

:       0       4

දිමුත් Monday, 07 August 2023 02:29 PM

හැබැයි ඉල්ලා අස්වුනා කියලා වරදින් නිදහස් වෙන්නැහැ!

:       0       0

සිරිමෙවන් Tuesday, 08 August 2023 01:31 PM

එප්පාවල ෆොස්පේට් කර්මාන්තශාලා සිද්ධියේදී අදාල දේශපාලකයා කියා සිටියේ ....." දැන් නිලධාරියන් හොරකම් කරන්නෙ අහුවෙන්න නොවෙයි..." කියලා...! ඒක ඉතින් ඒ ගොල්ලන් පලපුරුද්දෙන් දන්නවා...! ඉතින් ගැහිල්ලට ලෝක ප්‍රසිද්ධ සිපෙටිකෝ එකේ හොරකම් එලිවෙයි කියලා කවුරුහරි හිතනවා නම් උන් පල් මෝඩයින් විය යුතුයි...! අමතක කරන්න එපා.... මේ රටේ 2015 හොරු අල්ලන්න ආපු කණ්ඩායම අන්තිමට හොරුන්ට අහුවෙලා ලොකු ගණන්වලට විකිණිලා ආණ්ඩුවත් ඒ ගොල්ලන්ට ඡන්ද නැතිවම දුන්නා....! ඉන් පස්සේ ඒ අය 2019 නැවත ඡන්දෙන් පත්වෙලා ආණ්ඩුව කරගන්න බැරිවෙනකොට ආපහු බාරදුන්නේ ඒ ගොල්ලන්ම අල්ලලා හිරේ දානවා යයි පොරොන්දු වූ මහ බැංකු හොරකමට සමිබන්ධ බවට නිල වශයෙන් චෝදනා ලත් කණ්ඩායමට...! ඉතින් මේ රටේ හොරු ඇල්ලීම යනු හීන දකින්නට කැමැති ජහමනයාට තවත් දවල් හීනයක් පමණි.....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 126 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 292 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 64 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 100 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 134 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 459 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 27 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1294 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site