IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


වගාවට යූරියා දෙන වකවානු රාජ්‍ය ඇමැති කියයි

(ඩයනා උදයංගනී)

වී වගාව සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙම මස අවසන් සතියේ සිට ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.

යූරියා පොහොර මෙටි්‍රක් ටොන් 65,000ක් සහ බණ්ඩි පොහොර මෙටි්‍රක් ටොන් 38,500ක් කඩිනමින් ගෙන්වීමට සැලසුම් කර ඇතැයි ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.

යූරියා පොහොර ඉන්දියානු ණය පහසුකම යටතේත්, බණ්ඩි පොහොර සැපයුම්කරුවකු හරහා කොමර්ෂල් පොහොර සමාගම මගිනුත් ගෙන්වීමට නියමිත අතර, ඒවා ගොවීන් වෙත සහන ක්‍රමයක් යටතේ ලබාදීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර වී වගාව සඳහා රසායනික පොහොර සමඟ කාබනික පොහොර නොමිලයේ ලබාදීම ද සිදුකරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විටත් කාබනික ඝන පොහොර මෙටි්‍රක් ටොන් 70,000ක් සහ කාබනික දියර පොහොර, ජෛව දියර පොහොර ලීටර ලක්‍ෂ 25 බැගින් ගොවීන් වෙත බෙදා දී ඇතැයි ද පැවසීය.

එමෙන්ම පසුගිය කන්නයේ වගාහානි සඳහා වන්දි ලබාදීම ද මෙම සතියේ ආරම්භ කරන බව කී ඇමතිවරයා මේ වන විටත් දිස්ත්‍රික්ක තුනක වගා හානි ගණනය කර අමාත්‍යාංශය වෙත එවා ඇතැයි ප්‍රකාශ කළේය.

 



අදහස් (4)

වගාවට යූරියා දෙන වකවානු රාජ්‍ය ඇමැති කියයි

fairoos Sunday, 08 May 2022 05:28 PM

අනේ නිකන් බොරු කියන්නැතුව ඉන්න... හෙට ඔය ඇමැතිකමත් නැතිවෙන්නයි යන්නේ..

:       2       23

siri Sunday, 08 May 2022 06:48 PM

අසා ඇති දවස් කීපයකට හරි ඇමැතිකමක් දරාගෙන ඉන්න අවස්ථාවාදී දේශපාලකයෝ...

:       2       18

Kanthi Sunday, 08 May 2022 07:07 PM

නිකං ගොන්පාට් දාන්න එපා. ගොවි මහත්තුරුන්ට වහබොන තත්වයකට පත් කරන්න එපා හරිද?

:       2       17

Hafeel Monday, 09 May 2022 09:30 AM

කියන්නෙම ටොන් ගණන් බොරු. කොහොමද වී ගොවීන්ට නොමිලයේ පොහොර දෙන්නේ? එක පුළුවන්ද? එතරම් ආර්ථිකය ශක්තිමත්ද? මුදල් ඇමති අලි සබ්රි කියන්නේ මේ මාස රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නත් මුදල් නැහැ කියල. ඉතින් කොහොමද නොමිලේ දෙන්නේ? ජනාධිපතිවරණ සමයේ ඔයාගේ ජනාධිපතිත් මෙහම තමයි පච බොරුවක් කිව්වේ ගොවීන්ට නොමිලේ පොහොර දෙනවා කියල. දැන් මුදලටත් පොහොර නැහැ. මතක නේද එදා ගේ වටකරපු එක. තවත් සාපයක් අවශ්‍යද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 623 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1032 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site