IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විගණන කොමිසමේ කාර්යාලය කෝටි 232 ක් ගිල ගනී


(විනීතා එම් ගමගේ)
               
බොරැල්ලේ පිහිටි ජාතික විගණන කොමිසමේ කාර්යාලයෙන් මෙතෙක් කිසිදු සේවාවක් සිදු නොවෙතත් එය පිහිටුවා මේ වනතුරුත් ගත වූ මාස 58ට එහි වියදම් ලෙස රුපියල් කෝටි 232 කට අධික මුදලක් ගෙවා ඇතැයි වාර්තා වේ.

ජාතික විගණන කොමිසම පිහිටවනු ලැබුයේ 2015 නොවැම්බර් මාසයේ වන අතර එම කාර්යාලයේ මාසික වියදම රුපියල් මිලියන 40කට ආසන්න වේ.

ඒ අනුව මෙම කාර්යාලයට අගෝස්තු මාසය අවසන් වනවිට රුපියල් කෝටි 232 කට අධික මුදලක් වැය වී ඇතත් එය මේ වනතුරුත් ක්‍රියාත්මක කළ නොහැකි වූයේ ජාතික විගණන සේවාව තවමත් ක්‍රියාත්මක නොවීම හේතුවෙනි.
විගණන පනත සම්මත වී මාස තුනක් ඇතුළත විගණන සේවාව පිහිටුවන බව කියා සිටියත් මේ වනතුරුත් එය කළ නොහැකිවී ඇතැයි විගණන සේවා නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව් ජේ සී තිසේරා මහතා පැවසීය.
මේ වනවිට එහි ව්‍යවස්ථාව පවා හදා අවසන් වී ඇතැයි කී තිසේරා මහතා ජනාධිපති ලේකම්වරයාගේ අනුමැතිය පවා ලැබී ඇති බවත් කැබිනට් අනුමැතිය ලබාගැනීම අපහසු නැති බවත් මේ වනවිට එය සිරවී ඇත්තේ වැටුප් කොමිසමේ බවත් පැවසීය.

විගණන කොමිසමේ නිලධාරින්ගේ වැටුප තීරණය කිරීමේ දී අදාළ ආයතනවල අදහස් ලබාගෙන ජාතික වැටුප් කොමිසම විසින් එය තීරණය කළ යුතුව ඇති අතර මේ වනතුරුත් එහි තීරණය නොලැබීම මත මෙසේ ජාතික විගණන සේවාව ස්ථාපිත කිරීම ප්‍රමාද වන්නේ යැයි කී තිසේරා මහතා මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා ලිපියක් ද යැවූ බව කියා සිටියේය.

ජාතික විගණන කොමිසම 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආරම්භ වූ කොමිෂන් සභා පහෙන් එකකි. එම පනත සම්මත වූ පසු 2015 නොවැම්බර් මාසයේ දී කොමිෂන් සභා කාර්යාලය බොරැල්ලේ පිහිටවනු ලැබූ අතර මේ වනතුරු එය අක්‍රියව පැවැතියත් නිලධාරින්  පස්දෙනෙකු ද සහිතව නඩත්තු කරනු ලබයි. 



අදහස් (5)

විගණන කොමිසමේ කාර්යාලය කෝටි 232 ක් ගිල ගනී

Demuni Uduwara Tuesday, 01 September 2020 12:34 PM

සියලු රජයේ සේවකයෙක්ම,.. ඇත්තෙන්ම ඛේදවාචකයකි.

:       0       26

Bandara Tuesday, 01 September 2020 02:18 PM

විගණන කොමිසමට අකමැති වංචාකාරයින් මිස සැබෑ රජයේ සේවකයන් නොවේ.

:       0       10

Ana Tuesday, 01 September 2020 03:17 PM

මේ දිනවල ස්වාධීන රාජ්‍ය සේවය අකර්මණ්‍ය කීරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

:       7       5

අමරපාලTuesday, 01 September 2020 06:37 PM

ජනතාව ඡන්දය දීලා තියෙන්නේ රට ජාතිය රැක ගැනීමටත්, සීඝ්‍ර සංවර්ධනයක් සඳහාත් මිසක් විගණනය කරන්න නොවේ. ඒ නිසා අපි ඇඟට පතට නොදැනී විගණන කොමිසමට පහර ගහමු. ඊට පස්සේ කොමිසම ඈවර කර, කැමති විදියට වියදම් කරමු. එය කෙතරම් සුන්දර ලොවක්ද?

:       0       0

chandana Tuesday, 08 September 2020 08:36 PM

කොහොමත් 2015දී පිහිටවපු ස්වාධීන ආයතනවල ස්වාධීනකම් දෝරෙ ගලන බව අපි දැක්කා. ඒ දෝරෙ ගැලිල්ලෙ අවුල ලිහන්නත් එක්ක තමයි 2/3 ක ඡන්දයක් ලැබුනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 484 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2229 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site