IMG-LOGO

විගණකාධිපති තනතුරට ජනාධිපති දුන් නම විසිවේ

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

විගණකාධිපති තනතුරට ජනාධිපති අනුර කුමාර දීසානායක මහතා විසින් යෝජනා කෙරුණු නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (21) ප්‍රතික්ෂේප කර ඇත

ජනාධිපතිවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂකවරයකු වන  එච්.ටී.පී චන්දන මහතාගේ නම මෙසේ යෝජනා කර තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 21 වැනිදා රැස්වූ අවස්ථාවේදී ඡන්ද විමසීමක් පවත්වා ඇත. ඒ අනුව අගමැතිනී   ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, සභානායක බිමල් රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර්  ආතම්බාවා එම නාම යෝජනාවට පක්ෂව  ඡන්දය ලබාදී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී  පෙරේරා  සහ  සිවිල් සමාජය  නියෝජනය කරන නියෝජිතයන් තිදෙනා යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදී ඇත.

එස් සිරිතරන්  මහතා   පමණක් එ් අවස්ථාවට සහභාගිවී නොසිටි  බව වාර්තා වේ.

මේ අනුව විගණකාධිපති තනතුර වෙනුවෙන් තවත් නමක් යෝජනා කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

එම නාම යෝජනාව ලැබුණු පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරි දිනවල නැවත රැස්වීමට නියමිතය.



අදහස් (11)

විගණකාධිපති තනතුරට ජනාධිපති දුන් නම විසිවේ

Wanniarachchi Thursday, 22 May 2025 01:27 PM

සිස්ටම් චේන්ජ් කරන්න ඇවිත් තියෙන සිස්ටම් එකේම ලස්සනට යනවා. ඡන්දේ දීපු උන් හෙන පව්.

:       0       1

NPP Thursday, 22 May 2025 02:21 PM

හිතාගන්න පුලුවන් ඇයි එහෙම උනේ කියල, සහභාගීවූ කට්ටියගෙ නමි. ටික දැක්කහම.

:       0       1

අරවින්ද මොණරවිල Thursday, 22 May 2025 02:21 PM

සිවිල් සමාජය නියෝජනය කරන්න, රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයන්ට අවස්ථා නොදිය යුතුයි. ඒ ඔවුන් දේශිය හා විදේශිය කුමන්ත්‍රණකාරී බලවේග වල ඉත්තන් වෙන්නට ඉඩ තිබෙන නිසා. ඒ වෙනුවට ආගමික ආයාතන හා වෘත්තීන් නියෝජනය කරන පුද්ගලයින්ට අවස්ථා දිය යුතුයි.

:       2       0

Nimal 1 Thursday, 22 May 2025 02:43 PM

ඥාති මිත්‍ර සංග්‍රහය පටන් අරන් වගෙයි

:       0       2

nipuna Thursday, 22 May 2025 03:34 PM

මෙම තනතුරට පත්කළ යුත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේම සහකාර/ නියෝජ්‍ය/ අතිරේක විගණකාධිපති ලෙස ක්‍රියාකර අත්දැකීම් ලැබූ අයයි...

:       0       23

Kamal Koyrala Thursday, 22 May 2025 04:01 PM

විගණන දෙපාර්තමේන්තුවේ පළපුරුදු සහ දිගුකාලීන සේවා කාලයක් ඇති සුදුසුකම් ලැබූ ඒ තුළින් ඉහලට යාමට දිරි දිය යුතු නොදන්න විෂයන්ට බාහිර පාර්ශව යොදා ගැනීමෙන් අවුල් ඇතිවිය හැකියි .එමෙන්ම ආයතනයේ සේවක අභිපේරණය "නැති වීම" වලක්වා ගත නොහැකි වණු ඇත.

:       1       23

Nilantha Thursday, 22 May 2025 06:54 PM

නිපුන හා කමල් ඉදිරිපත්කල අදහස් හරියටම හරි ඒ වගේම හොර ගුහාවක හිටපු කෙනෙක් ඔය තනතුරට පත්කලාම මොකද වෙන්න පුලුවන් කියල හිතාගන්න බැරුව කොහොමෙයි රටක් කරන්නෙ මෙයින් දෙපාර්තමේන්තුවෙ කොන්ද කැඩෙන නිසා ගසාකෑමට දොරටු විවෘත වෙනවා

:       0       0

ගුණරත්න Thursday, 22 May 2025 06:59 PM

දැන් මාලිමාවෝ ටික කොමිසම විසිරුවන්න ට්‍රයි කරාවි,

:       0       3

NIMAL Thursday, 22 May 2025 07:57 PM

විගණකාධිපති තනතුරට පත්විය යුතුවන්නේ එම ආයතනයේම දැනට සේවයේ නියුතු විනිවිද භාවයෙන් කටයුතු කරන්නා වූ කාර්යක්ෂම අපක්ෂපාතී තීන්දු ගතහැකි නියෝජ්‍ය විගණකාධිපති වරයෙකි..

:       0       9

Gamini Friday, 23 May 2025 06:33 AM

පැරණි කියමනක් තියෙනවා ගොනා හැරෙන හැටියෙන් මොකටද සූදානම් කියල පේනවා කියල මේත් එහෙම එකක්ද නැත්නම් ?????????

:       0       2

Bunny Preena Friday, 23 May 2025 09:06 AM

ජනාධිපතිතුමා රටේ නායකයා හැටියට මීට පෙර හිටපු ජනාධිපතිවරු කළ වැරදි වැඩ නොකර ඉන්නවා නම් හොඳයි. අවවාදයට වඩා ආදර්ශය උතුම්ය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 20 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 460 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 238 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site